මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින යුක්රේන සංචාරකයින් 3,993 දෙනාගේ සහ රුසියානු සංචාරකයන් 11,463 දෙනාගේ වීසා ගාස්තු අයකිරීමකින් තොරව මාස දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රුසියාව හා යුක්රේනය අතර ඇති වී තිබෙන ගැටලු හේතුවෙන් ඔවුන් සිය රටට යළි පිටත්වීම සඳහා ඇති ගැටලු සලකා බලා ශ්‍රී ලංකා රජය මෙම තීරණය ගෙන ඇත.
මෙම යෝජනාව සංචාරක ඇමතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.