චාපා මධුභාෂිණි-
-
පැටියට අවුරුදු දෙකයි… ගල්ඔය දි කෝච්චියෙ හැප්පිලා මිය ගියේ පසුගිය 22 දා
-
වනජීවී නිලධාරීන් පැටවා වළ දැමූ තැනට එදා සිට එන අලි අම්මා මහ හඬින් හඬමින් ගත කර ගල්ඔය පොලිසිය ලඟට ඇවිත් කඳුළු සලමින් නිසොල්මනේ බලාගෙන ඉන්නවා…
-
උදේ දරුපැටවු සෙල්ලම් කරන දිහා ඈත කෙළවරක සිට බලාගෙන ඉන්නවා.. පන්නන්න හැදුවොත් කෝප වෙනවා…
-
ඊයේ ආවෙ නෑ… කෙනෙරක් ගල්ඔය දි කොච්චියට හැපිලා කියලා ආරංචියි… අනේ මේ අම්මද දන්නෙ නෑ..
-

ඒ අලි අම්මා….
දුම්රියන ගැටී මිය මියගිය අවුරුදු දෙකක් වයසැති අලි පැටවා වළ දැමු ස්ථානට දිනපතා පැමිණ මහා හඬින් විලාප නඟා පැය ගණනක් එතැන ගත කර, පසුව ගල්ඔය පොලිසියට අසලට ගොස් තමන්ට වූ සේ නිසොල්මනේ රැඳී සිටිමින් නැවත වනයට යන අලි අම්මා කෙනෙක් පිළිබඳ හද කකියවන පුවතක් ගල්ඔයෙන් වාර්තා වෙනවා.
“අනේ එහෙම ඉන්න වෙලාවට ඒ අම්මගෙ ඇස්වලින් කඳුළු බේරෙනවා..“ එහෙම කියන්නෙ සිද්ධිය ඇහෙන් දැකපු මිනිස්සු..
මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී ගල්ඔය ප්‍රදේශයේදී ඉකුත් 22 අළුයම 12.30 පමණ අවුරුදු දෙකක් වූ මේ අලි පැංචා මිය ගියා. මියගිය අලි පැටවා හතරැස්කොටුව රෝහල ඉදිරිපිට වත්තේ වළ දැමීමට වනජීවී නිළධාරීන් කටයුතු කළා.
“අනේ ඒ අලි අම්මා හැමදාම රෑ මේ පැටියා වළදාපු තැනට එනවා. එයා මහා හයියෙන් කෑ ගහනවා. ඒ සද්දෙ අහන් ඉන්න බෑ අප්පා. පපුව කඩාගෙන වැටෙනවා වාගේ…“ අලි අම්මාගේ වේදනාත්මක විලාපය ගැන ගල්ඔය අම්මා කෙනෙක් අපට කියන්නේ බොඳවෙලා යන දෙනෙතින්.
එසේ කෑ ගසන අලි අම්මා මධ්‍යම රාත්‍රියේ ගල්ඔය පොලිසිය ඉදිරිපිට පිවිසුම් දොරටුව ආසන්නයට වී නිසොල්මනේ පොලිසිය දෙසම බලා සිටින ආකාරය පොලිස් ස්ථානාධිපති ජී.ජි.සී. ජයතිස්ස කියනවා.
“කිසිවකුටත් හිරිහැර නොකර යන්න කියලා ඉතාම කාරුණිකව කිව්වාහම එතැනින් ඉවත්ව වෙලා ලඟ තියන ගහකට මුවා වී ආයෙත් පොලිසිය දිහා බලාගෙන ඉන්නවා..“
ඒත් අම්මෙක්නේ” පොලිස් ස්ථානාධිපතිවරයා මොහොතක් කතාව නවත්වනවා. ඔහුගේ හඬත් බෙහෙවින්ම සංවේදීයි.
.අලුයම 5.30 පමණ වන ඒ අම්මා මේ අසල ඉන්නවා. උදේ ඉස්කෝලෙ පිට්ටනියට ඇවිත් දරුවො සෙල්ලම් කරන විදිහ එයා ඈතට වෙලා බලාගෙන ඉන්නවා. “ පාසලේ ගුරුවරියක් කියන්නෙ එහෙම.
“කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිළදාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් එයාව පාසල් භූමියෙන් ඉවත් කරන්න කටයුතු කළා.“ දරුවෙකුගේ මවක් එසේ කියනවිට වනජීවි නිලධාරීන් කියන්නේ දරුවන් ගැවසෙන තැනෙන් ඇයව පන්නා දමන්නට හදනවිට ඇය දැඩි ලෙස කළහකාරීව හැසිරෙන බවයි.
අලි පැටියා මැරුණු දවසෙ ඉඳන් ඒ අම්මා ආවා. ඒත් ඊයේ එයා ආවෙ නෑ.“ මිනිස්සුත් ඇයව බලාපොරොත්තු වෙනවා වගේ. ඒත් ඒ එක්ක ඇහෙන කතාව මේ ලියන මා තිගැස්සුවා.
“හබරණ ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ තලපත්කන්දෙදි බඩු ප්‍රවාහනය කළ දුම්රියක ගැටී කෙනරක් මරණයට පත්වුනා කියලා ආරංචි වුනා… අනේ ඒ මේ අලි අම්මද දන්නෙ නෑ….“ එක් අම්මා කෙනෙක් එහෙම කියනකොට මොහොතකට මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුණා.
මූලාශ්‍රය ලංකාදීප
.








