මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට නායකයින් කරන්නේ සිය තනතුරු ගලවා දැමීමට උත්සාහ කිරීම බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ඇතුලු සියල්ලන් නෙරපා හරින බවට ආරංචි පැමිණ ඇති වගත් සිය තනතුරු ගලවා ඉවත් කිරීමේ රට සුඛිත මුදිත වන්නේ නම් දංගෙඩියට වුවත් හිස තැබීමට පසුබට නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එලෙසම ජනතා වරමට ගරු කරමින් පාර්ලිමේන්තු පැමිණි තමන් ඇතුළු කණ්ඩායම හැමදේටම අත ඔසවන සිග්නල් කණු නොවන වග ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා දරුවන්ගේ පෝෂණය හා අධ්‍යාපනය කෙරෙහි බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු විය යුතු බව පැවසීය. සිය දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් වෙන්ව ඇත්තේ සොච්චම් මුදලක් බවත් ලබන අයවැයෙන්වත් ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රයෝජනයක් නොගන්නා ඉඩකඩම් රැසක් තිබෙන අතර තරුණයන් හා විරැකියාවෙන් පෙළන අය එක්ව මෙරට ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද එලෙසම ලංකාවේ තිබෙන සම්පත්වලින් ප්‍රයෝජන ගෙන මෙරට මේ ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නායකයින් අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැහැදිලි කළේය.