උණ , කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව සමග දරුවන්ගේ අත්පාවල සහ මුඛයේ රතු පැහැති බිබිලි මතු ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කරන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ට දැනුම් දී සිටියි.
ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණයන් සහිතව පැතිර යන මෙම රෝගය “හෑන්ඩ්ස්, ෆුට්. මවුත් ඩීසිස්” යනුවෙන් හදුන්වන අතර ඉක්මනින් බෝවීමේ හැකියාවක්ද පවතින බව ඔහු පෙන්වාදේ.
මෙම රෝගය ඉක්මනින් පැතිරෙන බැවින් රෝග ලක්ෂණ මතුවන දරුවන් පාසල් වෙත නොයවන ලෙසත් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් දැනුම් දී සිටියි.
වෛද්‍ය ප්‍රතිකාර සදහා ඉක්මනින් යොමු නොවන්නේ නම් රෝගය උත්සන් වී දරුවන්ගේ නියපොතු හැලීමේ තත්ත්වක්ද ඇතිවිය හැකි බව ඔහු පෙන්වාදේ.
Good