සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

“මැණිකේ මගේ හිතේ“ අහම්බෙන් හදිසියේ කළ නිර්මාණයක්…

අමිතාබ් වශී කරපු, කෝටි හතරක් බලපු සිංදුව ගැන යොහානි සිල්වා කියූ කතාව

by editor
අගෝස්තු 22, 2021
in කලා
Share on FacebookShare on Twitter

දිනේෂ් විතාන –

ඇය යොහානි සිල්වා.  මේ යුවතිය සම්බන්ධව අද කුහක කමක් නැති සියලුම ලාංකිකයන් කතා කරන්නෙ ආඩම්බරයෙන්.  ඇය අසල්වැසි ඉන්දියාව කුල්මත් කළ අපේ යොවුන් ගායිකාව.  ඇයගේ මැණිකේ මගේ හිතේ ගීතය විවිධ වර්ණයන්ගෙන් දැන් අන්තර්ජාලයේ රැළි පිට රැළි නගනවා. අමිතබ්භච්චන්  ඇයගේ ගීතය මෝහනය වුනු රසිකයෙක්.

කොළඹ විශාඛා විද්‍යාලයීය ආදිශිෂ්‍යාවක් මෙන්ම එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ දි  කළමනාකරණය පිළිබඳ උපාධියක් හා පශ්චාත් උපාධියක් සහිතව සිවිඥානිකව සංගීත ක්ෂේත්‍රයට පිළිපන් ඇය අප කවුරුත් එක හෙළා ගරු කරන ගෞරවනීය හමුදා නායකයෙක් වූ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ දියණිය.

ඉන්දියාවේ රැළි සරැළි නන්වන කෝටි හතරක් බැලූ මැණිකේ ගීතය සම්බන්ධව යොහානි දිවයින මීවිත සමග කළ පිළිසඳරක  සංක්ෂිප්ත සංස්කරණයක් ලංකාසර වෙනුවෙන් අප උපුටා ගත්තා.

ගීතය අහලම සංවාදයට යමු….

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මැණිකේ මගේ හිතේ “ ගීත හැදුනෙ කොහොම ද ?.  අපි යොහානිගෙන් මුලින්ම ඇහුවෙ එහෙම.

මේ ගීතය අහපු සැනින්ම මම  කැමති වුනු ගීතයක්. චමත් සංගීත්ගේ තනු කොහොමත් හිතට දැනෙන ඒවා. ඔහු මම සංගීත ගමන පටන් ගත් මුල් කාලයේ ඉඳන් මට උදව් කරල තියෙන කෙනෙක් සහ හොඳ මිත්‍රයෙක්.

මම දවසක් මෙම ගීතයේ කොටසක් TikTok එකේ ගායනා කළා. චමත් ඒක දැකල මට කිව්වා ස්ටුඩියෝ එකට ඇවිත් මේකේ Official Cover එක කරමු කියල.

ඉතින් මං ගියා.  එතනට සතීශාන්නුත් වීඩියෝ කිරීමට පිරසකුත් ඇවිත් හිටියා. චමත් කිව්වා වැඩිය හිතන්න දෙයක් නෑ , සින්දුව කියන්න… ඒ ගමන් අපි වීඩියෝ කරන්නම් කියල.  ඔන්න ඔහොම අහම්බෙන් තමයි අපි මේ නිර්මාණය කළේ.

ඒත් මේ වෙනකොට මේ ගීතය හිතාගන්න බැරි තරමට ජනප්‍රිය වෙලා. ඇය ඒ ගැන කියන්නෙ මේ විදිහට.

ඔව්, ඇත්තටම මේ ගීතයට නොහිතපු ආකාරයෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් සංගීත නිර්මාතෘ චමත්ටත් , මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කල සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටිපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ. මෙහි මුල් ගායනය කළේ සතීශාන්, දුලාන් සහ ARX. නිර්මාතෘ චමත් සංගීත්.

මේ වනවිට මේ ගීතය යූ ටියුබ් වීව්ස් කෝටි හතරක් පැනලා. අප ඇයට කිව්වම ඇය උත්තර දුන්නෙ කලබලයකින් තොරව.

ඇත්තටම විවුස් ගැන නම් මම එච්චර හිතන්නේ නෑ. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න සහ හොඳ නිර්මාණයක් කරන්න. එහෙම කරන සමහර නිර්මාණ රස විඳින්නේ ටික දෙනෙක් වුනත් ගැටලුවක් නැති නිසා විවුස් ගැන නම් මම එච්චර හිතන්නේ නෑ.

දැන් අමිතාබ්භච්ඡන් පවා ට්විටර් ගිනුමේ මේ ගීතටය සුබ පැතුම් පණිවිඩයක් එවලා තිබුණා නේද?. කොහොමද අමිතාභ්  ඔබේ රසිකයෙක් වීම දැනෙන්නේ…

 ඒක නම්   මගේ සංගීත දිවියේ විතරක් නෙමෙයි. මගේ ජීවිතයෙම විශේෂ සංධිස්ථානයක් කියල හිතනවා. ඔහු වැනි විශ්ව කීර්තිමත් රංගන ශිල්පයෙක් රසවිඳින බව දැන ගන්න ලැබුණු එකම විශ්වාස කළ නොහැකි මහා විශාල දෙයක්.

එම ආරංචිය දැනගත්තු ගමන් මොකද ඔබට හිතුණෙ.

 මම සාමාන්‍යයෙන් දුරකථනය ලඟින් තියාගන්නේ නෑ. ගොඩක් වෙලාවට ඉන්නේ  ස්ටුඩියෝ එකේ. පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමෙන් තමයි කතා කරලා කිව්වේ මෙහෙම දෙයක් වෙලා කියලා. මම හිතුවෙ විහිලුවට කියනවා කියලා. ඉතින් මම පණිවිඩය දැක්කේ ටිකක් පරක්කු වෙලා. එතකොට ගොඩ දෙනෙක් කතා කරලා සුබ පතල එහෙම තිබුණා. ඒ මොහොතේ හිතුන දේවල් විස්තර කරන්න නම් මට තේරෙන්නේ නෑ

මේ ගීතය රූප රචනය ගැනත් කතා කරමු ද?

Pasindu Kaushalya පසිඳු කෞශල්‍ය තමයි  වීඩියෝ එක කලේ. මේක දවසකින් වගේ කරලා අවසන් කරපු වැඩක්.  . ඔහූ ඉතා දක්ෂයෙක්.

තාත්තා මේ ගීතය ගැන මොනවද කිව්වෙ.

නැරඹුවා. කීප වතාවක්ම. ඔහු එහෙම ප්රතිචාර දක්වන හෝ කතා බහ කරන කෙනෙක් නෙමේයි. නමුත් මම දන්නවා ඔහු මේ ගැන ආඩම්බර වෙන බව නම් දන්නවා. තාත්තා හැම තිස්සෙම හැම වැඩකටම දිරි ගන්වනවා. තාත්තගේ රිං ටෝන් එකත් මගේ සින්දුවක්.

අලුත් වැඩකට ඔබ ලෑස්ති වෙනව ද?.

 ඔව්.  සැප්තැම්බර් 17 මගේ අලුත් නිර්මාණයක් එලි දැක්වෙනවා. ඒක අපි සෑහෙන මහන්සි වුනු වැඩක්. මගෙ   ගීත 12 මේ වනවිට අවසන් කරලා තියෙන්නේ. ලබන අවුරුද්දේ covid තත්වේ ඉවර වුනු ගමන් සජීවී ප්‍රසංගයක් සමග එළි දක්වන්න සැලසුම් කරලා තියෙන්නේ.

( ඉරිදා දිවයින මීවිත අතිරේකයෙන් උපුටාගෙන සංස්කරණය කර පළ කෙරනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 183යි..

Next Post

නැව් දෙකක් ආවත් මෙහෙම ගියොත් ඔක්සිජන් දින හතකට පමණයි

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.