කොවිඩ් නිසා අහිමිවූ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය තුනෙන් දෙකක යෝජනාවක්ද සම්මත කොට වසර දෙකකින් දීර්ඝ කළයුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ කල්තැබීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ඒ බව සඳහන් කළාය.
“මේක ග්ලෝබල් ක්‍රයිසීස් (ගෝලීය අර්බුද) එකක්. හැමෝම එකතුවෙලා එක හා සමානව වැඩ කරලා අපි ජනාධිපතිතුමාට පිහිට වෙන්න ඕනේ. ගරු ජනාධිපතිතුමාට ඇත්තටම අවුරුදු 2ක් නැති වුණා. මම මේ පාර්ලිමේන්තුවේ අද යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තුනෙන් දෙකක බලයක් අරගෙන එතුමාට නැවතත් මේ නැතිවුණු අවුරුදු 2ක ලබා දෙන්න ඕනේ. අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා.”