මනම්පිටිය නිමල් ජයරත්න –
හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ බැඳිවැව පිහිටි නිවසට පහර දුන් විරෝධතාකකරුවන් අතරින් 13ක් අද (05) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව, තඹලවැව, බැඳිවැව, පලුගස්දමන, යන ඇතුළු පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 60ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බව පරීක්ෂණ සිදු කරන පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියයි.
විරෝධතාකරුවන් 4 වෙනිදා රාත්‍රී 7 ට පමණ රොෂාන් රණසිංහගේ නිවසට කඩා පැන දේපලවලට මෙන්ම වාහන දෙකකට හානි සිදුකර ඇති බවද පොලිසිය කියයි.
මෙම විරෝධතාකරුවන් සිදුකළ ගල්, මුල්, ප්‍රහාරවලින් පොලිසියේ නවදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පරීක්ෂණ සිදුකරන පොළොන්නරු පොලීසිය පවසයි.
විරෝධතාකරුවන් සිදුකළ ගල්මුල් ප්‍රහාරවලින් සිරිසඟබෝ ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිවරුන් කිහිප නමක්ම තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.
විරෝධතාකරුවන් සිදු කල ගල්, මුල්, ප්රහාරවලින්වලින් රොෂාන් රණසිංහගේ නිවසේ පුටු , ජනෙල්, සීසීටීවී කැමරා පද්ධතිය සහිත සමස්ථ නිවසටම විශාල හානියක් සිදු වී ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
මෙම සිද්ධිය සිදු වනවිට රොෂාන් රණසිංහ නිවසේ සිට නොමැති අතර එම නිවසේ සේවකයෙකු හා මුරකරුවන් තිදෙනෙකු සිට ඇත. ඔවුන් විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හමුවේ පලාගොස් සැඟවී ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
මෙම ප්‍රහාරයට විරෝධතාකරුවන් දාහකට අධික පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් පළවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කොට ඇත,
මෙම සිදුවීමත් සමග පොලොන්නරුව බැඳිවැව පිහිටි රොෂරොෂාන් රණසිංහ ගේ නිවසට යුධ හමුදා සහ පොලිස් ආරක්ෂාව තර කොට තිබේ.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණගේ උපදෙස් පරිදි පොලොන්නරුව පොලිසීයේ විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි,







