බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ දූපත් වාසීන් අදහන  බුදුන් ඉපදුනේ නම් මේ බිමේම තමයි!

by editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමන් කළුආරච්චි –

තැපැල් පෙට්ටිය ඇරලා බලද්දී මගේ නමට පාර්සලයක් ඇවිත් තිබුණා. පාර්සලය ඇතුළේ තිබුණේ පුංචි පොත් දෙකක්. වැන්කුවර් නුවර මගේ ලිපිනයට මේ පාර්සලය එවලා තිබුණේ ලංකාවේ මගේ නැන්දණියක්. පොත් දෙකටම තිබුණේ එකම නමක්, “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි”.

පොත් දෙක අතට ගනිද්දී මුලින්ම මතුවුණු ප්‍රශ්නය තමයි ඇයි මේ තරම් කුඩා පොත් දෙකක් එකම නමකින් එකම අවුරුද්දක දී කොටස් දෙකක් විදියට මුද්‍රණය කළේ කියන එක. තරමක ලොකු අකුරකින් මුද්‍රණය කරලත් පොත් දෙකේම පිටු ගණන දෙසියයකටත් වඩා අඩු නිසයි එහෙම හිතුණේ.

පොත් දෙකම කියවා දමන්නට පැය දෙකක්වත් ගත වුණේ නැහැ. ළමා කතාන්දර පොතක් වගේ දිගින් දිගටම ඔහේ ගලාගෙන ගලාගෙන ගිය මේ පොත් පිංචට කිසිම ශාස්ත්‍රීය පදනමක් තිබුණේ නැහැ. පොතේ කිසිම තැනක ශාස්ත්‍රීය මූලාශ්‍රයක්, පරිශීලනය කළ ග්‍රන්ථයක් තියා අඩුම තරමින් එකම එක පාදක සටහනක්වත් නොතිබුණු නිසා පොත ඔහේ කියවා දමා පැත්තකින් තැබුවා මිසක් ඒ ගැන කිසිදු විශේෂත්වයක් හිතේ සටහන් වුණේ නැහැ. තාමත් වරින් වර පෙනී සිටිනවා කියන “අමරණීය රාවණ”, සීගිරියේ තිබුණාය කියන පසුව බෙල් විසින් වසා දැමූ බව කියන “අබිහරස් දොරටුව”, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හියු නෙවිල් පුස්කොළ පොත් එකතුවේ තියෙනවා කියන “අතිශය රහසිගත හෙළ දැනුම” ගැන ලියැවුණු ඔය වගේ කතාන්දර පොත් ඕනෑ තරම් අහන්න දකින්න ලැබිලා තියෙන නිසා මේ පොතත් වැඩි දුරටත් හිතන්න කිසිම දෙයක් හිතේ ඉතිරි කළේ නැහැ.

ඔය සිද්ධිය වුණේ අදින් අවුරුදු දහයකට කලින් 2011 අවුරුද්දේදී. ඊට අවුරුදු දෙක තුනකට පස්සේ වැන්කුවර් නුවර අපි කිහිප දෙනෙක් හමුවුණු වුණු වෙලාවක මේ පොත ගැන කතාබහක් ආයෙත් ඇති වුණා. ඔය කිව්ව ජන්බුද්වීප මතයට අතිශයින්ම හිතැති එතැන සිටිය එක මිතුරෙක් මේ පොත් දෙක ඉහළින්ම වර්ණනා කරද්දී කිසිත් නොකියා අහගෙන හිටියත්, පොතේ තියෙන මේ කරුණු කාරණා තහවුරු කරන සාධක ගෙන හැර පාන බොහොම “විරල ගනයේ පුරාවිද්‍යාඥයෙකු ” ගැනත් තොරතුරු ඔහු මහත් අභිරුචියෙන් වර්ණනා කරන්නට පටන් ගනිද්දී ඔය කියන ප්‍රාඥයා කවුද කියලා නොඅසා ඉන්න මටත් බැරිවුණා. මේ කියන ප්‍රාඥයා “ආරච්චි” කියලා නම අවසාන වෙන දන්න කියන තැනැත්තෙක් හින්දා මගේ මුවගට හිනාවක් නැගුණේ මටත් නොදැනුවත්වමයි. ඒකට හේතුව ඒ තැනැත්තා ගැන පෞද්ගලික මතකයක් මටත් තියෙන නිසයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ මතකයත් 2000 අවුරුද්ද තරම් ඈතකට දිවයන මතකයක්. ඒ වෙනකොට දිවයින පත්තරයේ ප්‍රවෘත්ති කර්තෘ කාර්යභාරයට අමතරව බදාදා ශාස්ත්‍රීය සංග්‍රහයත් මගේ අතින් සංස්කරණය වුණා. දිවයින බදාදා ශාස්ත්‍රීය සංග්‍රහයට ඒ කාලය වෙනකොට රටේ විවිධාකාර උගතුන් සම්බන්ධ වෙලා හිටියා වගේම ආධුනික අයගේ හරබර ලිපිවලටත් ඉඩකඩ වෙන්වෙලා තිබුණා. අන්තර්ජාලය, විද්‍යුත් ලිපි ලේඛන විරල වෙලා තිබුණු ඒ කාලයේ පත්තරයක පළවන ශාස්ත්‍රීය අතිරේකයකට විශාල පාඨක ප්‍රතිචාර හිමි වුණා. ඒ නිසා සතියකට ලැබෙන විශාල ලිපි සංඛ්‍යාවකගෙන් තෝරා ගත්ත ඉතාම සීමිත ලිපි

කිහිපයක් විතරයි පත්තරේ පළ කරන්නට පුළුවන් වුණේ. කිසිම ප්‍රසිද්ධියක් නොතිබුණු පුද්ගලයෙකු වුණත් තැපෑලෙන් ලැබුණු ඔය කියන ‘ආරච්චි’ගේ ලිපියකුත් බදාදා අතිරේකයේ පළ කෙරුණා. (කිසියම් සෙල් ලිපියක් ගැන ලියැවිලා තිබුණු මේ ලිපියේ අන්තර්ගතය දැන් මට මතක නැහැ)

ලිපිය පළවෙලා සති දෙක තුනකට විතර පස්සේ මා හමුවෙන්නට ආපු කෙනෙක් තමන් කවුද කියන එක මට හදුන්වලා දුන්නා. මගේ වැන්කුවර් මිත්‍රයාට විරල ගණයේ ප්‍රාඥයෙක් වුණු ‘ආරච්චි’ මහත්තයා තමයි ඒ ඇවිත් තිබුණේ. බදාදා අතිරේකයේ පළ කරන්නට ලිපි ලේඛන ගොන්නක්ම ඔහු මා අතේ තැබුවා. ඔහුගේ කතාබහ හැසිරීම තරමක් අමුතු සහගත වෙච්ච නිසා ඔහු ඉදිරිපිට දීම ලිපි ලේඛන විමසා බලන්නට මට හිතුණා. ඔහු අරගෙන ආපු කිසිම ලිපියක ශාස්ත්‍රීය පදනමක් ගෑවිලාවත් තිබුණේ නැති නිසා මේ කරුණුවලට පාදක වෙච්ච මූලාශ්‍ර මොනවාද කියලා අහද්දී ඔහු මට දුන්නේ අපූරු පිළිතුරක්.

“මේවාට මූලාශ නැහැ. මමමයි මේ හැම දෙයක්ම හොයා ගත්තේ”, එයින් පස්සේ ඔහු දගින් දිගටම ශාස්ත්‍රීය පොත පතටත්, පිළිගත් විද්වතුන්ටත් දිගින් දිගටම පහර දෙන්නට පටන් ගත්තේ තරමක අසාමාන්‍ය ස්වරූපයකුත් ආරූඪ කරගෙන.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහොම දෙනෙක් පෞද්ගලිකව දන්නා හඳුනන නිසා මේ තැනැත්තා ගැන සොයා බලද්දී තමයි තමයි රසවත් තොරතුරු දැනගන්න ලැබුණේ. මේ කියන ‘ආරච්චි’ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු රියදුරෙක්. ඒ නිසා නිතර නිතර පුරාවිද්‍යා ස්ථානවලට යන්න රාජකාරිමය වශයෙන් ඔහුට හැකියාව ලැබුණා. මේ ගමන් වලදී දැක්ක සෙල්ලිලිපි වලින් වශී වෙච්ච මේ තැනැත්තා අන්තිමේ දී සේලිලිපි කියවන්න පටන් ගත්තා. (ඒ ඒ යුගවල සෙල්ලිපිවල අකුරු සටහන ගත්තාම ඕනෑම කෙනෙකුට යම් මට්ටමකින් සෙල් ලිපියක් කියවගන්න පහසුවෙන්ම පුළුවන්).

මොනවා හරි දෙයක් බාගෙට දැනගත්තාම සමහරුන්ට හිතෙනවානේ තමන් හැමදේම දන්නවා කියලා. පාලකයෙකුට වුණත් ඒක එහෙම තමයි. රටක් පාලනය කරන්නේ කොහොමද කියලා කිසිම අවබෝධයක් නැතිව හැම දෙයක්ම අනාගත්ත පාලකයෙකුට හිතෙන්න පුළුවන් “මම තමයි හොඳටම කළේ” කියලා. ඉතින් මේ ආරච්චිටත් වුණේ ඒකම තමයි. හරියට බාගෙට සෙල්ලිපි කියවන්න පටන්ගත්ත මේ තැනැත්තාටත් හිතුණා “මම තමයි හොඳටම සෙල්ලිපි කියෙව්වේ” කියලා.

බුද්ධිමතුන් සැක සංකා පහළ කරන හැම දෙයක්ම මෝඩයන්ට පුදුමාකාර විදියට විශ්වාසයි (දැන් කියන භාෂාවෙන් නම් ‘පට්ට ෂුවර්’) කියලා බර්ට්‍රන්ඩ් රසල් කිව්වානේ. (“The fundamental cause of the trouble in the modern world today is that the stupid are cocksure while the intelligent are full of doubt.”)

තමන් බාගෙට වරදවා කියවා ගත්ත සෙල්ලිපිවලින් මේ ආරච්චි මහත්තයා කොයි තරම් වශීකෘත වුණාද කියනවා නම් ඔහුට දැන් හොදටම ෂුවර් බුදුහාමදුරුවෝ ඉපදුනේ ලංකාවේම තමයි කියලා. ඉතින් අන්තිමට ඔහු පොතකුත් ලියලා පළකළා. ඒ එක්කම බෞද්ධ සාහිත්‍යයෙහි එන ඓතිහාසික චරිතවලට තරමක පහත් භාෂාවකින් ප්‍රසිද්ධියේ හෙළා දැකලා කතා කරන්නත් පටන් ගන්නවා. ඒ වෙලාවේ මතුවුණු නඩුවකින් මේ තැනැත්තාගේ මානසික මට්ටමේ ගැටලුවක් තියෙන බව හෙළිදරවු වෙනවා. මානසික ආබාධිත තැනැත්තෙකුට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන යන්න බැහැනේ. ඒ නිසා නඩුවෙන් ඔහු නිදහස් වෙනවා. මානසික රෝගී තත්ත්වයක් යටතේ පළ කරන පොතක් කවුරුත් කියවන කවුද කැමැති? ඔන්න ඔය වෙලාවේ තමයි වෙනත් කර්තෘවරයෙකුගේ නමින් අර පොතම වෙනත් විදියකට එළියට එන්නේ.

ශාස්ත්‍රීය ලියවිල්ලක් කියවනවාට වඩා කතාන්දර කියවන්න අපි හැමෝම වගේ කැමැතියිනේ. ශාස්ත්‍රීය පොත පත නොකියවන අඩුම තරමින් ශාස්ත්‍රීය ලිපි ලේඛනයක මූලික අංග ලක්ෂණවත් නොදන්නා පිරිසට මේ වගේ ලිපි ලේඛන දැනෙන්නේ “හොදටම කරපු පොත්” විදියට. ඉතින් ඔය වගේ පොත්වල තියෙන හැම හිතළුවක්ම ධම්මික පැණිය ගිල්ලාටත් වඩා වේගයෙන් ගිලගෙන ගිලගෙන යන්න සමාජයේ බොහොම දෙනෙක් කැමැතියි. ඉතින් ධම්මික බණ්ඩාරය එක්ක පැණිය ප්‍රසිද්ධ වුණා වගේම පොතයි – හාමුදුරුවොයි  – ආරච්චියි එක රැයින් ප්‍රසිද්ධ වෙනවා.

සිදුහත් කුමාරයා ඉපදුණු ඔය කියන “ජන්බුද්වීපය” කොහේ තිබුණත් බෞද්ධ දර්ශනය හදාරන කෙනෙකුට ඒක අදාළම නැහැ. මහ මායා දේවිය දැක්ක සිහිනය, සිදුහත් කුමාරයාගේ උප්පත්තිය, නෙළුම් මල් හතේ කතාව, සතර පෙර නිමිති, නිබ්බුත පද, දෙතිස් මහා පුරුෂ  ලක්ෂණ… මේ හැම දෙයක්ම ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු සිය ගණනකට පස්සේ ලියැවුණු සාහිත්‍යමය කරුණු. මේ කරුණු කාරණා ජීවමානව දැකලා ලියපු කිසිම කෙනෙක් නැහැ.

පුරාණ භාරතීය සමාජයේ උත්තම පුරුෂයෙකු විදියට හදුන්වන්න නම් එක්තරා විදියක පෞරුෂ ලක්ෂණ තියෙන්නට ඕන වුණා. මේ නිසාම බුද්ධ චරිතය ලියපු හැම ලේඛකයාම වගේ තමන්ට පුළුවන් උපරිම විදියට උත්තම පුරුෂ ලක්ෂණ මතු කරන්නට විවිධාකාර දේවල් බුද්ධ චරිතයට එකතු කළා. මහා පුරුෂයෙකුටම විතරයි තමන්ගේ දරුවා ඉපදුණු දවසේම ඒ දරුවා, බිරිඳ අතහැරලා යන්න පුළුවන් වෙන්නේ. මහා පුරුෂයෙකු ඉපදුණාම විතරයි උපන් මොහොතේම නෙළුම් මල් මතින් පා තබා ඇවිද යන්නට පුළුවන් වෙන්නේ. මහා පුරුෂයෙකු ඉපදෙන කොට තමයි මෑණියන්ට අපූරු සිහින පෙනෙන්නේ. මේ කිසිම කාරණාවක් පුරාතන ජනතාවට ප්‍රශ්නකාරී වුණේ නැහැ. ඒකට හේතුව ඒ සමාජයට මේ කරුණු කාරණා ස්වාභාවික දේවල් විදියට පෙනුණු හින්දා. නූතනත්වයත්, බටහිර චින්තනයත් එක්ක ගැට ගැහුණු වර්තමාන පරම්පරාවට මේ දේවල් බරපතළ තර්ක විතර්ක. ඒත් අපි මේ තර්ක විතර්ක කරන්නේ බුද්ධ චරිතය කිසිසේත්ම නොදුටු කිසිවෙකු විසින් රචනා කරපු සාහිත්‍යමය කරුණු කාරණා එක්ක නේද කියලා අපිට මොහොතකටවත් හිතෙන්නේ නැහැ. මේ සාහිත්‍යයෙන් සත්‍ය කරුණු මොනවාද, ලේඛකයන් තමන් අතින් එකතු කරපු කරුණු මොනවාද කියන එක ගැන කිසිම නිශ්චිත අදහසක් කිසිම කෙනෙකුට දෙන්න බැහැ. ඒවගේම මේ දැවැන්ත බෞද්ධ සාහිත්‍යයයි බෞද්ධ දර්ශනයයි අතර කිසිම සම්බන්ධයකුත් නැහැ. මේ නිසාම ඒවා ගැන තර්ක විතර්ක කිරීමෙන් කිසිම පලක් නැහැ.

Pra Taen Dong Rang: බුදුන් පරිනිර්වාණය කළ ස්ථානය ලෙස ඇතැම් තායි ජාතිකයන් සලකන පුදබිම
Pratat Sri Song Rak:
Pratat Sri Song Rak: බුදුන් උපන් ස්ථානය ලෙස ඇතැම් තායිලන්තවාසීන් සලකන පුදබිම

සිදුහත් කුමාරයා ඉපදුණු භූමි ප්‍රදේශය ගැන කතාවත් ඔහොමම තමයි. සිදුහත් කුමාරයා (ලංකාවේ) ‘ජන්බුද්වීපයේ’ ඉපදුණා කියලා කියනවා වගේම සිදුහත් උපත සිදුවුණා කියන කතාබහ තවත් රටවලත් තියෙනවා. තායිලන්තයේ කතාව අපේ ජන්බු කතාවටත් වඩා තරමක් බරක් තියෙන කතාවක්. ඉතිහාසය කියන්නෙම විවිධාකාර අර්ථකථන, මතවාදවලින් පිරුණු විෂයකට. දිවයින පත්‍තරේ මම සංස්කරණය කරපු තවත් අතිරේකයක් වෙනුවෙන් 1999 අවුරුද්දේ දවසක, හිටපු නියෝජ්‍ය කථානායක ඒ වගේම පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙච්ච  අනිල් මුණසිංහත් එක්ක කරපු සාකච්ඡාවක දී ඔහු මට මේ වගේම  කථාවක් කිව්වා. විජය ලංකාවට යන්න පිටත් වුණු ස්ථානය විදියට හදුන්වන ගම්මානයක් බංග්ලාදේශයේ තියෙන බවත්, “විජය පිටවෙලා ගියේ මෙතැනින්” කියලා ඒ ස්ථානය තමන්ට පෙන්වූ බවත් හිටපු කථානායකවරයා මට කිව්වා. ඒ කතාව ඒ ප්‍රදේශයේ බොහොම ජනප්‍රිය මතවාදයක් බවත් ඔහු කිව්වා මතකයි.

මේ විදියේ කතාන්දර ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම සිය දහස් ගණනින් හොයා ගන්න පුළුවන්. මේ නිසා කැමැති කෙනෙකුට කැමැති මතවාදයක් කර පින්නාගෙන යාමට කිසිම බාධාවක් නැහැ. ඒත් ඒ පරම සත්‍යයය කියලා හිතලා අවි අමෝරා ගන්නට සැරසෙනවා නම් ඒක තම තමන්ගේ මස්තිෂ්කය පිළිබද පුද්ගලික ගැටලුවක්. ඒත් අවධාරණය කරන්නටම ඕන කාරණාව තමයි සිදුහත් කුමාරයා ලෝකයේ කොතැනක ඉපදුනත්, එහෙමත් නැතිනම් බුද්ධ කියන චරිතය සංකල්පයක්ම පමණක් වුණත් බෞද්ධ දර්ශනය හදාරන්නට, ඒ අනුව ජීවත් වෙන්නට එහෙමත් නැතිනම් අඩුම තරමින් බෞද්ධයෙකු වන්නට ඒ කාරණාව කිසිම වැදගත්කමක් නැහැ.

උතුරු ඇමරිකාව, යුරෝපය ඇතුළු බටහිර රටවල බෞද්ධ පොත පෙත බොහොමයක් නිතිපතා වෙළෙද පොළට එනවා. ඒවා මිලියන ගණනින් විකිණෙනවා; පරිහරණය කෙරෙනවා. බෞද්ධ සංකල්ප නිතර නිතර විද්වත් සංවාදයන්ට ලක්වෙනවා.  ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. සරසවිවල විෂය නිර්දේශයන්ට විවිධාකාර බෞද්ධ සංකල්ප නිරන්තරයෙන් ඇතුළත් වෙනවා. ලෝකයේ දැවැන්තම බහුජාතික ව්‍යාපාරික ආයතනවල සේවකයන් වෙනුවෙන් ‘මනා සිහිබුද්ධිය පවත්වාගෙන යාම’ (Mindfulness) ‘මේ මොහොත තුළ ජීවත් වීම’ (Living  in the Present Moment) වගේ කරුණු කාරණා පුරුදු පුහුණු කරනවා. ඒ වෙනුවෙන් ඒ ආයතන විශාල මුදලක් වැය කරනවා.  හමුදා කණ්ඩායම්වලට මානසික ඒකාග්‍රතාව ඇති කරන දෛනික අභ්‍යාස විදියට භාවනාව අද බටහිර රටවල ජනප්‍රිය ප්‍රචලිත අභ්‍යාසයක්.  භාවනාව, මනා සිහිබුද්ධිය පවත්වා ගෙන යාම වගේ බෞද්ධ සංකල්ප බටහිර මනෝ විද්‍යාවේ නැතිවම බැරි අංග. කොටින්ම කිව්වොත් මං ජීවත් වන වැන්කුවර් නුවර පල්ලිවල පවා මේ විදියේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

බුදු හාමුදුරුවෝ ඉපදුණේ කොහේද? පුද පූජා පවත්වන්නේ කොහොමද? අසූ හාර දහසේ පහන් පූජාව, චෛත්‍යය වටේ බෞද්ධ කොඩි එල්ලීම, බෝධිය කිරි කළයෙන් නෑවීම, පිච්චමලින් බෝධිය ඇතිරීම, චෛත්‍යය මළුව පිරෙන්නම කිරිපිඩු ඇතිරීම, පෙරහැර කඨින කිරීම වගේ බරසාර දේවල්වලට අපේ හිත යොමුවෙලා තියෙන නිසා ලංකාවේ අපිට බෞද්ධ දර්ශනය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. මේ නිසා සාමාන්‍ය බෞද්ධයෙක් වෙන්නත් අපිට තව බොහොම දුරක් යන්න තියෙනවා.

ඒත් දේවල්වලින් හිත නිදහස් කරගත්ත නිදහස් මිනිස්සු බෞද්ධ දර්ශනයේ දාර්ශනික අංගෝපංග තමන්ගේ එදිනෙදා ජීවිතයට බද්ධ කරගනිමින් ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවා. මේ නිසා බෞද්ධ දර්ශනයේ අනාගතය අද අතට අරගෙන තියෙන්නේ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් මිසක් ලංකාවේ අපි නෙමෙයි.

දැන් ආපහු සැරයක් මේ ලිපිය පටන් ගනිද්දී සදහන් කෙරුණු අර පොතට ආපහු අවධානය යොමු කරමු – “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි”.

මේ පොතේ කරුණු සියයට සියයක්ම ඇත්ත වෙන්න පුළුවන් එක් හේතුවක් තියෙනවා. ඒ තමයි මෙතැනදී බුදුන් කියලා අදහස් කළේ කවුද කියන කාරණාව. මොකද ලංකාවේ ‘අදහන බුදුන්’ අමුතුම බුදු කෙනෙක් හින්දා. ඒ බුදුන් අදහන කුලයේ චීවරධාරීන්ට කිිසිමදාක බණක් කියාගන්න බැහැ. ඒත් විශ්ව විද්‍යාලවල කුලපති ධුරය හොබවන්න පුළුවන්. දේශපාලකයන් වෙනුවෙන් වොයිස් කට් දෙන නිකායට අයිති මේ චීවරධාරීන් බහුතරයකට කොළයක් නොබලා කරණීය මෙත්ත සූත්‍රයවත් කියාගන්නටවත් බැහැ. තවත් අයට මැතිවරණ ළංවෙද්දී විශාල ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. තවත් අයට ලීසින් වාරික මාස දහයකින් ගෙවා ගන්නට බැරි වෙලා. තවත් අය රහත් වෙලා. තවත් ච්‍වරධාරීන් පිරිසකගේ දෛනික රාජකාරිය අලි ඇතුන් බලා කියා ගැනීම. තවත් අය රත්තරනින් සම්බුදු මාළිගා හදනවා. තවත් අය උමන්දාවේ කෘෂිකාර්මික කටයුතු.

ඉතින් ඇත්තටම කියනවා නම් මේ අය අදහන බුදුන් නම් උපන්නේ අපේ මේ හෙළබිමම  තමයි.

සිලිලාර බ්ලොග් අඩවියෙනි…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැලිවල විශ්වීය උරුමය   කොල්ලකෑම පසුපස විහාරවාසීන් ?… විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි!

Next Post

හිතාගන්න බැරි මහා සද්දයක් ආවා… නැගිටල බලනකොට ගේ පුරා අසූචි… චමුදිත

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.