ජනාධිපතිවරයාට කිසිදු ඇමති ධුරයක් දැරිය නොහැති වීම ඇතුළු පෙන්වා දුන් අඩුපාඩු සංශෝධනය වන්නේ නම් 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අදාළ සහය සමගි ජනබලවේගය විසින් ලබා දෙන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක හිටපු මන්ත්‍රි නීතීඥ අජිත් ප පෙරේරා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේ 21 වෙනි සංශෝධනයට සජබ සහාය නැති බවට පළ වන වාර්තා සත්‍ය නොවන බවයි.
21 වෙනි සංශෝධනය වශයෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් ගෙන එන කෙටුම්පතේ තිබෙන සමහර කාරණා ගැන අපට එකගතාවයක් නැති බබත් මේ පිළිබඳව මේ වනවිට රජය සමග තිබූ සාකච්ඡාවේ දී පෙන්වා දුන් බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. .
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා
“එහි ප්‍රධාන ප්රශ්නය ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් දැරීමට නොහැකි කියලා 19 වෙනි සංශෝධනයේ තිබුණා අපි ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් දැරීමට නොහැකි කියන ප්රතිපාදනය මෙම කෙටුම්පතටත් ඇතුළත් කරන්න කියලා .වර්තමාන ජනාධිපති අනාගත ජනාධිපතිටත් එය අදාල වන ආකාරයට ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පිලිබදව පාර්ලිමේන්තුවට මීට වඩා නම්‍යශීලී බලයක් ලැබිය යුතුයි එනම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ලැබිය යුතුයි කියලා අපි යෝජනා කරනවා.
ඒ වගේම පහුගිය දවසෙ මේ පිළිබඳව පවත්වපු පක්ෂ නායක රැස්වීමේදී කියා සිටියා මෙම දැනට තිබෙන 19 වැනි සංශෝධනය කෙටුම්පත ඉදිරියේ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සමගි ජනබලවේගයේ ස්ථාවරය මෙම රජයත් ඉදිරියට ගෙන යනවාය කියන පදනම මතයි යන්නේ මොකද පහුගිය අවස්ථාවේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජාතිය අමතලා කියා සිටියා එතුමා 19 වැනි සංශෝධනය නැවත ගෙන එන්න කැමතියි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කැමතියි කියලා දැන් ඉදිරිපත් කර තිබෙන මේ කෙටුම්පතේ වර්තමාන අධිකරණ ඇමතිවරයා ආවරණය කරලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොවන 19 වැනි සංශෝධනයේ තිබෙන කාරණා පමණයි ඒකත් නයින්ටීන් මයිනස්. කොටස් කීපයක් අඩුයි ඒ නිසා මේක අපැහැදිලි කර ගන්න එපා .ස්ථිරවම සමගි ජන බලවේගය 21 වෙනි සංශෝධනයට එකඟයි සුළු වැදගත් සංශෝධනයට යටත්ව ඒ වගේම රජය පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ගමනේ පළමු පියවර විදිහට මෙය පාවිච්චි කරනවා කියලා. ඒ නිසා මේ ගැන පැහැදිලි කර ගත යුතු නැහැ 19 වෙනි සංශෝධනයට මූලධර්ම වලට අපි කැමති එය නැවත හඳුන්වා දීම අපේ අපේක්ෂාවක් මීට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ අපේ අපේක්ෂාවක් එයාකාරයෙන්ම තියෙනවා. රජයේ බලතල කරන රජයේ අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කරන්නේ එය කොටසකට පමණක් නම් එහි තිබෙන අඩුපාඩු හඳුනාගෙන සම්මත කර ගැනීම ගැන අපිට විරුද්ධත්වයක් නැහැ.
සාගර කාරියවසම් මහත්මයා කියනවා අගමැති කෙනෙක් පත් කරගත්තේ විවස්ථා මාරු කරන්න නෙමෙයි ආර්ථිකය හදන්න කියලා.එහිදී සාගර කාරියවසම් මහත්මයාගේ මන්ත්‍රී කණ්ඩායමේ ඉන්නේ කොච්චරක්ද කියල අපි තවම හරියට දන්නෙ නෑ එක දෙයක් කියන්න ඕන එක පැත්තකින් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාවට ආහාරපාන තෙල්, ගෑස්, බෙහෙත් ,ඒවා ලබාදීම අත්‍යවශ්‍යයි ඒ සමගම මිනිස්සුන්ගේ ජීවිතයේආත්ම ගරුත්වය මිනිසුන්ගේ ජීවිතයේ අයිතිවාසිකම් මානව හිමිකම් රකින්න රටේ ව්‍යවස්ථාව රටට යහපත් වන ආකාරයට මෙවැනි අවුල් නැවත සිදු නොවන ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා සංශෝධනය වෙන්න අවශ්‍යයි.







