බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්මික සංවර්ධන මණ්ඩලයේ තඹ නීති වැටෙන් පැන පාස්කු බෝම්බකරුගේ ෆැක්ටරියට ගිය හැටි

by Lanka Sara Editor
ජූලි 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ මරාගෙන මැරුණු එක් ප්‍රහාරකයකු වූ  ඉන්සාෆ් අහමඩ්ට අයත්  වැල්ලම්පිටියේ පිහිටි  ක්ලෝස්යස් (Colossus) නැමැති සමාගමට කාර්මික සංවර්ධන මණ්ඩලයේ තඹ නිකුත් කිරීමේ නෛතික රාමු සහ සීමා ඉක්මවමින් නිති විරෝධී සහ පක්ෂපාතී ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් තඹ සහිත අබලි ද්‍රව්‍ය සපයා  ඇති බව එම මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු කොමිසම හමුවේ අද  (01) සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

ඊයේ ද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි ඔහු අද දෙවන දිනයටද මෙම කොමිසම හමුවේ පෙනී සිටියේය. එහිදී තවදුරටත් කරුණු අනාවරණය කළ අලෙවි අධ්‍යක්ෂවරයා අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිල වගකීම තමන්ට පැවරී ඇතත් එවකට සිටි  සභාපතිවරයා විසින් නීති විරෝධි ලෙස එම වගකීම තමාගෙන් ඉවත්කර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුට පවරා වසර දෙකක පමණ කාලයක් අබලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ කටයුත්ත සිදුකළ බවත් කොමිසම හමුවේ සරත් උදයසිරි මහතා ලබාදුන් සාක්ෂියේ සදහන් විය.

2017,2018 සහ 2019 වසර තුළදී මෙම ගනුදෙනු සිදුව ඇති අතර මෙම කාලය තුළ සභාපතිවරුන් දෙදෙනකු කටයුත කර ඇත. මෙම සභාපතිවරුන් දෙදෙනාම පත් කොට ඇත්තේ එවකට විෂයභාර අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදූර්දීන්ය. උදයසිරි මහතා කොමිසම හමුවේ මුලින්ම අනාවරණය  කළේ රාජ්‍ය ආයතනවලින්  ඉවත් කරන අබලි ද්‍රව්‍ය මිලට ගෙන ඒවා වෙනත් නිෂ්පාදන කටයුතු සදහා සුළු,කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බෙදාහැරීම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තුළින් සිදු වූ බවයි.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ නීති රීති අනුව ඔවුන්ට සුළු සහ මද්‍ය පරිමාණ වයාපාරිකයන්ට තඹ සැපයීමට අනුමැතිය හිමිව තිබුණද එම නීති ඉක්මවමින් තඹ ලබා ගැනීම සඳහා ඉවත් කළ ට්‍රාන්ස්ෆෝමර් 328ක් සහ ආරක්සක අමාත්‍යංශයෙන්ලා ගත් ඉවත් කළ පිත්තල පතරොම් කොපු කිලෝ ග්‍රෑම් 16856ක්  නීති විරෝධී ආකාරයට මෙම සමාගම වෙත ලබා දී ඇති බවය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිතකර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන්  සභාව  රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් මහතාය.

කාර්මික සංවර්ිධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවට කැදවා තිබුණේ පාස්කු බෝම්බකරුගේ ක්ලෝයස් නැමැති තඹ කර්මාන්ත ශාලාවට නෛතික රාමුවෙන් පිට සෙසු කර්මාන්ත කරුවන්ට වඩා තඹ තබාදීමක් සම්බන්ධයෙන් කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීමටය. සාක්ෂි මෙහෙයැවීම සිදුවූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරියක් විසිනි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය

ඔබ යටතේ පැවැති අබිලි කළමනාකරණ ඒකකය ඉවත් කිරීඹක් සිදුවුනාද?

සාක්ෂිකරු

 සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සදහා අබිලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුත්ත සිදුවුණේ  අබිලි කළමනාකරණය එකකය මගින්.  අලෙවි අධ්‍යක්ෂක යටතේ යි එය පැවැතියේ. එහෙත් මේ වන විට ප්‍රශ්නයකට තුඩුදී තිබෙන ක්ලෝස්යස් ආයතනයට නීතිවිරෝධී ලෙස අබැලි ද්‍රව්‍ය නිකුත් කිරීම මගේ  හරහා සිදුවූවක් නොවෙයි.   2017 මැයි 17 වන දින අලෙවි අධ්‍යක්ෂක තනතුරේ මම රැදී සිටියදීම එවකට සිටි සභාපති මහින්ද ජිනසේන මහත්මයා විසින් අබිලි කළමනාකරණ එකකයේ වගකිම් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුට පවරා පැවරුවා.

එසේ මා යටතේ පැවැති වගකීමක් පවරන ලද්දේ  ඩි.පී.එස් දික්වැල්ල නම් මගේ යටතේම සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුටයි.  එම  ඒකකයේ වගකීම් ඔහුට  භාර දී තිබුණද, එම එකකය නෛතික වශයෙන් භාරව සිටියේ මමයි. මගෙන් එම විෂය ඉවත් කලේ ඇයි කියල අදටත් මම දන්නේ නැහැ.ඒ ගැන හේතු පැහැදිලි කිරීමක් පවා කලේ නැහැ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය

2017 වර්ෂයට අදාළව ඉන්සාෆ් අහමඩ් විසින් අබැලි ද්‍රව්‍ය ලබාගැනීම සදහා ක්ලෝස්යස් පුද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර තිබුණද?

සාක්ෂිකරු

ඉන්සාෆ් ආහමඩ්  විසින් පළමුව නො.37 ඕල්ඩ් මුවර් ස්ට්‍රීට්, Colombo 12 යන පෞද්ගලික ලිපිනයට ක්ලෝසියස් පුද්ගලික සමාගම ලියාපදිංචි කර තිබුණා.  පසුව එහි ලිපිනය අංක 111 / A / අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය ලෙස වෙනස් කරල තියෙනවා.

කෙසේ වෙතත් ක්ලෝස්යස් නම් මෙම ආයතනයට 2017 සහ 2018 වසර වලදි අබැලි ද්‍රව්‍ය නිකුත්කර ඇත්තේ අබැලි ද්‍රව්‍ය නිකුත් කිරීමෙදි අනුගමනය කළ යුතුයැයි 2013 වසරේ හදුන්වාදුන් මාර්ගෝපදේශයන් දැඩිලෙස උල්ලංඝනය කරමින්.

2018 වසරේදි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අබැලි කළමනාකරණය එකකය විසින් මෙම ක්ලෝස්යස් ආයතනයට තඹ මාසිකව මෙට්‍රික් ටොන් 150 ක්ද, පිත්තල මෙට්‍රික් ටොන් 100ක්ද, ඇලුමිනියම් මෙට්‍රික් ටොන් 50ක්ද ලබාදී තිබෙනවා.

 අදාළ අබැලි ද්‍රව්‍ය යොදාගෙන ඔවුන් සිය  කර්මාන්ත ශාලාව තුළ භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කර ඇති අතර  මාසිකව නිෂ්පාදනය කළ භාණ්ඩ වල වටිනාකම පමණක් රුපියල් මිලියන 153.25ක් . නමුත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් අබැලි ද්‍රව්‍ය ලබාදෙන ඉහළම කර්මාන්ත කාණ්ඩය වන මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ටත් වාර්ෂිකව ඉපයිය හැකි උපරිම මිලියන 600ක්. ඊට වඩා ආදායම් උපයන ආයතනවලට තඹ සැපයීමට කාර්මික සංවර්ධන මමණ්ඩලයට නෛතිකව හැකියාවක් නෑ.  නමුත් මාසිකව මිලියන 150ක් වැනි විශාල ඉපයිමක් සිදුකරන මහා පරිමාණයෙන් ක්‍රියාත්මක මෙම ක්ලෝස්යස් ආයතනයට අබැලි ද්‍රව්‍ය ලබාදීම සම්පුර්ණෙන්ම නීතියට පටහැනියි .

එබැවින් සුළු, කුඩා හෝ මධ්‍ය පරිමාණ ගණයට වැටෙන කර්මාන්ත විසින් සිදුකරන ඉපයීමට එහා ගිය විශාල ඉපයීමක් සිදුකරන මෙම ක්ලෝස්යස් ආයතනයට අබැලි ද්‍රව්‍ය ලබාදීමම සිය ආයතනයේ මාර්ගෝපදේශයන්ට පටහැනියි.

(ක්ලෝසියස් සමාගමට අබිලි ද්‍රව්‍ය ලබාදීම් සම්බන්දයෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ අභ්‍යන්තර විගනකද සිය විගණන විමසුමේදී ප්‍රශ්න කර ඇතැයි කොමිසම හමුවේ සාක්ෂිකාර සරත් උදයසිරි මහතා පෙන්වා දුන්නේය. ඊට අදාල විගණන විමසුම ඔහු විසින් කොමිසමට ඉදිරිපත් කළේය. එම විගණන වාර්තාවේන් අභ්‍යන්තර විගණක ප්‍රශන කර ඇත්තේ අසීමාන්තික ලෙස මෙම සමාගමට අබිලි ද්‍රව්‍ය ලබාදීම් සම්බන්ධයෙනි. ඒ තුළින් සෙසු කර්මාන්ත කරුවන්ට සිදුවන හානි ගැන පවා විගනන විමසුමේ සදහන්ය.එම අභ්‍යන්තර විගණන විමසුම 2018 වසරේ ජූලි 25 වෙනිදා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවද කොමිසමේදී අනාවරණය විය)

මෙම අවස්ථාවේදී කොලෝසස් සමාගමට සහ සෙසු කර්මාන්තකරුවන්ට අබිලි ද්‍රව්‍ය නිකුත් කිරීමට අදාලව 2017, 2018 සහ 2019 වර්ෂවලට අදාල වාර්තාවන් කොමිසමට සාක්ෂිකාර උදයසිරි මහතා ඉදිරිපත් කළේය.

සාක්ෂිකරු

ඊට අනුව 2017 වසරේදී කොලෝසස් සමාගමට අබිලි ද්‍රව්‍ය ලෙස තඹ කිලෝ 16856.8 ක් ලබාදී තිබෙනවා. රුපියල් ලක්ෂ 68 කට අධික මුදලක් ඒ වෙනුවෙන් ලැබී තියෙනවා. අනෙකුත් කර්මාන්ත කරුවන්ට තඹ නිකුත්කරල තිබෙන්නේ කිලෝ 88254.16 ක්. රුපියල් තුන්සිය හතලිස් අට ලක්ෂයකට අධික ආදායමක් ඒ තුළින් ලැබි තියෙනවා. දත්ත  විශ්ලේෂණයේදී පෙනී යන්නේ  සියයට 19.1 ක් එම සමාගමට  සෙසු සමස්ත කර්මාන්ත කරුවන්ට වඩා තඹ ලැබී ඇති බවයි.

ඒ වගේම තමයි එම වසරේදී කේබල් ඩිස්කට් නමින් හදුන්වන තඹ අබිලි කිලෝ 5734.5 ක් කලෝයය් සමාගමට අලෙවිකරල රුපියල් ලක්ෂ 09 කට අධික ආදායමක් උපයාගෙන තිබෙනවා. සෙසු සියළුම කර්මාන්ත කරුවන්ට ලබාදීල තියෙන්නේ කිලෝ 6196යි.

2018 වසරේදී කලෝසියස් සමාගම තඹ කිලෝ එක්ලක්ෂ හාරදහසක් මිලදී ගන්නා විට අනෙකුත් සමාගම් සියල්ලටම මිලදී ගැනීමට ලැබෙන්නේ තඹ කිලෝ එක්ලක්ඹ අනූඑක් දහස් හාරසිය පනස් දෙකක් පමණයි. එය සියයට 34.3 ක ප්‍රමාණයක්.

2017, 2018 , 2019 යන වසරවල සිදුවූ ගණුදෙනු සැසදීමේදී පෙනී යන කාරණයක් තමයි කොලෝයස් සමාගම රුපියල් අටසිය අසූ දෙලක්ෂ පනස්පන් දහස් පන්සිය අනූ දෙකක අබිලි ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවයි. අනෙකුත් සමාගම් එම වකවානුවේදී රුපියල් ලක්ෂ දෙදහස් හරසිය අනූවකට අධික අබිලි ද්‍රව්‍ය මිලදී ගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ගත්තම සමස්ත කර්මාන්තකරුවන්ගේ මිලදී ගැනීම් හා සාප්කේෂව සියයට 35.8 ක ප්‍රමාණයක්.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය

මෙහිදී අබිලි ද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී වට්ටම් දෙනවද?

සාක්ෂිකරු

මධ්‍යම කර්මාන්තකරුවන්ට සියයට 15 ක වට්ටමක් දෙනවා මිලදී ගැනීමේදී. එහෙත් කලෝසියස් සමාගමට ඊට වඩා වැඩි වට්ටමක් දීල තියෙනවා.  සාමාන්‍යයෙන් පිත්තල  කිලෝ එකක් සදහා සුළු කර්මාන්ත කරුවන්ට සියයට 25 ක් ලබාදෙනවා. කිලෝ එකක් අලෙවි වන්නේ රුපියල් 395 කට. එහෙත් ක්ලෝසියස් සමාගමට පිත්තල කිලෝවක් අලෙවි කර ඇත්තේ 387.26 ක මිලකට. 2017 වසරේ ක්ලෝසියය් සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලයේ අබිලි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ලියාපදිංචි කෙරන්නේ මධ්‍යම කර්මාන්තයක් හැටියටයි. ඒ අනුව එම සමාගමට හිමිවිය යුත්තේ සියයට 15 ක වට්ටමක්. පිත්තල කිලෝවක් එම සමාගමට අලෙවි විය යුතු වන්නේ  රුපියල් 438.85 ක මුදලකටයි.  එහෙත් එම සමාගමට පිත්තල අලෙවි කර ඇත්තේ සුළු කර්මාන්ත කරුවන්ට ලබාදෙන සියයට 25 ප්‍රමාණයටත් වැඩි වට්ටමක් දෙමින්. ඒ අනුව දළ වශයෙන් එම සමාගමට වැඩි වට්ටමක් දීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 4.6 ක් බවට ගණන් බලා තිබෙනවා.  අනික මෙම සමාගම 2018 වසර වන විට මධ්‍යම කර්මාන්ත වර්ගීකරණයෙන් එහා ගොස් තිබුනා. ඒ අයගේ වර්ෂක පිරිවැටුප රුපියල් මිලියන 600 ඉක්මවල තිබුණා. ඒ අනුව එම සමාගම අපේ වර්ගීකරණයට අනුව සැළකෙන්නේ මහා පරිමාණයේ සමාගමක් ලෙසයි. අපි අබිලි ද්‍රව්‍ය ලබාදෙන්නේ කුඩා,සුළු සහ මධ්‍යම කර්මාන්ත වෙනුවෙනුයි. එහෙත් මේ සමාගමට එම නියමයන් අභිබවා පිත්තල ලබාදීම් කරල තිබෙනවා. එම ලබාදීම් කරල තිබෙන්නේත් සෙසු කර්මාන්ත කරුවන්ට නිකුත් කරන ප්‍රමාණයන්ට වඩා ඉහළ ප්‍රතිශතයකින් බව දත්තයන් විමර්ශනයේදී පෙනී යනවා.

සභාපති විනිසුරු

අබිලි ද්‍රව්‍ය ව්‍යාපෘතිය අධික්ෂණය කරන්නේ කවුරුන්ද?

සාක්ෂිකරු

කළමනාකරන කමිටුව විසින්

සභාපති විනිසුරු

2017 වසරේ සිට එම කලමනාකරන කමිටුව රැස්වී තිබෙනවද?

සාක්ෂිකරු

නැහැ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සභාපති විනිසුරු

කමිටුවේ ප්‍රධානියා කවුද?

සාක්ෂිකරු

අමාත්‍යාංශ ලේකම්

සභාපති විනිසුරු.

එකල හිටපු අමාත්‍යාංශ ලේකම් කවුද?

සාක්ෂිකරු

රංජිත් අශෝක මහත්මයා.

විනිසුරු බන්දුල කරුණාරත්න

ඔබව අලෙවි අධ්‍යක්ෂ තනතුරට පත්කලේ කවුද?

සාක්ෂිකරු

සභාපතිවරයා විසින්

විනිසුරු

අබිලි ද්‍රව්‍ය කළමනාකරන කටයුතු සදහා සභාපතිවරයා මැදිහත්වීමක් වුනාද?

සාක්ෂිකරු

නැහැ. රාජකාරිමය කටයුතු සදහා බලපෑම් එල්ලවුනේත් නැහැ.

විනිසුරු

අනෙකුත් සමාගම් එක්ක සංසන්ධනය කරනකොට ක්ලෝසියස් සමාගමට වැඩි වශයෙන් අබිලි ද්‍රව්‍ය නිකුත් කලේ කාගේ නියෝගයකටද?

සාක්ෂිකරු

මට ඒ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්න බැහැ. මාව ඒ වන විට එම කාර්යෙන් ඉවත්කරලයි තිබුනේ.

( මෙම අවස්ථාවේදී අදාල ක්ලෝසියස් සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචියට ඉදිරිපත් කළ ලේඛන වල අඩුපාඩු තිබුණු බවත් ග්‍රාමසේවා සහතිකය ගැන ගැටළු තිබුණු බවත් කොමිසම හමුවේ සදහන් විය. කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රෙද්ශයේ ග්‍රාමනිලධාරියා වෙනුවට වෙනත් ග්‍රාම නිලධාරියෙක් සමාගම ගැන ග්‍රාමසේවා සහතිකයක් නිකුත්කර ඇති බවත් එම ග්‍රාමසේවා සහතිකය පිළිගත නොහැකි එකක් බවත් කොමිසම හමුවේදී කියැවිණි.)

විනිදුරු බන්දුල කරුණාරත්න

මෙම සමාගමේ නීත්‍යානුකූල භාවයක් ගැන මෙවන් ප්‍රශ්න තිබියදී නීත්‍යානුකූල ආයතන මේ සමාගමට වැඩි සැලකිල්ලක් දැක්වීම ගැන පැමිණිලි කලේ නැද්ද?

සාක්ෂිකරු

 ඒ කාලේ කරන්න ඇති. දැන් මාවෙතත් පැමිණිලි ලැබෙනවා.

විනිසුරු

ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද?

සාක්ෂිකරු

අදටත් අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි තඹ සහ පිත්තල මිලදී ගන්නේ අදවන විට යම් ක්‍රමවේදයනකට අනුව අපි අබිලි ද්‍රව්‍ය නිකුත් කරනවා. උපරිම දෙන්නේ කිලෝ 424 යි.

විනිසුරු සුනිල් රාජපක්ෂ

සභාපතිව පත්කරන්නේ කවුද?

සාක්ෂිකරු

ඇමතිතුමා

විනිසුරු

එම අමතාත්‍යවරයා තවුද?

සාක්ෂිකරු

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා

විනිසුරු

ඔබගේ රාජකාරිකටයුතු වලට සභාපතිගෙන් හෝ ඇමතිවරයාගෙන් බලපෑම් එල්ලවුනාද?

සාක්ෂිකරු

බලපෑමක් ඇති වුනේ නැහැ.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ එවකට සිටි සභාපති  මහින්ද ජනසේන මහතා වෙනුවෙන් කොමිසම හමුවේ මෙදින ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් පෙනී සිටින ලදි.

කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොමිසම හමුවේ පෙන්වා දෙනු ලැබුවේ 2015 වසරේ සිට 2019 වසර දක්වා සභාපතිවරුන් දෙදෙනෙක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සේවය කර ඇති බවය. දින 52 ආණ්ඩුව පැවති අවස්ථාවේදී මහින්ද ජිනසේන මහතා සභාපති ධුරයෙන් ඉවත්වූ බවත් සභාපති නවීන් අදිකාරම් මහතා වැඩ භාරගනු ලැබුවේ 2019 වසරේදී බවත් කොමිසම හමුවේ ඔහු පෙන්වා දුන්නේය. මෙම සභාපතිවරුන් දෙදෙනාගේම පාලන කාලය තුළ කොලෝසිස් සමාගම අබිලි ද්‍රව්‍ය මිලදී ගැනීම් කර ඇති බවද ඔහු කොමිසම හමුවේ පෙන්වා දුන්නේය. එම සභාපතිවරුන් දෙදෙනාවම පත්කරනුයේ රිෂාඩ් බදුදියුදීන් ඇමතිවරයා බවද ඔහු සදහන් කළේය. එසේම කාර්මික සංවර්ධන මණ්ඩලය 2015 සහ 2016 වසරවලට වඩා 2017 සහ 2018 වසර වල වැඩි ලාභයක් උපයාගෙන ඇති බවද කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොමිසම හමුවේ සදහන් කළේය.

මෙම අවස්ථාවේදී සභාපති විනිසුරු ජනක්ද සිල්වා මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ 2015 සහ 2016 වසරවලට වඩා 2017 සහ 2018 වසරවල අධික ලාභයක් ලැබුවද කොලෝසියස් සමාගමට නියමිත වට්ටම පමණක් ලබාදුන්නේ නම් එම ලාභය තවත් වැඩියෙන් ලබාගැනීමට හැකියාව තිබුනේ දැයි කියායා. ඊට සාක්ෂිකරු ඔව්. යැයි පිළිතුරු දුන්නේය.  මිල කමිටුවකින් තොරව නීති විරෝධි ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගණුදෙනු සිදුව ඇති බවද කොමිසම හමුවේ වැඩිදුරටත්  සදහන් විය.

කොමිසම හෙට (02) නැවත රැස්වේ

Tags: නවතම
Share84Tweet43
Previous Post

ඉඳුරුව ගල්කන්ද විහාරයේ නා හිමි ඝාතනය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරමක් ද?

Next Post

සහරාන් අත්අඩංගුවට ගන්නැයි 09 වරක් කීවත් මෛත්‍රී, රනිල්  ඇහුවේ නෑ

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.