හෙට (02) සිට දින දෙකක කාලයක් යළි වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සූදානම් වේ.
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් සඳහා රජය මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වර්ජනය කැඳවා ඇති බව එම සම්මේලනය කීවේය.
පසුගිය ජූනි මස 07 වැනි දා සිට දින 09ක කාලයක් හෙද පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අඛණ්ඩාව වර්ජනයක නිරත වූයේය.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඔවුහු එම වර්ජනය නිමා කළහ.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ සාකච්ඡාවේදී ගත් තීරණ මේ දක්වා ක්‍රියාත්මක නොවීම නිසා යළි වර්ජනයට අවතීර්ණ වීමට තීරණය කළ බවය.
මෙම වර්ජනය සියලුම ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, පිළිකා රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු කීවේය.