හැටන් රංජිත් රාජපක්ෂ –
බන්ධනාගාර ගත කර සිටි නුවරඑළියේ භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය දුන් අනෙක් සැකකරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනා මේ මස (30) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් සිව්දෙනා ඊයේ (16) දින නුවරඑළිය මහේස්ත්රාත් පුෂ්පිකා ජයදාස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නාය.
මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඝාතනයේ ප්රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, සැකකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාලේ ප්රාදේශීය සභාවේ රියදුරා සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂකවරයායි.









