අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා මත අද (05) පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේය.