යල කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38, 500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මියුරේට් ඔෆ් පොටෑස් ලෙස හැඳින්වෙන මෙම රාසායනික පොහොර තොගය ජාත්‍යාන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ආනයනය කර රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන් වෙත ලබා දීමට ද මෙම කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
2022 යල කන්නයේ ගොවීන් විසින් හෙක්ටයාර් ලක්ෂ 06ක පමණ භූමියක වී වගා කිරීමට අපේක්ෂිතය.