සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

by editor
ජූනි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

හරක්කටාගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනිමට අදාලව ඊයේ (25) පස්වරුවේ නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුලු තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දැක්වීමක් සිදුකළේය. විශේෂත්වය වූයේ ඔහු අධිකරණයට කීවේ තමන් මේ කතා කරන්නේ සමස්ථ ශ්‍රී ලංකා නීතිඥවරුන් 28000 වෙනුවෙන් බවය.

රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් ගුණරත්න වන්නිනායක රඛිත රාජපක්ෂගේ වෘත්තීය අයිතිවාසිකම් අහිමි නොකළ යුතු බව අවධාරණය කරමින් මෙසේ පැවසුවේය.

” සාමාන්‍යයෙන් පැමිණිල්ලක් ඒ අදාන විමර්ශනය සිදුකරන ආයතනයට ආවාම අදාල පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමකට එන්න කියනවා. නමුත් මෙතන එහෙම දෙයක් වෙලා නෑ. හමුදාවෙන් පනිනවා වගේ ගෙදරකට පැනලා අල්ලන් යනවා.”

“මේකද ලංකාවෙ නීතඥවරයෙකු හිමිවන ගරුත්වය. මේකද කළු කෝට් එකේ වටිනාකම.
නීතිඥවරුන්ට හිමිවන වරප්‍රසාද හිමිවිය යුතුයි. අල්ලස් කොමිසමට මේ විදිහට නීතිඥවරුන් ඇදන් යන්න බැහැ.”

“මේක අපේ අභිමානයට කළ හානියක්. තාත්තා දේශපාලනඥයෙක් නිසා මේ කරන්නේ පුතාට ගහන එක. කවද හරි ස්වාමීනී ඔබතුමාටත් මටත් මේ දේම වෙන්න පුලුවන්. මම ඒ නිසා ශ්‍රී ලංකා නීතිඥවරුන් විසිට දහසකගේ අයිතිවාසිකම් වෙනුවෙන් කථා කරන්නේ.”

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ගුණරත්න වන්නිනායක ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ ද ප්‍රබල චරිතයකි. ඔහු පෙනී සිටියේ ශ්‍රී ලංකා නීතිඥයින් වෙනුවෙනි. මෙහි දී ඔහුගේ පෙනී සිටීම නිරූපණය කළේ  වන්නිනායක රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් බවය.

මේ පිළිබඳව බරපතල  විවේචනයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සමාජයෙන් එල්ල වුනේය. අද (26)  දිනයේ පස්වරුවේ නීතිඥ සංගමය තත්ත්වය නිවැරදි කරමින් පැහැදිලිකිරීමක් ඉදිරිපත් කළේය.

ඒ ලිඛිත නිවේනය අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් නීතිඥ රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ කටයුතුවලදී ඔහු වෙනුවෙන් කිසිදු නියෝජනයක් නොකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පැහැදිලි කර ඇත.

අද (26) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති කටයුතුවලදී සංගමය කරුණු ඉදිරිපත් කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා වැරදි ලෙස යෝජනා කර ඇති බවයි.

තම සාමාජිකයින් සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් තම කාර්යභාරය අදාළ අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා සංගමයට වාර්තා කිරීමට පමණක් සීමා වන බව නීතිඥ සංගමය පැවසීය.

තවදුරටත් එහි සඳහන් වූයේ, නඩු කටයුතු අතරතුර නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට තම විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති බවත්, අත්අඩංගුවට ගත් නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්ය.

Screenshot
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

Next Post

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.