සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

by editor
ජූනි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මැන්චෙස්ටර් නුවර පැවැති තීරණාත්මක තරඟයකදී ස්කොට්ලන්තයට එරෙහිව තියුණු ජයක් වාර්තා කරමින් 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සිය බලාපොරොත්තුව දල්වා තබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (27) සමත් විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය ලකුණු 152ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් අවශ්‍යව තිබුණි.

අවසන් පන්දුවාරය යැවූ රේචල් ස්ලේටර්ගේ පළමු පන්දු තුනෙන් ලකුණු 4ක් ලබා ගැනීමට නිලක්ෂිකා සිල්වා සහ සුගන්දිකා කුමාරි සමත් වූහ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ස්ලේටර් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය අතර, ඉතිරි පන්දු තුන යැවීම සඳහා ප්‍රියානාස් චැටර්ජි කැඳවනු ලැබීය. ඇය යැවූ සිව්වන පන්දුවෙන් එක් ලකුණක් වාර්තා වූ අතර, ජයග්‍රහණය සඳහා පන්දු 2කදී ලකුණු 2ක් අවශ්‍ය විය. එහිදී සුගන්දිකා කුමාරි එල්ල කළ විශිෂ්ට හතරේ පහරක් සමඟින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සනිටුහන් කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් තරගාවලියේ සුවිශේෂ සිදුවීම් දෙකක් විය යුතුය.
පළමු වැන්න එංගලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීමය.
දෙවැන්න අයර්ලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව් පිල අන්ත පරාජයකට පත් කිරීමය. මේ අවස්ථා සම්පූර්ණ වීම බොහෝ විට වාසනාව මතම තීන්දුවන්නක් බව කිව යුතුව ඇත.

අනෙක් අතට, 2028 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් අහිමි වීම පිළිබඳව ස්කොට්ලන්ත කණ්ඩායමට කණගාටු වීමට සිදුවනු ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

 

 

ස්කොට්ලන්තයෙන් වේගවත් ආරම්භයක්

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායමට ඩාර්සි කාටර් සහ කැතරින් ෆ්‍රේසර් වේගවත් ආරම්භයක් ලබා දුන්හ. බියකින් තොරව පන්දුවට පහරදුන් කාටර් මුහුණ දුන් මුල් පන්දු 10 තුළ හතරේ පහරවල් 4ක් එල්ල කළේය.
ෆ්‍රේසර් ද හතරේ පහරවල් දෙකක් සමඟින් ලකුණු පුවරුව ඉහළ දැමූ නමුත්, මිථලි අයෝධ්‍යාගේ පන්දුවක් හමුවේ මිඩ්-ඕෆ් කලාපයේ සිට දකුණු පසට පැන නිලක්ෂිකා සිල්වා රැකගත් විශිෂ්ට උඩපන්දුවක් හේතුවෙන් ෆ්‍රේසර්ගේ ඉනිම ලකුණු 12කට සීමා විය.

අනතුරුව කාටර් සහ කැතරින් බ්‍රයිස් එක්ව පවර්ප්ලේ පන්දුවාර 6 තුළ ස්කොට්ලන්ත ලකුණු සංඛ්‍යාව කඩුල්ලක් දැවී ලකුණු 45ක් දක්වා ඉහළ නැංවූහ. මෙම ඉනිම අතරතුරදී එංගලන්තයේ ඩැනී වියට්-හොජ් ලබා සිටි ලකුණු 193 සීමාව පසුකර යමින්, මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට ද ඩාර්සි කාටර් සමත් විය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රබල පීඩනයක්

පවර්ප්ලේ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ තරඟයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ස්කොට්ලන්ත ලකුණු වේගය පාලනය කිරීමට සමත් වූහ. 9 වැනි පන්දුවාරයේදී කැතරින් බ්‍රයිස් විසින් චමරි අතපත්තුට පිට පිට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළද, ඇයට ලබාගත හැකි වූයේ පන්දු 23කින් ලකුණු 23ක් පමණි. ඇය කවිෂා දිල්හාරිගේ පන්දුවක් හමුවේ ඇය වෙතම උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියාය.

ලකුණු වේගය වැඩි කිරීමට කාටර් උත්සාහ කළද, ඇය ඉහළින් එල්ල කළ පහර සීමා මායිම් අසල සිටි පන්දු රකින්නියන් අභිබවා යාමට අසමත් විය. එක් අවස්ථාවක පන්දු 10කින් ලකුණු 18ක් ලබා සිටි කාටර්ට, ඉන් පසු මුහුණ දුන් පන්දු 26 තුළ ලබා ගත හැකි වූයේ ලකුණු 16ක් පමණි. මේ හේතුවෙන් පවර්ප්ලේ පන්දුවාරවලින් පසු එළඹි පන්දුවාර 8 තුළ ස්කොට්ලන්තයට ලබාගත හැකි වූයේ ලකුණු 43ක් පමණි.

ලිස්ටර් සහ සාරා ස්කොට්ලන්තය ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යයි

හතරවැනි කඩුල්ල සඳහා පන්දු 32කදී ලකුණු 53ක සබඳතාවක් ගොඩනඟමින් සාරා බ්‍රයිස් සහ අයිල්සා ලිස්ටර් ස්කොට්ලන්ත ඉනිම යළි ස්ථාවර කළහ. කෙසේ වෙතත්, නිලක්ෂිකා සිල්වා තමා වෙත පැමිණි පන්දුවක් රැගෙන පන්දු යවන්නාගේ අන්තයට එල්ල කළ සෘජු ප්‍රහාරයක් (Direct Hit) හේතුවෙන් ලකුණු 26ක් ලබා සිටි ලිස්ටර් දුවද්දී දැවී යාමකට ලක් විය. එම විශිෂ්ඨ පන්දු රැකීමෙන් ප්‍රියානාස් චැටර්ජි ද දුවද්දී දැවී ගියද, සාරා බ්‍රයිස් අනෙක් අන්තයේ රැඳී උන්නාය. ඇය අවසන් පන්දුවාරයේදී මිථලි අයෝධ්‍යාට හතරේ පහරවල් දෙකක් එල්ල කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියාය. ඒ ස්කොට්ලන්තය අවසන් පන්දුවාර 6 තුළ ලකුණු 63ක් රැස් කරමිනි.

චමරි අතපත්තුගෙන් වේගවත් ප්‍රහාරයක්

අයර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 106ක් ලබා සිටි නායිකා චමරි අතපත්තු මෙම තරඟයේදී ද සිය සුපුරුදු ප්‍රහාරාත්මක රිද්මයෙන් ඉනිම ආරම්භ කළාය. පළමු පන්දුවාරයේදීම කැතරින් බ්‍රයිස්ට හතරේ පහරවල් දෙකක් එල්ල කළ ඇය, දෙවැනි පන්දුවාරයේදී ගේබ්‍රියෙලා ෆොන්ටෙන්ලාට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කරමින් හතරේ පහරවල් 3ක් සහ හයේ පහරක් සමඟින් එම පන්දුවාරයෙන් ලකුණු 18ක් උදුරා ගත්තාය. අංක 02 පිතිකාරිණිය ඉමේෂා දුලානි අඩු ලකුණකට දැවී ගියද, චමරි සහ හසිනි පෙරේරා එක්ව පන්දුවාර 4.4කදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 50 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

ස්කොට්ලන්තය තරඟයට අවතීර්ණ වෙයි

ශ්‍රී ලංකාව පහසු ජයක් කරා යනු ඇතැයි පෙනෙන්නට තිබියදී, ක්‍රියාත්මක වූ කැතරින් ෆ්‍රේසර් පන්දු 16කින් ලකුණු 33ක් ලබා සිටි චමරි අතපත්තුව දවා ගැනීමට සමත් විය. කැතරින්ගේ පන්දුවක් චමරිගේ කඩුල්ලේ මැද ඉන්න බිඳ දැමුවේ පිතිකාරිනිය වික්ෂිප්ත කරවමිනි.

අනතුරුව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම මුහුණ දුන් මුල් පන්දු තුනෙන් හතරේ පහරවල් දෙකක් එල්ල කරමින් හොඳ දායකත්වයක් ලබා දුන් නමුත්, පළමු ඉනිමේදී මෙන්ම පවර්ප්ලේ පන්දුවාරවලින් පසුව ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල විය.

9 වැනි පන්දුවාරයේදී හසිනි පෙරේරා මිඩ්-ඕෆ් හිදී උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර, 10 වැනි පන්දුවාරයේදී හංසිමා කරුණාරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ෆ්‍රේසර් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 78ක් ලෙස සටහන් විය.

ගිලිහුණු උඩපන්දු සහ ශ්‍රී ලංකා ජයග්‍රහණය

හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරි එක්ව ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට රැගෙන ගියහ. ජයග්‍රහණය සඳහා පන්දු 48කදී ලකුණු 52ක් අවශ්‍ය විය. කෙසේ වෙතත්, ලකුණු සොයා ඉහළින් පහරවල් එල්ල කිරීමට යාමේදී ඔවුන් දෙදෙනාම දැවී ගියහ. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට කඩුලු අහිමි කර ගැනීම දැඩි පාඩුවක් විය. අවසන් පන්දුවාර 5 තුළ ලකුණු 34ක් අවශ්‍ය වුවද, ශ්‍රී ලංකාව සතුව තිබුණේ කඩුලු 4ක් පමණි.

ෆ්‍රේසර් සහ කර්ස්ටි ගෝඩන් විසින් පිතිකාරියන් වෙත පීඩනයක් ඇති කරවන පන්දු යැවීමක නිරත වූවාය. ජයග්‍රහණය සඳහා පන්දු 18කින් ලකුණු 27ක් අවශ්‍යව තිබියදී, ස්කොට්ලන්තයේ පරාජය සංකේතවත් කරන දුර්වල පන්දු රැකිම සනිටුහන් විය. ඒ ගේබ්‍රියෙලා ෆොන්ටෙන්ලා විසින් පන්දුවාර දෙකකදී උඩපන්දු දෙකක් අතහැරීමය.

අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට සහ තියුණු ජයක් අත් කර ගැනීමය. නිලක්ෂිකා ද සිල්වා යළිත් වරක් විශිෂ්ඨ තරග නිමා කරන්නියක් බව පෙන්වා දුන්නාය. ඇය තරගය ජයග්‍රහණය දක්වා ඇදගෙන ආවාය.

19 වැනි පන්දුවාරයේදී කැතරින් බ්‍රයිස් ද පීඩනයට ලක්ව වයිඩ් පන්දු (Wides) දෙකක් ද ඇතුළුව ලකුණු 10ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නාය. කෙසේ වෙතත්, අත්දැකීම් බහුල නිලක්ෂිකා සිල්වා ඉතා සංයමයෙන් යුතුව ක්‍රීඩා කරමින් සුගන්දිකා කුමාරි සමඟ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවාය. ඒ මිනිත්තු 39ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 21ක දී ලකුණු 21ක් නොදැවී ලබා ගනිමිනි.
බලාපොරොත්තු ඇත්තේ දුරින් බව සැබෑය. නමුත් මේ අත් නොහැරක සටන් කිරීමේ ජීව ගුණය නම් මරුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Next Post

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.