ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂකයින්ට පහරදී රටම ගිනි තැබූ මැයි 09 අපරාධයට ප්‍රධාන චූදිතයින් අතර සිටින සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තවත් සැකකරුවන් 11 දෙනෙක් එළඹෙන 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරතකරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අතර අද ඔවුන් යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් ඔවුන් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
එමෙන්ම මැයි 09 අපරාධයට අදාලාව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවකු ලෙස නම් කරන බව නීතිපතිවරයා අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (01) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය එසේ සඳහන් කළාය.







