සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

by editor
ජූලි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් ඝාතනය වුන ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් පැවැත්වෙන සංවේදී සමුගැනීම වෙනුවෙන් මේ වනවිට මුලු ඉරානයම සූදානම් වෙමින් ඇත. ඉරාකයත් ඒ වෙනුවෙන් කැපවී ඇත්තේය.

ඉරාන ඉස්ලාමීය ජන රජයේ අධ්‍යාත්මය හෙළි කරන මේ සංවේදී ආගමික මහෝත්සවය දැඩි විනයකින් සංවිධානයකින් සහ ලෝකයටම දැවැන්ත පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයෙන් සංවිධානය කර පෙන්වීමට ඉරාණ දේශපාලන නායකත්වය සැරසෙමින් ඇත.

“ප්‍රාණපරිත්‍යාගී නායකයාගේ සහ සෙසු අයගේ අවමංගල්‍ය පෙරහැර සඳහා විශාල වශයෙන් ජනතාව සහභාගී වීම, ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් පැවැත්වෙන තවත් ජනමත විචාරණයක් වනු ඇතැයි” ඉරානයේ ෂියා ධුරාවලියේ කේන්ද්‍රස්ථානය වන කොම් (Qom)කොම් නගරයේ සිකුරාදා යාඥා මෙහෙයවන අයතුල්ලා මොහොමඩ් සයිදි රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.Khameni

දේහය ටෙහෙරානයට

මෙතුවක් කල් මහත් ගෞරවයෙන් යුතුව රක්ෂා කරගත් උත්තරීතර නායකයාගේ දේහය රැගත් දෙන අද (ජූලි 03) උදෑසන ටෙහෙරාන් නුවර පිහිටි ඉමාම් ඛොමේනි ග්‍රෑන්ඩ් මොසල්ලා (Imam Khomeini Grand Mosalla) ආගමික පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබීය. එම ප්‍රහාරයෙන්ම මියගිය ඔහුගේ දියණිය, බෑණනුවන් සහ මිණිබිරියගේ දේහයන් මෙන්ම නව නායක මොජ්තාබාගේ බිරිඳගේ දේහය ද ඒ සමඟම රැගෙන එනු ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර ඇත.

දේහය තැන්පත් කිරීම සඳහා එම පරිශ්‍රය තුළ විශේෂ පීඨිකාවක් නිර්මාණය කර තිබේ. විදේශීය නායකයින්, ආගමික ප්‍රභූන් සහ කමේනිගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ආසන පැනවීම ඇතුළු සියලු සූදානම් කිරීම් නිම කර තිබේ.

RelatedPosts

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

නිල කාලසටහනට අනුව, බහු-දින අවමංගල්‍ය වැඩසටහන හෙට සහ අනිද්දා ( ජූලි 4 සහ 5 ) යන දිනවල ටෙහෙරාන් මොසල්ලා පරිශ්‍රයේ ආරම්භ වන්නේය. ඉන්පසුව ජූලි 6 වැනිදා ටෙහෙරාන් අගනුවරදී ප්‍රධාන අවමංගල්‍ය පෙරහැර පැවැත්වෙන අතර, ජූලි 7 වැනිදා දේහය ඉරානයේ ෂියා ධුරාවලියේ කේන්ද්‍රස්ථානය වන පූජනීය කොම් (Qom) නගරයේ හස්රත්-ඊ මසූමේ (Hazrat-e Masoume) සිද්ධස්ථානය වෙත රැගෙන යාමට වීදි සහ චතුරශ්‍ර සූදානම් කර ඇත.

බදාදා දිනයේදී ඉරාකයේ පූජනීය නගර වන නජාෆ් (Najaf) සහ කර්බාලා (Kerbala) හි උත්සව පැවැත්වෙන අතර, ඒ සඳහා ඉරානයේ කලාපීය ෂියා නියෝජිත ජාලයන්හි ප්‍රමුඛයන් සහභාගී වීමට නියමිතය. මෙම දීපව්‍යාප්ත සහ කලාපීය අවමංගල්‍ය උත්සව මාලාවේ අවසන් අදියර ජූලි 9 වැනිදා මෂාද් (Mashhad) පූජනීය නගරයේදී සිදුවන අතර, එහිදී අයතුල්ලා කමේනිගේ දේහය අවසන් වරට භූමදානය කිරීමට නියමිතය. ඒ ඉරානයේ දැඩි භක්තියට පාත්‍ර වූ ඉමාම් රේසාගේ සොහොන් ගැබ අසලය.

Khameni

රාජ්‍ය නායයෙක් පමණක් නොවූ නායකයා

ඉරානයේ දේවධූරවාදී පාලන ක්‍රමය තුළ කමේනි යනු රාජ්‍ය නායකයා සහ විප්ලවීය ව්‍යාපාරයේ නායකයා පමණක් නොව, නව වැනි සියවසේදී අතුරුදහන් වූ ෂියා ඉස්ලාම් දහමේ 12 වැනි ඉමාම්වරයාගේ මිහිපිට නියෝජිතයා ද විය. සතුරු ප්‍රහාරයකින් කමේනි මියයාම, ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රාණපරිත්‍යාගය සහ ශෝකවීමේ ප්‍රබල සම්ප්‍රදායන් සමඟ බද්ධ වී පවතී. ඔහුගේ මරණයෙන් පසු නගරයේ වීදි පුරා එල්ලා ඇති කළු පැහැති අවමංගල්‍ය ධජ සහ පැවැත්වෙන ශෝක ප්‍රකාශ කිරීමේ උත්සව තුළින් එම සංකේතවත් කිරීම් පැහැදිලිවම දැකගත හැකිය.

තේරුම් ගත යුත්තේ කමේනිගේ මරණය සහ ඔහුගේ පුත් මොජ්තාබා ඉරානයේ තුන්වන උත්තරීතර නායකයා ලෙස පත්වීම, ඉස්ලාමීය ජනරජයේ 47 වසරක ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවය. කෙසේ වෙතත් තම පියා මියගිය ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මොජ්තාබා, යුද්ධය ආරම්භ වූ දා සිට කිසිදු නව ඡායාරූපයක හෝ දර්ශනයක දැකගත හැකි වී නැත. ඔහුත් මෙම ප්‍රහාරයෙන් මරණයට පත් වූ බවට වන මතයක් ද මේ වනවිට මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙමින් තිබේ. මේ අවමංගලෝත්සවය මොෂ්ටාබා කමේනිගේ පැවැත්ම පිලිබඳ ලෝකයට ප්‍රකාශවන සහතිකයක් ද වනු ඇත.

Khameni

ජනතාවට කැඳවීමක්

අවමංගල්‍ය උත්සවය සඳහා රජය බහු ජන සහභාගීත්වයක් රජය අපේක්ෂා කරයි. අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් හෝටල් සඳහා 50% ක වට්ටම් ලබා දී ඇති අතර පාසල්, පල්ලි සහ ක්‍රීඩා ශාලා ඔවුන්ට නවාතැන් ගැනීම සඳහා සූදානම් කර ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ප්‍රධාන උත්සව සඳහා පහසුකම් සැලසීමට බස් සහ දුම්රිය ගමනාගමන ජාලයන් ද පණ ගන්වා තිබේ. ඉරාන නායකත්වය ජනතාවගෙන් ඈත් වූ හුදකලා පිරිසක් නොව බවට වූ ශක්තිමත් පණිවිඩය ලෝකයට දීමට ඉරානය මෙය අවස්ථාවක් කරගනු ඇත. අනෙක් අතින් යථාර්ථය ද එයය. පසුගිය වකවානුව තුළ කමේනිලාගේ පාලන වියරුවට එරෙහි වූ ඉරාන ජනතාවක් යළිත් ඉරාන ධජය යටතේ මේ දේශපාලන නායකත්වය වෙත ගොනු කිරීමට ඇමරිකානු සහ ඊශ්‍රයාල හමුදා ටොන් ගණනින් ඉරානයට දැමූ බෝම්බවලට හැකි වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
පුවත්

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026
පුවත්

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…
  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!
  • මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.