හිතා ගත නොහැකි තරමේ විශාල ශබ්දයකින් තමන් බිරිය සහ දරුවා තිගැස්සී අවදි වූ බවත්, යම් කණ්ඩායමක් එක දිගට නිවසට පහර දෙමින් සිටි බවත් පසුව බලනවිට නිවසට අසූචි ප්‍රහාරයක් ද එල්ල වී තිබුණු ආකාරය දැකගත හැකි වූ බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ප්‍රකාශ කළේය.
පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම පැවසුවේ නිවසේ වීදුරු රැසකට හානි සිදුවී ඇති බවය.
මේ සම්බන්ධයෙන් තමන්ට සැක කළ හැකි අයෙකු නම් කළ නොහැකි බවද කීවේය.
තමන් සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට පිස්තෝලයක් එල්ල කර බිම දිගාකර මෙම ප්‍රහාරකයන් පැමිණ අයුරුත් ඔහු හෙළි කළේය.
අප පහළට යන්න බයේ හිටියෙ. මුලින්ම හිතුවෙ හොරු කියලා. වෙඩි සද්දයකුත් අහුණා. පහළ ගිහින් කැමරාව බලනකොට තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා දැක්කා. සාමාන්‍යයෙන් සිකියුරිටි එකෙන් අපිව හම්බවෙන්න කෙනෙක් එනවා නම් එන්න කලින් අපිව දැනුම්වත් කරනවා. එහෙම කරන්න දීලා නෑ සිකියුරිටි ඉන්න කෙනාට. පස්සෙ සිකියුරිටි එකට කතා කළාම තමයි එයා වෙච්චි සිද්ධිය කිව්වෙ. හතර දෙනෙක් ඇවිත් තියනවා.“ චමුදිතගේ බිරිය හිරන්ති සමරවික්‍රම කීවාය.
මේ වනවිට සිද්ධිය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන නිකුත් වී ඇත. සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණ පැළඳ මේ පිරිස පැමිණි ආකාරය සම්බන්ධ සීසීටීවී දර්ශන දැන් නිකුත් වී තිබේ.