fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මහේල නොදන්න ගැහිලි

වසර 2ක් ago
in කොලම
439 4
0
Share on FacebookShare on Twitter

සුරත් ද මැල් –

මහේල කියලා ක්‍රිකට් ගහපු කොට කලු හාදයෙක් හිටියා කියලා සමහරුන්ට මතක ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම අංක එකට ගෙනිහින්, ලෝක කුසලානයේ අවසානයටම ගෙනිහින්, රටට ගෞරවය ගෙනාපු අසාර්ථක නායකයෙක් එයා.

ජාත්‍යන්තර විචාරකයෝ නම් කියනවා මෙයා තමයි ලංකාවෙන් බිහිවෙච්චි විශිෂ්ටතම නායකයා කියලා. ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. ඒ කතාව ඇත්ත නම් මිනිහා රටේ ජනාධිපති වෙලා ඉන්න එපැයි. මේ බොරු පිම්බිලි හින්දා එයා හරී පණ්ඩිතයි. හිතන් ඉන්නේ ක්‍රිකට් සම්බන්ධ ඕන ගැහිල්ලක් එයා දන්නවා කියලා.

ක්‍රිකට් සම්බන්ධයෙන් ගැසිල්ලට දක්ෂයින් තව කොතෙකුත් ඉන්න බව මහේල දන්නෙ නෑ. ඒ අයට මහේල වගේ නාලන්දාව වැනි ලොකු ඉස්කෝලවලට ගියේ නැති හින්දා අත දෙන්න කෙනෙක් හිටියෙ නෑ. එස්. එස්. සී. වගේ ක්ලබ් වලට ගහපු නැති හින්දා ශ්‍රී ලංකා ටීම් එකට ගහන්න බැරි වුනා. ඒ වුනාට කවදා හරි ශ්‍රී ලංකාවට ගහනවා කියන අධිෂ්ඨානය මේ ගොල්ලලොත් හිතින් අත් හැරියේ නෑ.

දැන් මහේල ක්‍රිකට් ගහලා ලෝක වාර්තා තියලා විශ්‍රාමත් ගිහිල්ලා. ඒත් එදා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට වරම් නොලද මේ ක්‍රීඩකයෝ තාමත් ලංකාවට ගහනවා. රිදෙන්නම ගහනවා. ලංකාවටම ගහලා ලෝක වාර්තාත් තියනවා.

මහේල දන්න ක්‍රීඩාවේ ගැහිල්ල හතරේ සීමාවෙන් ඉවර වෙනවා. ඒත් මේ ක්‍රීඩකයෝ දන්නවා එතැනින් එහාට ගහලා තමයි හොදටම රැස් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා ඒ ගොල්ලෝ ස්ටේඩියම් පිටින් ගහනවා.

ලංකාවට ආපු එංගන්තෙ කණ්ඩායමට උපදෙස් දීලා වරක් මහේල ද්‍රෝහියෙක් වුනා. ඒත් ක්‍රිකට් නොගහන චීනෙට රට පිටින් දුන්නම වීරයෙක් වෙන්න පුලුවන් කියලා මහේල දන්නෙ නෑ. අපි එහෙමයි අලුත් රටවලට ක්‍රිකට් ප්‍රමෝට් කරන්නේ. තව ටික කාලෙකින් චීන ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන්නත් අපේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා. මහේලලට බැරි වුනානේ ක්‍රීඩාව මේ විදියට ජාත්‍යන්තරේට ගෙනියන්න. අපරාදෙ හිටියනම් මහේලට චීන ටීම් එකෙත් කැප්ටන් වෙන්න තිබුණා.

දැන් මහේල මොකද කරන්නේ? ලෝකේ තියෙන පෝසත්ම ක්‍රිකට් ක්ලබ් එක වෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙලා කුසලාන පිට කුසලාන දිනමින් වසරකට කෝටි ගණන් උපයනවා. එයා අන්තර්ජාතික වුනාට ලංකාවේ හැම ක්‍රීඩකයටම එහෙම වෙන්න බෑනෙ. එතකොට ඒ ක්‍රීඩකයෝ හම්බු කරන්නේ ගමේ ගරවුන්ඩ් එකෙන් ගහලා. මොකෝ මේ මිනිස්සු ඉන්දියාවේ ගිහින් ස්ටේඩියම් හදන්නයැ.

දැන් මහේල කියයි ඕන නම් ඉතිං යාපනේ ග්‍රවුන්ඩ් එකක් හදන්න තිබ්බනේ කියලා. ඒ වගේද ගමේම ඉදන් ඉන්ටර්නැෂනල් ගේම් ගහද්දී. අනික හොදම ගැසිල්ල තෝරන තරගය ආවම යාපනේ එවුන් චන්දෙ දෙන්නෙත් නෑනේ.

මහේල, ඔයාට මේ ගැහිල්ල ගැන තේරෙන්නෙ නෑ. ලංකාව ලෝකේ ඉහළම තැනට ගෙනිහිල්ලා ඔයාගෙ හොදම ප්‍රතිවාදියා වුණු සංගාට නායකකම දීලා අයින් වුණු කෙනානෙ ඔයා. මේ සෙල්ලමේදී නම් නායක කම බාර දෙන්නේ ළමයින්ට. බැරිම වුනොත් විතරක් සහෝදරයෙක්ට.

ඒ හින්දා මහේල, ප්ලීස් නොදන්න දේවල් කතා නොකර ඉන්නවද?

Join @lankasara on Telegram Channel
Previous Post

අස්කරන්න දෙයක් නෑ… ශ්‍රී.ල.නි.ප. යෙන් නිල වශයෙන් ඉවත් වෙලා මාස 03 යි

Next Post

ශ්‍රී දළදා මාළිගාව යළි බැතිමතුන්ට විවෘත කිරීමේ සැලසුමක්

Related Posts

colum

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

මැයි 22, 2022

අහෝ මහින්ද නොදිටි මොක් පුර!

මැයි 13, 2022

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -02

ජනවාරි 5, 2021

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist