සීනි බදු අඩු කිරීමේදී වංචාවක් සිදුවී නෑ… මුදල් රාජ්‍ය ඇමති කබ්‍රාල් පාර්ලිමේන්තුවේ දී කියයි…

RelatedPosts

සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවයෙ. එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ක්ෂණිකව නොගියත් ඔවුනට යම් සැළකියයුතු වාසියක් ලැබී ඇති බව ඔහු වැඩිදුරත් කීවේය.රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ බදු අඩු කිරීමේ දී කිසිදු වැරැද්දක් සිදු වී නැති බවය. බොරු කීම විපක්ෂයේ එකම ආයුධය බවත් ඒ බොරුවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.සීනි බදු වංචාව පිළිබඳ සංවාදය ඇතිවුනේ පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ 13 වැනිදා සිට පෙබරවාරි මාසයේ 20 වැනිදා දක්වා කාලය තුළ සීනිවලට පනවා තිබූ විශේෂිත වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමෙන් රටේ භාන්ඩාගාරයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රකාශ වීමෙනි.   එය පාඩුවක් නොව මහා වංචාවක් බව බොහෝ දෙනකුගේ චෝදනාව විය.

මේ අතර ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාව මගින් රජයට රුපියල් බිලියන 15.9 ක මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 12 දා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළේය.

කියවන්න…

ආණ්ඩුවේ රෙද්ද ගැලවූ සීනි බද්ද ගිල්ලේ පිරම්ඩ් විල්මාර්ද?

 

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT