බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

සහරාන් අත්අඩංගුවට ගන්නැයි 09 වරක් කීවත් මෛත්‍රී, රනිල්  ඇහුවේ නෑ

හිටපු හමුදා බුද්ධි ප්‍රධානියෙක් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙයි.

by editor
ජූලි 2, 2020
in පාස්කු කොමිසම, පුවත්
Sri-Lanka-Easter-bombings
Share on FacebookShare on Twitter
  • හිටපු හමුදාපතිට දැන්වූ විට කිව්වා අපි රට වෙනුවෙන් උපරිම දේ කරමු… හැබැයි රජය මේ සම්බන්ධව දක්වන උනන්දුව අඩුයි කියලා.
  • අප්‍රේල් 16 යතුරුපැදි බෝම්බය ගැන කියලා රාජ්‍ය බුද්ධි ප්‍රධානියට කිව්වා වැඩේ ගොඩක් බරපතලයි ඔබේ නිලධාරීනුත් යොදවලා හොයන්න කියලා
  • මේ දැනුවත් කිරීම කරලත් ඉන්දියාවෙන් ලැබුණු අනතුරු ඇගයීම ගැන අප දැනුවත් කළේ නෑ…. සියලු තොරතුරු තිබිලත් විනාශය වළක්වා ගත නොහැකි වීම ගැන දුක් උනා..

ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටි සහරාන්ගේ  ක්‍රියාකලාපය රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බැවින් ඔහව අත්අඩංගුවට ගත යුතු බව  අවස්ථා 09 කදී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළ ද  ආරක්ෂක මණ්ඩල ප්‍රධානියාව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිව යුත්තන්ගේ අවධානයක් හෝ යහපත් ප්‍රතිචාරයක් නොවූ බව පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් යුධ හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් ඊයේ (01) අනාවරණය කළේය.

තෙවැනි දිනයටත් කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් මෙම බුද්ධි නිලධාරියා තමා මෙම තොරතුරු ආරක්ෂක මණ්ඩලයට  2017 වසරේ දෙසැම්බර් 06 වෙනිදා සිට 2019 වසරේ මාර්තු 22 දක්වා වූ කාල වකවානුව තුළදී නව වරක් දැනුම් දුන් බවද සඳහන් කළේය. එසේම එම තොරතුරු  රාජ්‍ය බුද්ධි සේවයද දැනුම් දුන් බව ඔහු අනාවරණය කළේය. 

“මට හරි කණගාටුයි. මේ අයට මේ ගැන හොඳ අවබෝධයක්  හෝ උනන්දුවක් නොමැති බවයි මට දැනුණේ“ යැයිද එම නිලධාරියා කොමිසම හමුවේ පැවැසීය. 

කොමිසමේ දී අසන ද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් පැවසූයේ එවකට හමුදාපති  මහේෂ් සේනානායකව ද  තමා ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් කළ බවය. එහෙත් තමාට හිටපු යුධ හමුදාපතිවරයා වරක් ප්‍රකාශ කළේ මේ පිළිබඳව  වගකිවයුත්තන්ගේ උනන්දුවක් නොමැති බව පෙනෙනට ඇතැයි කියා බව  ඔහු මෙහිදී පැවසීය. 

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

 “හමුදාවක් වශයෙන් අපි උපරිම දේ කරමු. අපි ගාව තියෙන තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයටයි, පොලිස්පතිවරයාටයි යවමු.“යැයි එම අවස්ථාවේදී හමුදාපතිවරයා තමාට පැවැසූ බවද බුද්ධි නිලධාරියා පැවැසීය.

කාතන්කුඩියේදී 2019 අප්‍රේල් 16 වෙනිදා පුපුරාගිය යතුරුපැදි බෝම්බය ගැන ඊට දින දෙකකට පසුව රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමා සමග දුරකතනයෙන් කථාකල බවත් එය පෙර පුහුණුවක් බව සඳහන් කරමින් “සීරියස් කේස් එකක්. උඹගේ කොල්ලෝ දාලත් හොයපන්“ යැයි සඳහන් කළමුත් 21 වෙනිදා ප්‍රහාරය ගැන   විදේශයකින් ලද අනතුරු ඇගයීම් තොරතුර සම්බන්ධව තමන්ව දැනුවත් නොකළ බවද ඔහු පැවැසීය. එම තොරතුර ගැන තමාව දැනුවත් නොකලේ ඇයි දැයි තමාට අදටත් ගැටලුවක් පවතින බවත් එවැනි තොරතුරක් කල් ඇතිව ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය එල්ලවීම ගැන දැනගත් විට තමා වික්ෂිප්ත වූ බවත් බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

එම තොරතුර ගැන තමාව දැනුවත් කලේ නම් දෙගොල්ලන්ම එකතුවී ප්‍රහාරය වලක්වා ගැනීමටත් පුපුරණ ද්‍රව්‍ය සමග ඒ සියළු දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණු බවත්  එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ පැවැසීය. 

“මේක වගකීම් පැහැර හැරීමක්. අපි එකම රටක බුද්ධි අංශ දෙකක් වුනාට වැඩකළ යුතුව ඇත්තේ ජාතික ආරක්ෂාව වෙනු‍වෙන්“ යැයිද එම බුද්ධි නිලධාරියා සඳහන් කළේය. 

පාස්කු ප්‍රහාරයෙන් පසු දෙහිවලදී අන්තවාදී සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තේ තමා යටතේ සිටි නිලධාරීන් බවත් එම සැකකරු සම්බන්ධයෙන් එවකට සිටි ඇමතිවරයෙක් වන රිෂාඩ් බදියුදීන් එවකට සිටි යුද හමුදාපති මහේෂ් සේනානායකට ඇමතුමක් දී තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයා තමන්ව දැනුවත්කර “ඔයාගේ කොටස දිගටම කරගෙන යන්න“ යැයි උපදෙස් දුන් බවත් එම බුද්ධි නිලධාරියා පැවැසීය. 

පාස්කු ප්‍රහාරය ගැන කල්තියා ලද තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිසි ඇගයීමකින් තොරව නිසි වටිනාකමක් දී නැති බැවින් එම තොරතුර වගකිවයුත්තන් අතට පත්වූ පසු නිසි අවධානයට යොමු නොවූ බවද බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ පැහැදිලි කළේය. 

රාජ්‍ය නායකයාට ඝෘජුවම අමතා තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාට තිබුණු අවස්ථාව හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයාට නොතිබුණු බවත් එය අඩුපාඩුවක්  බවත් කොමිසම හමුවේ සදහන් විය. බුද්ධි නිලධාරීන් කටයුතු කිරීමේදී ඔවුන්ට නීතිමය ආවරණයක් නොමැති බව පෙන්වා දෙමින් බුද්ධි නිලධාරීන් නීති පද්ධතියකින් ආරක්ෂා වීමේ අවශ්‍යතාවද එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම බුද්ධි අංශ නිලධාරින්ට අවස්ථාවක් ලබා නොදුන් බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම් කිහිපයක්ම යුද හමුදාපතිවරයා විසින් කර තිබුණු බවත් සාක්ෂිකාර බුද්ධි නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share91Tweet43
Previous Post

කාර්මික සංවර්ධන මණ්ඩලයේ තඹ නීති වැටෙන් පැන පාස්කු බෝම්බකරුගේ ෆැක්ටරියට ගිය හැටි

Next Post

හෝමාගමිනුත් පාතාල අවි ගබඩාවක් මතුවෙයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.