දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ඇමතිවරුන් 20 දෙනාට අමතරව තවත් ඇමතිවරුන් 17 දෙනෙක් පත්කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මෙම අමාත්‍යවරු 17 තෙක් වැඩිවන්නේ ස.ජ.බ මන්ත්‍රීවරුන් 03 දෙනෙක් ආණ්ඩුවට පැමිණෙනු ඇතැයි යන පදනමින් බවද වාර්තා වේ.
එමෙන්ම සිකුරාදාට පෙර දිවුරුම් දීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 23 දක්වා ඉහළ යන බව වාර්තා වේ. ඒ දැනට කැබනට් මණ්ඩලයේ සිටිනා පොහොට්ටු මන්ත්‍රීරුන් 12 හා අලුතින් යෝජනා කර ඇති මන්ත්‍රීවරුන් 11 දෙනා සමගිනි.
කැබිනට්ටුව සඳහා පොහොට්ටුවෙන් යෝජනා වී ජනාධිපතිවරයා වෙත දැනටමත් නම් කර යවා ඇති එම මන්ත්‍රීවරුන් 11 වන්නේ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේය.
වාර්තාවන පරිදි සෙසු පක්ෂවලින් කැබිනට් මණ්ඩලය වෙත පැමිණෙන්නේ ජීවන් තොණ්ඩමන්, වජිර අබේවර්ධන සහ ඒ.එල්.එම්.අතාවුල්ලාය.
මීට අමතරව සමගි ජනබලවේගයෙන් තවත් මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් කැබිනට් මණ්ඩලයට එක්වීමට සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව නව කැබිනට් මණ්ඩලයත් රාජ්‍ය ඇමතිවරුන් සේම 37ක් වනු ඇති බව පැවසේ.
පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ සහ නාමල් රාජපක්ෂගේ නම්වලට පොදුජන පෙරමුණ තුළින්ම විරෝධතාවය මතු වී තිබුණත් එම නම් විරෝධතා නොසලකා ඉදිරිපත් වී ඇති බැවින් කැබිනට් ඇමතිවරුන් ලෙස ඔවුන්ව පත් කිරීම සලකා බලනු ඇතැයි වාර්තා වේ.
කැබිනට් ඇමතිවරුන්ගේ විෂය පථය වෙනස් වන බවත් එබැවින් කැබිනට් මණ්ඩලය යළි දිවරුම් දෙන බවත් වාර්තා වේ.
දැනට ක්‍රියාත්මක කැබිනට් මණ්ඩලය මෙසේය.
1 ජනාධිපති රනිල් වික්‍රමසිංහ – ආරක්ෂක අමාත්‍ය මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය තාක්ෂණ අමාත්‍ය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන ( අග්‍රාමාත්‍යතුමා) – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
- නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
- ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
- සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය
- කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය ජල සම්පාදන අමාත්‍ය
- මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
- විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
- හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
- රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය කර්මාන්ත අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන හා නිවාස
- එම්.යූ.එම්. අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය
- විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
- කංචන විජේසේකර – විදුලිබල හා බලශක්ති අමාත්‍ය
- අහමඩ් නසීර් – පරිසර අමාත්‍ය
- රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය
- මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
- ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
- නලින් ප්‍රනාන්දු – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ඒ අනුව දිවුරුම් දෙන නව කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 23ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. සෙසු පක්ෂ සඳහා ලැබී අරත්තේ මන්ත්‍රී ධුර 14ක් පමණි.
පොහොට්ටුවෙන් යෝජනාවන පිරිස මහජන විරෝධය හේතුවෙන් තනතුරු හැර යන්නට සිදූව හිටපු ඇමතිවරුන් වීම ද විශේෂය.







