fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මහා අංගුලිමාල තරගය

by Lanka Sara Editor
ජූනි 23, 2020
in කොලම
450 4
Share on FacebookShare on Twitter

කරුණා අම්මාන් යුද්ධයේදී සෙබලුන් පන්දහසක් මරා දැමූහයි පැවසීමත් සමග (ලංකාසර වෙබ් අඩවියට කරුණා ලබා දුන් සාකච්ඡාවට අනුව) රටේ ලැව් ගින්නක් ඇති විය. ඉතිහාසයේ දරුණුම ඝාතකයා ඔහු යැයි සමහරුන් සිතන්නට විය.

මේ අතර, මිනිසුන් දහසක් මැරූ අංගුලිමාලටත් රහත් වීමට හැකි විණි නම් කරුණාටද කරුණා කළ යුතු බැව් සැදැහැවත්තු කියති.

එහෙත් කරුණාට “ඉතිහාසයේ විශිෂ්ටතම ඝාතකයා” කිරුළ මෙතරම් පහසුවෙන් ලබා දීමට හදිස්සි වියයුතු නැතැයි මගේ මිතුරෙක් සිතයි.

RelatedPosts

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

“කොරෝනාවටත් වඩා භයානක කරුණා” කියන්නේ මිනිහගේ චන්ද ව්‍යාපාරේ තේමාව. කොරෝනාවෙන් මැරුණේ එකොළහයි. ඉතිං එකොළහයි පන්දාහයි අතර තියෙන පරතරය සුලුපටුද? මෙතන ලොකු නොගැලපීමක් තියෙනවා. එක්කො කරුණාට ගණන් බෑ. නැත්තන් ලොජික් බෑ”

මිතුරා තර්ක සොයන්නට විය.

“හරි දැන් තමුසේ කියනවකෝ වැරදිලා හරි මිනිහට බුදුන් මුණ ගැහුණ නම් රහත් වෙන්න තිබ්බද?” මම ඇසීමි.

“බෑ”

“ඇයි?”

“මිනිහා දෙමළනෙ”

“ඉතිං මිනිහෝ බුදුන් ජාති කුළ සැලකුවේ නෑ කියලනේ කියන්නේ” මම නොපැහැදීමෙන් කීවෙමි.

“ආ ඒ අතීතයේ නේ. අනාගතේ දී එහෙම වෙන්නෙ නෑ. රහත් වෙන්න නම් මහ ජාතියෙන් මහ කුළෙන් එන්න ඕනේ. ඒකට තමයි ශ්‍රී ලංකන් වර්ශන් එකේදි දීපය දේශය කුළය බලනවා කියන්නේ” මිතුරා කීය.

“එතකොට සිංහල උන් පන්දාහක් එතෙර කරපු පිනවත් උදව් වෙන එකක් නැද්ද?”

“ඒක නම් පොඩී පුල් එකක් වෙන්නත් පුලුවන්. ඒත් සිංහලයෝ එතෙර කරපු එකම තොටියා කරුණා නෙමෙයිනේ. අනෙක දෙමළ අය නැව් ගණන් එතෙර කරපු කපිතාන්ලත් ඉන්නවනෙ තරගෙට. ඒත් අංගුලිමාලල ඉන්න පුලුවන් එක්කෙනයි නේ. ඒ හින්දා ඒ අවස්ථාව කරුණටම හම්බුවෙයිද කියලා ශුවර් නෑ” මිතුරා කරුණාව හෑල්ලු කළේය.

“ඒකට මොකද කරන්න පුලුවන්?”

කරුණා සසරින් එතෙර කිරීමේ කර්තව්‍යයට සපෝර්ට් කිරීමට මම ද සිතා ගතිමි.

“ඒකට බුදුන්ට තියන්න වෙනවා මහා අංගුලිමාල රියැලිටි තරගයක්”

“මොකක්?”

“කරුණටත් වැඩිය දක්ෂයෝ ලංකාවේ තව ඕන තරම් සැගවිලා ඉන්න පුලුවන්. ඒ ගොල්ලන්ගේ හැකියාවන් එළිදකී කියලා ලැජ්ජාවේ ඔය ඉන්නේ. ඒ අය ඔක්කොම කරළියට ආවොත් කරුණාටත් හොද තරගයක් දෙන්න වෙනවා රියලිටි ෂෝ එක දිනන්න. අනික බලනවකෝ මිනිහගෙ නමත් ‘කරුණා’. ඉතිං කොහොමද ‘අංගුලිමාල’ වගේ ටෆ් කම්පිටිෂන් එකක් දිනන්නේ? මිනිහට ‘ප්‍රචණ්ඩ’ වගේ අන්වර්ථ නාමයකුත් දාගන්න වෙනවා”

“කවුද දැන් ඔය රියලිටි ෂෝ එකේ දී උන්ට චන්දෙ දෙන්නේ?” මම ඇසීමි.

“වෙන කවුද? එලොව ඉන්න එවුන් තමයි. තමන්ව මැරුවේ කවුද කියලා මැරුණු අය චන්දය ප්‍රකාශ කරනවා. එතකොට ලොකුම ඝාතකයා ට්‍රෝෆිය උස්සනවා” මිතුරා සිනාසීය.

“අම්මෝ ඒක නම් ලේසි වෙන එකක් නෑ නේද? අපේ රටේ ඉන්නේ ඉතිං ඔය වැඩේට රුසියොනේ. තරගෙන් පැරදුනොත් කරුණට මොකද වෙන්නේ?”

“ඔය දැන් වගේ ගොන් පොර ටෝක් දිදී චන්දෙ ඉල්ලන්න තමයි වෙන්නෙ” මිතුරා කණස්සල්ලෙන් කීය.

“ඉතිං තමුසෙ මොකද කණගාටු වෙන්නේ?”

“අඩුගානේ කරුණා කොළඹින් චන්දෙට ආපු නැති එක ගැන. යුද්දෙ ගැන ඇත්තක් කියපු එකම දේශපාලකයා මිනිහද කොහෙද! මට දුක මගේ චන්දෙ මිනිහට දෙන්න බැරි එක ගැන”

Share145Tweet45
Previous Post

මහින්දානන්දගේ කතාව සී.අයි.ඩි.යට යයි

Next Post

අයි.සී.සී.ය හිටපු ක්‍රීඩා ඇමැතිගෙන් ප්‍රශ්න කිරීමට යයි

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
Next Post

අයි.සී.සී.ය හිටපු ක්‍රීඩා ඇමැතිගෙන් ප්‍රශ්න කිරීමට යයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !
  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…
  • මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !
  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist