බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

by editor
ජනවාරි 20, 2026
in කලා
Share on FacebookShare on Twitter

ඇන්ටන් චෙකොව්ගේ 166 වන ජන්ම දින සංවත්සරය (2026 ජනවාරි 29) සහ චෙකොව් සන්ධ්‍යාව නිර්මාතෘ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ 88 වන ජන්මදිනය (2026 ජනවාරි 28) එකට සැමරීම සඳහා සුනන්දයන් විසින් සන්නිවේදනාත්මක රංග අධ්‍යනයක් ලෙස නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ චෙකොව් සධ්‍යාව නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස 2026 ජනවාරි 29 වන දින බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් රංග ශාලාවේදී පස්වරු 3.30ට සහ 6.30ට රංගගත වේ.

වෙකෝව් සන්ධ්‍යාව නාට්‍ය කෘතියේ නව මුද්‍රණය ද සරසවි ප්‍රකාශනයක් ලෙස මෙදින එලි දැක්වීමට නියමිතය.

චෙකොව් සහ ඔහුගේ රංග කළමනාකරු අතර සිදුවන සංවාදයක් මධ්‍යස්ථ කරගනිමින්, චෙකොව්ගේ ප්‍රකට හා අප්‍රකට කෙටි නාට්‍ය කිහිපයක් එකම වේදිකාවක රංගගත කිරීම මෙම නිර්මාණයේ සුවිශේෂී රංග පටිපාටියයි. එම කෙටි නාට්‍ය කිහිපයට ‘ දුම්කොළ’ (On Harmful Effects of Tobacco), “ කුරිරු විහිළුවක්”  (based on ‘Nincompoop’ short story), ගමේ ගිම්හානය’ (A Summer in Country), ‘දායාදය’ (The Proposal), සහ ‘හංස ගීතය’ (Swan Song) ඇතුළත් වේ.

රවිඳු මහේන්ද්‍ර, ප්‍රසන්නජිත් අබේසූරිය, වසන්ත මොරගොඩ, සෙනෙවිරත්න රුද්‍රිගු, ජයනි සරත් චන්ද්‍ර, ඉන්දික ජයසිංහ සහ අජිත් සිරිමාන්න රංගනයෙන් දායක වෙති. සංගීතය ගයාන් ගණකධාරගෙනි. වෙස් නිමැවුම ජගත් පද්මසිරිගෙනි. වසර 33 කට පසුව රංගගත වන චෙකෝව් සන්ධ්‍යාව නව නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රවිඳු මහේන්ද්‍ර විසිනි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මුල් අධ්‍යක්ෂණය

චෙකොව් සන්ධ්‍යාව මුල් අධ්‍යක්ෂණය ප්‍රථම වරට රංගගත වූයේ 1991 නොවැම්බර් 2 වන දින කොළඹ සෝවියට් සංස්කෘතික මන්දිර නෘත්‍ය ශාලාවේදී ය. නාට්‍ය කලා හා රංගාවබෝධ උසස් පාඨමාලාවේ සිසුන් සහ ගුරුවරුන්ගේ ප්‍රයත්නයක් ලෙස මෙම කෘතියද නාට්‍යය ද එදින එළි දැක්විණ. නව නිෂ්පාදනයට රංගනයෙන් දායක වන රවිඳු මහේන්ද්‍ර, වසන්ත මොරගොඩ, සෙනෙවිරත්න රුද්‍රිගු සහ අජිත් සිරිමාන්න මුල් නිෂ්පාදනයටද රංගනයෙන් දායක වූ පාඨමාලා සිසුහු වෙති. ජගත් පද්මසිරි නව නිෂ්පාදනයේ සේම මුල් නිෂ්පාදනයේ ද වෙස් ගැන්වුමට දායක විය.

මුල් නිෂ්පාදනයට දායක වී මෙලොව හැරගිය සුනන්ද උපුල් ශාන්ත, ශාස්ත්‍රී මල්ලව ආරච්චි සහ නලින් ප්‍රදීප් උඩුවෙල රංග දායකයින් ගෞරවාදරයෙන් සිහිපත් කෙරේ.

මුල් කෘතියේ දුම්කොළ ‘, ‘ගමේ ගිම්හානය’, ‘කුරිරු විහිළුව’ සහ ‘මංගල සාදය’ යන කෙටි නාට්‍ය මුල් කෘතිය සදහාම ඉංග්‍රීසි බසින් සිංහලට පෙරලනු ලැබුවේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසිනි. චෙකොව්ගේ The Proposal සහ Swan Song අවසර සහිතව උපුටා ගත් අන්සතු පරිවර්තන වන හෙයින් නව නිෂ්පාදනය සඳහා රවිඳු මහේන්ද්‍ර විසින් නව පරිවර්තන සිදු කරන ලදි.

වෙකොව්ගේ The Proposal රුසියානු මුල් කෘතිය සහ විවිධ ඉංග්‍රීසි පරිවර්තන ආශ්‍රය භූමිකොට ගෙන නව නිෂ්පාදනය සදහා ‘දායාදය යනුවෙන් අනුවර්තනය විය. Swan Song කෘතිය පාදක කොටගෙන “හංස ගීතය” නව අනුවර්තනය ද සිදු විය.

 චෙකෝව් සධ්‍යාව පිළිබඳ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ මතක සටහන්  

මහා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මා ලද එක් කාර්ය භාරයක් වූයේ ජාතික තරුණ සේවා සභාවේ රංග කලා පාඨමාලාවක් ආරම්භ කිරීමයි. මේ වන විට (1986 වැනි කාලයකදී) මා තුළ ඇන්ටන් චෙකොව් නම් වූ රංග නිර්මාතෘවරයා පිළිබඳ නිර්මාණාත්මක සන්නිවේදන පරිඥානයක් පාඨමාලාවට සහභාගි වූ අයට ලබාදීමයි.

මම ඒ සම්බන්ධයෙන් එවකට ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමකින් යුතුව කල් ගත කළ රංග කලාවේදීන් හා වියතුන් සමග සාකච්ඡා පැවැත්වූයෙමි. එහි ප්‍රතිඵලයක් වූයේ මා අතින් ඇන්ටන් චෙකොව් නම් වූ නිර්මාතෘවරයාගේ රංග අපදානයන් (Profile of the playwright) හා මුසු වූ ඔහුගේ චෙකොව් සන්ධ්‍යාව රංග නිර්මාණ කිහිපයක් තෝරා රංග ගත කිරීමයි.

මේ කාර්යය කෙසේවත් පහසු නොවන බව මට පැහැදිලි වූ නමුත් කිසියම් වෑයමකින් යුක්ත වූ සමූහ කාර්යක් ලෙසත්, රංග අභ්‍යාසයක් ලෙසත්, රංග කාර්යයෙහි අත්හදා බැලීමක් ලෙසත් චෙකොව් සන්ධ්‍යාව කෙමෙන් නිමාවට පත්විය. මගේ අපේක්ෂිත අරමුණු තරමක් හෝ දුරට කෙමෙන් දිගුවන බවක් ද මට පෙනිණ. ඒ වූ කලි එක් වතාවක් ඇන්ටන් චෙකොව් ශ්‍රී ලංකාවට පැමිණි බව සටහන් වී තිබීමත්, ඒ සිද්ධිය මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පොතක් වශයෙන් බිහිකොට ඊට චෙකෝව් දුටු ලංකාව යන්න යොදා තිබූ බවත් දැනගැනීමයි. අපි ඒ සිද්ධිය ද අප රංග කාර්යයට අන්තර්ගත කිරීමට අවධානය යොමු කළෙමු.

නව නිශ්පාදකගේ අදහස

ඇන්ටන් චෙකෝව්ගේ The Poposal නාට්‍ය කෘතිය බොහෝ සිංහල අනුවාද වලට හැරුණු නිර්මාණයකි. මෙම නිර්මාණය මුල් රුසියානු බසින් හා ඉංග්‍රීසි අනුවාද කිහිපයකින් හදාරා නව අනුවර්තනය සිදු කළ රවිඳු මහේන්ද්‍ර පවසන්නේ මෙවැන්නකි.

මෙහිදී දායාදය පිටපත් ප්‍රස්තුතයේ ඉංග්‍රීසි පරිවර්තකයන්ට මගහැරුණු යමක් සඳහන් කිරීම වැදගත්. රසියානු බසින් පිරිනැමීම යන තේරුම ඇති නාට්‍ය පිටපත’ යෝජනාව’ යන අදහස ඇතිව ඉංග්‍රීසි බසට පෙරලී ඇති බවත්, පරිවර්තන හා අනුවර්තන කිහිපයක්ම සිදුවී ඇති බවත් දක්නට ලැබෙන කරුණක්, ඉංග්‍රීසි බසින් මෙය ‘මංගල යෝජනාවක් ලෙසද විටෙක නම් වී තිබෙනවා. මා දන්නා විදිහට මෙම පිටපත මුලින්ම සිංහල බසට අනුවර්තනය වී ඇත්තේ ‘මගුල් ප්‍රස්ථාව ලෙසයි. එය එක් ඉංග්‍රීසි පරිවර්තනයකින් බිහි වූ අනුවර්තන කෘතියක් බව රුසියානු මුල් කෘතිය පරිශීලනය කල පසුවයි මා හට වැටහුණේ.

ඇලෙක්ස් ගුණසේකරයන් සිය ‘ මගුල් ප්‍රස්ථාව‍ අනුවර්තනය සඳහා මුල් කෘතියෙ එන තුවක්කු බල්ලන් දෙදෙන වෙනුවට ගොනුන් දෙදෙනෙකු යොදාගෙන ඇති බවක්ද දක්නට තිබෙනවා. එයට හේතුව එකල කරත්ත රේස් ලක්බිම මධ්‍යම පන්තික ගැමි සංස්කෘතික අංගයක් වී තිබූ නිසා විය යුතුයි. මුල් කෘතියේ කුරුළු දඩයමට උපකාරි වෙන තුවක්කු බල්ලන් දෙදෙනාගේ නම් උගදායි ‘ හා ‘ඔත්කසයි’ ලෙසින් චෙකෝව් නම් කර ඇත්තේ හේතුවක් ඇතිව බව මට වැටහුණේ එම රැසියානු නම් දෙකෙහි පදරැත් පසිඳලූ පසුවයි.

එක බල්ලෙකු ගේ නමේ අදහස යෙදෙන්නේ ‘වරෙන්” ලෙස වන අතර අනිකා ‘පලයන්” ලෙසින්. දායාදය මුලු කෘතිය පුරාම දිවෙන්නේ එනු හා යනු යන තේමාව බව එය ඕනෑම බසකින් කියවන කෙනෙකුට වැටහෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙහි මංගල යෝජනාව අදහස ඇතිව ඉංගිරිසි බසින් ලියැවුණ එක් පරිවර්තනයක බල්ලන් දෙදෙන ‘ගෙස් හා ‘ස්කුවිසර් වන අතර තව එකක ‘ට්‍රයර්’ හා ‘ෆ්ලයර්’ කියා භවිතා කර තිබෙනවා. එහෙත් බොහෝ පරිවර්තන වල නතාලියා, ලොමොව් හා වුබු කොව් යන චරිත ත්‍රිත්වය වෙනස් වී ඇති බව දකින්නට ලැබෙන අවස්ථාව විරලයි.

එබැවින් ඇලෙක්ස් ගුණසේකරයන්ගේ මගුල් ප්‍රස්ථාව විරළ ගනයේ අනුවර්තනක් ලෙස සැලකිය හැකියි. ඔහු කිසිදු පැකිලීමකින් තොරව ඉංග්‍රිසි පරිවර්තනයේ එන සියලුම නම්ගම් මෙන්ම සංස්කෘතික අංගද වෙනස් කර තිබෙනවා.

පුර්ණ අනුවර්තනයකට පත්වී ඇති ගුණසේකරයන් ගේ පිටපත සඳහා ඔහු භාවිතා කර ඇත්තේ දකුණු පලාත් වහරට සමාන වහරක්. සමහර විට එයට හේතු වන්නට ඇත්තේ චෙකොව් ශ්‍රි ලංකාවේ දකුණු පලාතට වැඩි ඇල්මක් දැක්වු නිසාත්, වෙකෝගෙන ආහාසය  ලැබූවා යැයි සැළනෙ මාටින් වික්‍රමසිංහයන් දකුණෙන් බිහිවු කෙනෙකු වීමත් යන කරුණු විය හැකියි.

චෙකොව් රුසියානු බසින් ලියු පිරිනැමීම යන ඒකාකංකික කෙටි නාට්‍යය ලොව පුරා විවිධ බස් වලට පෙරලී අනුවර්ථනය වී ඇති ආකාරය  පුදුම සහගතයි.

ඔහුගේ මුල් කෘතිය ද එහි ඉංග්‍රීසි පරිවර්තනද පරිශීලනය කර නව අනුවාදයක් ලෙසයි ‘දායාදය’ නැමැති පිටපත සකසාලුයේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2016-01-01 දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරීන්ට දායක විශ්‍රාම වැටුප වෙනුවට නිශ්චිත විශ්‍රාම වැටුපක් හිමි වෙයි!

Next Post

පෞද්ගලික අංශයේ වැටුප්  වැඩිවෙයි… අවම වැටුප රුපියල් 30,000යි…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025
colombo
කලා

දශක තුනක් කැප කළ ශාස්ත්‍රීය පර්යේෂණයක අග්‍ර ඵලය – කොළොම්පුර රාජධානිය…

සැප්තැම්බර් 28, 2025 - Updated on ඔක්තෝබර් 4, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.