සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

by editor
ජූලි 3, 2026
in පුවත්
Wasantha-Karannagoda
Share on FacebookShare on Twitter

යෝෂිත රාජපක්ෂ නීති විරෝධී ලෙස නාවික හමුදාවට බඳවාගෙන රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ විශේෂ පුහුණුවකට යොමු කිරීමේ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසම මඟින් මීට පෙර අවස්ථා දෙකකදීම ඔහුව කැඳවා තිබුණි. පසුගිය ජූනි මස 16 වැනිදා සිදුකළ පළමු කැඳවීමේදී අදාළ ලිපිය තමන්ට නොලැබුණු බව පවසමින්ද, ජූනි 22 වැනිදා සිදුකළ දෙවැනි කැඳවීමේදී තමන්ට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන්ද ඔහු කොමිසම හමුවට පැමිණීම මඟහැර තිබිණි.

ඒ අනුව තෙවැනි අවස්ථාව ලෙස අද (03) දින ඔහු අල්ලස් කොමිසම හමුවට පැමිණි අතර, එහිදී දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. පසුව සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම ඇප නියෝගය නිකුත් කළේය.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නැමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව රජයේ මුදල් ගෙවා මෙම පුහුණුව සඳහා සහභාගි කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි. මෙම සමස්ත නීති විරෝධී ක්‍රියාවලියේ මූලික වගකීම එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ යටතේ සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

RelatedPosts

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

Related Posts

පුවත්

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
පුවත්

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wasantha-Karannagoda

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!
  • මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…
  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.