බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ආසියා අප්‍රිකා සිසුන් අනාථයි.. යුද්ධය අතර  යුක්රේනුවන්ගේ  අශිෂ්ට වර්ගවාදය මතු වේ…

යුක්රේනයේ සරණාගතයින් වී ඇති වැඩිම විදේශික පිරිස සමන්විත වන්නේ උසස් අධ්‍යාපනය ලැබීමට පැමිණි සිසුන්ගෙන්...

by editor
මාර්තු 1, 2022
in ජීවිතය
යුක්රේනයේ  සරණාගතයින් වී ඇති බොහෝ විදේශිකයන් වන්නේ    විශ්ව විද්‍යාලවල සිසුන්ය. , පෙබරවාරි 27 වන දින නැගෙනහිර පෝලන්තයේ මෙඩිකා පදික මායිම් හරස් මාර්ගයේ  ඔවුන් දක්නට ලැබිණි.

යුක්රේනයේ සරණාගතයින් වී ඇති බොහෝ විදේශිකයන් වන්නේ විශ්ව විද්‍යාලවල සිසුන්ය. , පෙබරවාරි 27 වන දින නැගෙනහිර පෝලන්තයේ මෙඩිකා පදික මායිම් හරස් මාර්ගයේ ඔවුන් දක්නට ලැබිණි.

Share on FacebookShare on Twitter

යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවෙමින් ඇත.  මෙම යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ලබමින් සිටින විශේෂිත කණ්ඩායමක් වන්නේ උසස් අධ්‍යාපනය සඳහා යුක්රේනයට පැමිණි සිසුන්ය. යුක්රේනයේ සරණාගත භාවයට පත් විශාලම විදේශික කණ්ඩායම නියෝජනය කරන්නේ උසස් අධ්‍යාපනය සඳහා එරටට පැමිණි සිසුන්ය.  ඔවුහු මේ වනවිට ජීවිතය රක්ෂා කරගෙන රට හැර යෑමට මං සොයති.

එහෙත් රට හැර යාමට උත්සාහ කරන විදේශීය සිසුන් පවසන්නේ තමන් යුක්රේන ආරක්ෂක හමුදා සහ දේශසීමා නිලධාරීන්ගේ ප්‍රාථමික  වර්ගවාදී සැලකීම අත්විඳින බවය.

එක් අප්‍රිකානු වෛද්‍ය ශිෂ්‍යාවක් සීඑන්එන් වෙත පවසා තිබුණේ යුක්‍රේනය සහ පෝලන්ත දේශසීමා අතර මුරපොලකදී ඇය සහ අනෙකුත් විදේශිකයන්ට පොදු ප්‍රවාහන බස් රථයෙන් බැසීමට නියෝග කළ බවය.

බස් රථ ධාවනය වන්නේ යුක්රේන ජාතිකයන්ට පමණක්   බැවින් ඔවුන්ට පසෙකට වී සිටින ලෙස පැවසූ බව ඇය කීවාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ල්විව් හි  පළමු වසරේ ඉගනුම ලබන නයිජීරියානු   වෛද්‍ය ශිෂ්‍යාවක්වන රචෙල් ඔනෙග්බ්ලූ  යුක්රේනයේ අගනුවරවන කියෙව් සිට සැතපුම් 400 ක් පමණ දුරින් පිහිටි ෂෙහිනි නම් දේශසීමා නගරයේ අතරමං වී සිටින්නීය..

ඇය සීඑන්එන් වෙත මෙසේ පැවසුවාය:

“බස් 10 කට වඩා පැමිණියා.   අප සියල්ලෝම ඔවුන් පිටව යන දෙස බලා සිටිනවා.   සියලු යුක්රේනියානුවන් රැගෙන ගිය පසු ඔවුන් අපව රැගෙන යනු ඇතැයි අප සිතුවා. නමුත් ඔවුන් අපට පැවසුවේ අප පයින් යා යුතු බවයි. තවත් බස් නොමැති බවයි.“

“මගේ ඇඟ සීතලෙන් හිරිවැටිලා. දැන් දවස් 4කින් විතර අපි නිදාගෙන නැහැ. ඔවුන් හැම මොහොතකම අප්‍රිකානු  පිරිමින්ට සහ ගැහැණුන්ට   වඩා යුක්රේනියානුවන්ට ප්‍රමුඛත්වය දී තිබෙනවා. ඒ ඇයි කියලා අපි අහන්න ඕනේ නැහැ. අපි දන්නවා ඇයි කියලා.  ”

රචෙල් ඔනෙග්බ්ලූ  ඉරිදා දුරකථන ඇමතුමකින් CNN වෙත පැවසුවේ   පෝලන්තයට යාමට දේශ සීමාවේ පෝලිමේ රැඳී සිටියදී ය.

රචෙල් ඔනෙග්බ්ලූ  පවසන්නේ සඳුදා උදෑසන ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 4.30 ට පමණ ඇයගේ පිටවීමේ ලේඛනය මුද්‍රා තැබූ බවය.

ඉන්දියානු  සිසුහු 13,000ක් යුක්රේනයේ සිටිති.  ඉන්දීය බලධාරීන් ඔවුන්ගේ පුරවැසියන් ඉවත් කිරීමේ උත්සාහයන් වේගවත් කර ඇත. එම මෙහෙයුම ගංගා නමින් නම් කර තිබේ. එහෙත් මේ වනතුරුත් එම සිසුන් 13000ක සංඛ්‍යාවෙන් ඉවත් කරගෙන ඇත්තේ සිසුන් දෙදහසක් පමණක් බව සී.එන්.එන් වාර්තා පෙන්වා දෙයි.

21 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ  ෂෙයික් අබ්රාර්ට  අනුව, ඉන්දියාව සිය වැසියන්ට රට හැර යාම සඳහා උපදෙස් නිකුත් කිරීමට ප්‍රමාද වී ඇත.  පෙබරවාරි 15 ​​වන දින ඔවුන් එසේ කළ විට, බොහෝ දෙනෙකුට ආපසු යාමට නොහැකි වී තිබිණි.

ගුවන් ගමන් ගාස්තු වැඩි වූ අතර බොහෝ මධ්‍යම පාන්තික පවුල්වලට ගෙදර යන ගමන දරා ගැනීමට නොහැකි වූ බව ඔහු පැවසීය.

(සීඑන්එන් අසුරිනි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාස්තු අය නොකර යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා දීර්ඝ කෙරේ…

Next Post

සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට යළි වර්ජනයේ!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.