මගීන් 15 දෙනෙකු බිලිගනිමින් පස්සරදී මාරක රිය අනතුරට ලක් වූ බස් රථයේ රියදුරු එම අනතුර සිදුවන අවස්ථාවේදී ජංගම දුරකථනය භාවිත කරමින් සිටියේද යන්න පිළිබඳ විමර්ශනයක් අරඹා තිබේ.
ඒ සඳහා පොලිස් විමර්ශන අංශ විසින් රියදුරුගේ දුරකථන දත්ත සහ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන අරඹා ඇත.
ඊට හේතු වී ඇත්තේ අනතුර සිදුවීමට සුළු මොහොතකට පෙර එම බසයට නැගීමට උත්සාහ කළ මගියෙකුට බසය නොනවත්වා ධාවනය කර ඇති අතර ඒ මොහොතේ රියදුරු ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගන්නා ආකාරයක් එම මගියා විසින් දැක තිබීමයි.
එම මගියා විසින් පොලිසියට මේ බව දන්වා තිබේ.
එම තොරතුරු ඔස්සේ පොලිසිය මෙම විමර්ශනය සිදු කිරීමට තීරණය කර ඇත.