කීර්ති ප්‍රනාන්දු –
ගොවියෙක් සිය එළවළු කොටුව වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක පැටලී එම ගොවියාගේ බිරිය මිය ගිය පුවතක් හාලිඇල පොලිසිය වාර්තා කරයි.
හාලිඇල ලන්දේවෙල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති අතර මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි කාන්තාවකි.
අද උදෑසන මියගිය කාන්තාව පලා කැඩීමට යෑමේ දී සැමියා වන සතුන් සඳහා ඇටවූ මෙම විදුලි රැහැනේ පැටලී තිබේ. සැමියා විදුලි සැර වැදී කොටුවේ වැටී සිටි බිරිය දකින විටත් ඇය මියගොස් සිට ඇත.
හාලිඇල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.







