බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

හතර අතේ යන මඩ අතරේ අස්වෙන්න හේතුව ඉරාජ්ම කියයි!

by editor
අගෝස්තු 27, 2021
in කලා
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ තනතුරක් දරමින් සිට හදිසියේ ම එයින් ඉල්ලා අස් වූ බව ප්‍රසිද්ධ පුවතක් බවට පත් ව තිබේ. ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලද මෙම තනතුරෙන් ඉවත් වීමට ආසන්නත ම හේතුව යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිදු කරන පහර දිමක් බවට ද ප්‍රචාරයක් පවතී. එවැනි පහර දීමක් තමා සිදු නොකළ බවට යෝෂිත මහතා විසින් කරන ලද ප්‍රකාශයක් ද මාධ්‍ය ජාල හරහා සැරිසරමින් පවතී. තැන තැන කතා පසෙක ලා අපි මේ ගැන ඉරාජ්ගෙන් ම විමසුවෙමි.

“මාධ්‍ය හරහා දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් කියන කතා සම්පූර්ණ බොරු. මට කවුරුත් කිසිම පහර දීමක් කළේ නැහැ. කොවිඩ් වසංගත තත්ත්වය නිසා බොහොම පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා. ඒ අතරේ මගේ අලුත් වැඩ කිහිපයක් සමාජගත කරන්න මම කටයුතු කරගෙන යනවා.”
ඉරාජ් කීවේ ය.

තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු පැවසූවේ, තමාගේ පෞද්ගලික හේතුවක් මත නාමල් රාජපක්ෂ ඇමතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන් බවයි. එසේ වුවත් ජාතික තරුණ සේවා සභාවේ තමා ආරම්භ කළ වැඩපිළිවෙළ ඇමතිවරයාගේ අනුදැනුම ඇතිව දිගටම ක්‍රියාත්මක කරන බව ද ඉරාජ් කීවේ ය.

“අපේ රටේ අලුත් නිර්මාණ එළිදක්වන තරුණයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයව හඳුනාගෙන, ඔවුන්ගේ නව නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට හෝ ඒවායින් රටට ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන තත්ත්වයට ඒවා දියුණු කරන්න මං ඒ වෙනුවෙන් ම වෙබ් පිටුවක් හදලා ඒ අය ට ලියාපදිංචි වෙන්න ඉඩ සැලැස්සුවා. මේ වෙද්දි නව නිර්මාණකරුවෝ, නව නිෂ්පාදකයින් දහසකට ආසන්න පිරිසක් ඒකේ ලියාපදිංචි වෙලා ඉන්නවා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

තරුණ සේවා සභාවේ පුටුවක වාඩිවෙලා, තනතුරක් දරමින් ඔය වැඩේ කරනවාට වඩා මගේ තියෙන ජාලගත සම්බන්ධතා එක්ක ලොකු පරාසයකට මේ තරුණයින්ට අවස්ථා ගොඩනගන්න මට හැකියාව තියෙනවා. ඒ නිර්මාණ වැඩිදියුණු කර ව්‍යාප්ත කිරීම සඳහා මුදල් අවශ්‍ය අයට මම පෞද්ගලික ආයතන එක්ක කතා කරලා මුදල් ලබා දීමටත් වැඩපිළිවෙළක් හදලයි තියෙන්නේ. වසංගත තත්ත්වය පහව ගියාට පස්සේ නාමල් ඇමතිතුමා එක්ක එකතුවෙලා ගම් මට්ටමෙන් ගිහින් සොයා බලලා මේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් පරාසයකට ගෙනයන්න මං කටයුතු කරනවා. මේ ගැන ඇමතිතුමා එක්ක කතා බහ කරලා තමයි මං එතුමාට ඉල්ලා අස්වීම ලබා දුන්නේ.

නවීණ තාක්ෂණය භාවිතයෙන් රටේ සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයක් සිදු කිරීම සඳහා එතුමාට ලොකු වැඩපිළිවෙළක් තියෙනවා. මගේ තාක්ෂණික දැනුම හා සමාජ ජාල සබඳතා එතුමාට ඒ සඳහා බෙහෙවින් උපකාර වේවි. මම එතුමාගේ ඉදිරි කටයුතුවලට සහාය වෙනවා. රට වෙනුවෙන්, තරුණයින් වෙනුවෙන් යමක් කරන්න මට තනතුරු අවශ්‍ය නැති බව මම තේරුම් ගත්තා. අනික මම ඒ දැරූ තනතුරට කිසිම මුදලක්, වැටුපක් අරගෙන නෑ. මම තනතුරක් දැරුවා, වැඩ කළා විතරයි. මම මුදල් බලාගෙන තනතුර දැරුවේ නෑ.

හැබැයි රාජ්‍ය ආයතන එක්ක වැඩ කරද්දි මම දැක්ක දෙයක් තමයි බොහෝ සේවකයින් හා නිළධාරීන් හරි ම කම්මැළියි. මේ හැම ක්ෂේත්‍රයකට ම වැඩ කරන්න පුළුවන් තරුණ පිරිසක් එකතු වෙන්න ඕනේ. සාම්ප්‍රදායික ව මුල් බැසගෙන තියෙන පොතට වැඩ කිරීමේ ක්‍රමය වෙනුවට අලුත් තාක්ෂණය යොදාගෙන හැම ක්ෂේත්‍රයක් ම ඉතා ඉක්මනින් කාර්යක්ෂම කළ යුතුයි. තාක්ෂණයත් එක්ක වැඩ කරද්දි කාලය අසීමිත ව යොදාගන්න පුළුවන් නිසා වැඩවල ප්‍රමාදයන් වළක්වා ගන්න පුළුවන්. ඉදිරියේදී මේ දේවල් වෙනස් වේවි. මට දේශපාලනවත්, තනතුරුවත් වැඩක් නෑ. මට අවශ්‍ය රට වෙනුවෙන් යහපත් දෙයක් කරන්නයි.”

ඉරාජ් කීවේ එලෙසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවා ද නැද්ද?. තීන්දුව අද

Next Post

ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක වැළඳෙන රෝග ලක්ෂණ නැති හෘදයාබාධ මාරකයක්… විශේෂඥ වෛද්‍ය  ගෝඨාභය රණසිංහ හෙළි කරයි…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.