කීර්ති ප්රනාන්දු –
ග්රෑන්ඩ්පාස්, කජීමාවත්තේ අද අලුයම 3.15ට පමණ ඇති වී පැතිරුණ ගින්නක් නිසා පැල්පත් නිවාස 50කට වැඩි ප්රමාණයක් ගිනිගෙන විනාශ වූ බව පොලිසිය පැවසීය.
නිවාස පෙළෙහි පිහිටි එක් නිවසක දල්වා තිබූ පහනක් පෙරළිමෙන් ගින්න ඇති වූ බව පොලිසිය විශ්වාස කරයි. එකිනෙකට යාබදව පැවති නිවාස පන්තිය වසාගෙන ගින්න පැතිරුණ බවත් එම නිවාසවල පැවති සියලුම ගෘහ උපකරණ සහ ඇඳුම් පැළඳුම් ආදි සියලුම දේ ගින්නෙන් මුලුමනින්ම විනාශ වූ බවත් ප්රදේශවාසීහු කීහ.
මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන හමුදාවට දැඩි පරිශ්රමයක් දැරීමට සිදු වී තිබිණි. ගින්න නිවා දැමීමට පැය 03ක පමණ කාලයක් ගත වූ බව ගිනි නිවන හමුදාව ප්රකාශ කළේය.
කජීමාවත්තේ පැල්පත් නිවාස 250කට අධික ප්රමාණයක් ඇති බව පොලිසිය පවසයි. සීඝ්රයෙන් පැතිරුණ ගින්න පාලනය සම්පූර්ණයෙන් පාලනය කිරීමට ගිනි නිවන හමුදාව හැකි විය. යම් හෙයකින් එය පැතිරී ගියේ නම් අති විශාල හානියක් වන බව ද ඔවුන් පේනවා දුන්නේය.