බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඳුරුව ගල්කන්ද විහාරයේ නා හිමි ඝාතනය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරමක් ද?

හාමුදුරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් සමග සමීප සබඳතා පවත්වලා...

by editor
ජූලි 1, 2020
in පුවත්
ඉදුරුවල ගල්කන්ද රජමහා විහාරස්ථානාධිපති යටියන බුද්ධානන්ද  නා හිමි

ඉදුරුවල ගල්කන්ද රජමහා විහාරස්ථානාධිපති යටියන බුද්ධානන්ද නා හිමි

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ඉදුරුව, ගල්කන්ද රජමහ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් 04 ක් යොදා පුළුල් පරීක්ෂණ පවත්වන බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි ආර් එම් රත්නායක, ඇල්පිටිය නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර සහ කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල යන පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වේ.

ඉදුරුවල ගල්කන්ද රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන යටියන බුද්ධානන්ද (73) නායක ස්වාමින් වහන්සේ කිසියම් පිරිසක් විසින් පසුගිය ජුනි 28 දින රාත්‍රී හෝ 29 දින අළුයම එම විහාරස්ථානයේදීම ඝාතනය කර තිබුණි. මෙම ස්වාමින් වහන්සේ ගල්කන්ද විජයධම්ම පිරිවෙනේ පරිවේණාධිපති ස්වාමින් වහන්සේ ලෙසද කලක් කටයුතු කර තිබෙන බවත් ගල්කන්ද රජමහා විහාරස්ථානය අමරපුර රාමඤ්ඤ මහ නිකායේ මූලස්ථානය ලෙසද භාවිතා කරන බවත් විහාරස්ථ දායක සභාව කියයි. කලක් රාමඤ්ඤ මහ නිකායේ මහනායක ධූරය දැරූ අග්ග මහා පණ්ඩිත ඉදුරුවේ උත්තරානන්ද නාහිමියන් වැඩ වාසය කර ඇත්තේද මෙම විහාරස්ථානයේය.

ඝාතන සිද්ධිය 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඝාතනය සම්බන්ධයෙන් වූ මහහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ   විසින් 29 දින පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයිරාංගනී ප්‍රනාන්දු  විසින් 29 දා සිදු කළේය. එය ගෙල සිර කිරීම හේතුවෙන් හුස්ම සිර වී සිදු වූ මරණය  බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ හිස වටා සම්පූර්ණයෙන්ම උන් වහන්සේ ඇදසිටි සිවුර ඔතා රෙදි පටි වලින් බැද තිබූ බවත් අත් සහ පා එකිනෙක ගැටගසා තිබූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි. මෙම ක්‍රියාවන් එක් අයෙකුට කළ නොහැකි බව පවසන කොස්ගොඩ පොලීසිය ඒ නිසාම මෙම ඝාතනය සඳහා දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් පැමිණෙන්නට ඇතැයි  විශ්වාස  කරයි.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ මෘත දේහය 29 දින උදෑසන විහාරස්ථානයට පැමිණි කුඩා ළමුන් දෙදෙනෙකු විසින් දැක ඔවුන් ඒ බව සිය වැඩිහිටියන්ට දන්වා තිබේ. මෙම විහාරස්ථානයේම වැඩ වාසය කරන වෙනත් ස්වාමින් වහන්සේ නමක් විසින්ද ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු කොස්ගොඩ පොලීසියට ලබා දී ඇත. ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ වයස් මට්ටමේම අයෙකුවන එම ස්වාමින් වහන්සේ මානසිකව ව්‍යාකූලවී සිටින අයෙකු බවත් ඒ නිසා එම ස්වාමින් වහන්සේගෙන් සාර්ථක තොරතුරක් ලබාගත නොහැකි බවත් කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඝාතනයට ලක් වූ නායක ස්වාමින් වහන්සේ 28 දින රාත්‍රී  10.00 ට පමණ නින්දට ගොස් තිබෙන බවත් එයින් පසුව මෙම ඝාතනය සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ස්වාමින් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබි ඇත.  මුහුණට උල් ආයුධයකින් ඇණ තිබූ ආකාරය පොලිස් පරීක්ෂණ වලදී තහවුරු කර තිබේ.  ස්වාමින් වහන්සේගේ බෙල්ලේද බරපතල නොවන කැපුම් තුවාලයක් තිබී ඇත.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේ ඉතා විශාල වශයෙන් සිය දායකයින්ට සේවාවන් කරන ලද හිමි නමක් බව ප්‍රදේශවාසීහු කියති.    වඩුවැඩ හා මේසන් වැඩ හොඳින් ප්‍රගුණ කරඇති උන් වහන්සේ සිය විහාරස්ථානයේ ඊට අදාල කටයුතු තමා විසින්ම කරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය

ඝාතනයට ලක් වූ බුද්ධානන්ද (73) ස්වාමින් වහන්සේ ප්‍රදේශයේ හෙරොයින් හා ගංජා අලෙවි කරන්නෙකු සමග දැඩි සම්බන්ධතා පවත්වන ලද බවද පොලිස් පරීක්ෂණ වලදි ඇතැම් ගම්වාසීන් විසින් ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම ස්වාමින් වහන්සේ නීති විරෝධී මත්දව්‍ය ව්‍යාපාර වලට සම්බන්ධ බවට තොරතුරු තිබෙන බවය. ඒ නිසාම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අය විසින් මෙම ස්වාමින් වහන්සේ ඝාතනය කරන්නට ඇතැයිද පොලීසියේ විශ්වාසය වී තිබේ.

ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන ලද කාමරයේ තිබී උපත් පාලන කොපු 03 ක් හා අන් අයගේ ශරීරයන්හි සුවිශේෂී කොටස් කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම ශරීර කොටස් ඝාතකයන්ගේද එසේත් නොමැති නම් මෙම ස්වාමින් වහන්සේ සමග හාදකම් පවත්වන ලද පුද්ගලයන්ගේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබේ. මෙම උපත් පාලන කොපු පාවිච්චි නොකරන ලද ඒවා බවද පොලීසිය කියයි.

සොයා ගන්නා ලද ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත හෝ බොරැල්ල ජීන් ටෙක් ආයතනය වෙත යවා යම් තොරතුරක් ලබාගත හැකිද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් පොලීසිය කටයුතු කරමින් සිටී. මෙම ස්වාමින් වහන්සේගේ කාමරය අපිළිවෙළට තිබූ බවත් සිව්රු, පාත්තර, පොත්පත් හා පත්තර තැන තැන දමා තිබූ බවත් පරීක්ෂණවලදී පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

අවසන් කටයුතු

ඝාතනයට ලක් වූ යටියන බුද්ධානන්ද හිමියන්ගේ අදාහන කටයුතු හෙට (02) සවස 2.00 ට පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව කියයි. සවස 2.00 ට බුද්ධානන්ද හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට රිය පෙරහරකින්  ඉඳුරුව මහජන ක්‍රීඩාංගණය දක්වා වැඩම කර එහිදී ආගමික වතාවත් සිදු කර පස්වරු 4.00 ට නැවතත් ඉදුරුව මහජන ක්‍රීඩාංගනයේ සිට දේහය නැවත ගල්කන්ද, විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයට රැගෙන යෑමට නියමිතය. ප.ව 5.00 ට විහාරස්ථාන භූමියේදී උන්වහන්සේගේ භූමදානය කිරීමට නියමිත බවද භූමදාන කමිටුව කියයි.

ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහකාර  පොලිස්  අධිකාරි  ආර් එම් රත්නායක, ඇල්පිටිය නොවිසඳුන අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර සහ කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දිමාල් යන නිලධාරීන් ඇතුළු පිරිසක් හා අම්බලන්ගොඩ පොලීසියට අනුයුක්ත නිල සුනඛ අංශයේ නිලධාරීන් වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

 

 

Share74Tweet43
Previous Post

සංගක්කාර හෙට ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයට කැඳවයි

Next Post

කාර්මික සංවර්ධන මණ්ඩලයේ තඹ නීති වැටෙන් පැන පාස්කු බෝම්බකරුගේ ෆැක්ටරියට ගිය හැටි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.