දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මරණීය දණ්ඩනයට නියමව සිටියදී ලද ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට අනුව අත්හිටුවීමට ලක් විමෙන් පසු අධිකරණ නියෝගයකට අනුව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනුනේ ශ්‍රි ජයවරධනපුර රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබමින් සිටින විටදීය.
අපස්මාර තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ, ස්නායු ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ අධීක්ෂණය යටතේ 18 වැනි වාට්ටුවට ඇතුළත් වී ඇති ඔහු එහි පැමිණි බව සැලවුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට එම රෝහලට ගොස් ඇත
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවෙකු ලෙස මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වාට, ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දී තිබූ ජනාධිපති සමාව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටවූ අතර ඒ අනුව ලද අත්අඩංගුවට ගැනිමේ නියෝග මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයතු කෙරිණි.
දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා ලබාදුන් සමාව අභියෝගය ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කරන ලදී.







