බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මහා අංගුලිමාල තරගය

by Lanka Sara Editor
ජූනි 23, 2020
in කොලම
Share on FacebookShare on Twitter

කරුණා අම්මාන් යුද්ධයේදී සෙබලුන් පන්දහසක් මරා දැමූහයි පැවසීමත් සමග (ලංකාසර වෙබ් අඩවියට කරුණා ලබා දුන් සාකච්ඡාවට අනුව) රටේ ලැව් ගින්නක් ඇති විය. ඉතිහාසයේ දරුණුම ඝාතකයා ඔහු යැයි සමහරුන් සිතන්නට විය.

මේ අතර, මිනිසුන් දහසක් මැරූ අංගුලිමාලටත් රහත් වීමට හැකි විණි නම් කරුණාටද කරුණා කළ යුතු බැව් සැදැහැවත්තු කියති.

එහෙත් කරුණාට “ඉතිහාසයේ විශිෂ්ටතම ඝාතකයා” කිරුළ මෙතරම් පහසුවෙන් ලබා දීමට හදිස්සි වියයුතු නැතැයි මගේ මිතුරෙක් සිතයි.

“කොරෝනාවටත් වඩා භයානක කරුණා” කියන්නේ මිනිහගේ චන්ද ව්‍යාපාරේ තේමාව. කොරෝනාවෙන් මැරුණේ එකොළහයි. ඉතිං එකොළහයි පන්දාහයි අතර තියෙන පරතරය සුලුපටුද? මෙතන ලොකු නොගැලපීමක් තියෙනවා. එක්කො කරුණාට ගණන් බෑ. නැත්තන් ලොජික් බෑ”

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මිතුරා තර්ක සොයන්නට විය.

“හරි දැන් තමුසේ කියනවකෝ වැරදිලා හරි මිනිහට බුදුන් මුණ ගැහුණ නම් රහත් වෙන්න තිබ්බද?” මම ඇසීමි.

“බෑ”

“ඇයි?”

“මිනිහා දෙමළනෙ”

“ඉතිං මිනිහෝ බුදුන් ජාති කුළ සැලකුවේ නෑ කියලනේ කියන්නේ” මම නොපැහැදීමෙන් කීවෙමි.

“ආ ඒ අතීතයේ නේ. අනාගතේ දී එහෙම වෙන්නෙ නෑ. රහත් වෙන්න නම් මහ ජාතියෙන් මහ කුළෙන් එන්න ඕනේ. ඒකට තමයි ශ්‍රී ලංකන් වර්ශන් එකේදි දීපය දේශය කුළය බලනවා කියන්නේ” මිතුරා කීය.

“එතකොට සිංහල උන් පන්දාහක් එතෙර කරපු පිනවත් උදව් වෙන එකක් නැද්ද?”

“ඒක නම් පොඩී පුල් එකක් වෙන්නත් පුලුවන්. ඒත් සිංහලයෝ එතෙර කරපු එකම තොටියා කරුණා නෙමෙයිනේ. අනෙක දෙමළ අය නැව් ගණන් එතෙර කරපු කපිතාන්ලත් ඉන්නවනෙ තරගෙට. ඒත් අංගුලිමාලල ඉන්න පුලුවන් එක්කෙනයි නේ. ඒ හින්දා ඒ අවස්ථාව කරුණටම හම්බුවෙයිද කියලා ශුවර් නෑ” මිතුරා කරුණාව හෑල්ලු කළේය.

“ඒකට මොකද කරන්න පුලුවන්?”

කරුණා සසරින් එතෙර කිරීමේ කර්තව්‍යයට සපෝර්ට් කිරීමට මම ද සිතා ගතිමි.

“ඒකට බුදුන්ට තියන්න වෙනවා මහා අංගුලිමාල රියැලිටි තරගයක්”

“මොකක්?”

“කරුණටත් වැඩිය දක්ෂයෝ ලංකාවේ තව ඕන තරම් සැගවිලා ඉන්න පුලුවන්. ඒ ගොල්ලන්ගේ හැකියාවන් එළිදකී කියලා ලැජ්ජාවේ ඔය ඉන්නේ. ඒ අය ඔක්කොම කරළියට ආවොත් කරුණාටත් හොද තරගයක් දෙන්න වෙනවා රියලිටි ෂෝ එක දිනන්න. අනික බලනවකෝ මිනිහගෙ නමත් ‘කරුණා’. ඉතිං කොහොමද ‘අංගුලිමාල’ වගේ ටෆ් කම්පිටිෂන් එකක් දිනන්නේ? මිනිහට ‘ප්‍රචණ්ඩ’ වගේ අන්වර්ථ නාමයකුත් දාගන්න වෙනවා”

“කවුද දැන් ඔය රියලිටි ෂෝ එකේ දී උන්ට චන්දෙ දෙන්නේ?” මම ඇසීමි.

“වෙන කවුද? එලොව ඉන්න එවුන් තමයි. තමන්ව මැරුවේ කවුද කියලා මැරුණු අය චන්දය ප්‍රකාශ කරනවා. එතකොට ලොකුම ඝාතකයා ට්‍රෝෆිය උස්සනවා” මිතුරා සිනාසීය.

“අම්මෝ ඒක නම් ලේසි වෙන එකක් නෑ නේද? අපේ රටේ ඉන්නේ ඉතිං ඔය වැඩේට රුසියොනේ. තරගෙන් පැරදුනොත් කරුණට මොකද වෙන්නේ?”

“ඔය දැන් වගේ ගොන් පොර ටෝක් දිදී චන්දෙ ඉල්ලන්න තමයි වෙන්නෙ” මිතුරා කණස්සල්ලෙන් කීය.

“ඉතිං තමුසෙ මොකද කණගාටු වෙන්නේ?”

“අඩුගානේ කරුණා කොළඹින් චන්දෙට ආපු නැති එක ගැන. යුද්දෙ ගැන ඇත්තක් කියපු එකම දේශපාලකයා මිනිහද කොහෙද! මට දුක මගේ චන්දෙ මිනිහට දෙන්න බැරි එක ගැන”

Share142Tweet43
Previous Post

මහින්දානන්දගේ කතාව සී.අයි.ඩි.යට යයි

Next Post

අයි.සී.සී.ය හිටපු ක්‍රීඩා ඇමැතිගෙන් ප්‍රශ්න කිරීමට යයි

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.