ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මෑතකදී අත්අඩංගුවට ගෙන සිටි 24 හැවිරිදි දෙමළ හිප්-හොප් ශිල්පි සංගීත්සන් ගනේෂ්කුමාර් (Hiphop Sangee) නිදහස් කිරීම සාදරයෙන් සමරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි .
ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ මෙම කලාකරුවා නිදහස් කිරීමට ගත් තීරණය පිටුපස ඇති දේශපාලනය පිළිබඳව තමන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බවය.
I’m not going to comment on the politics behind this decision.
What matters is that young artist Sangeethsan has been released and reunited with his family. I’m glad to see that happen.
I wish him all the best for the future and hope he continues to pursue his talent and… pic.twitter.com/WF7fLRxxgW
— Namal Rajapaksa (@RajapaksaNamal) June 12, 2026
“මම මේ තීරණය පිටුපස තියෙන දේශපාලනය ගැන අදහස් දක්වන්න යන්නේ නැහැ. වැදගත් වෙන්නේ තරුණ කලාකරුවෙකු වන සංගීත්සන් නිදහස් වී නැවත ඔහුගේ පවුලේ අය සමඟ එකතු වීමයි. එය දැකීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.” යැයි ඔහු පවසා ඇත.
මෙම කලාකරුවාට සුබ පැතුම් එක්කර ඇති රාජපක්ෂ, ඔහු සිය දක්ෂතා සහ අභිලාෂයන් ධනාත්මක මෙන්ම අර්ථවත් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර තිබේ.
මෙම දෙමළ රැප් සහ ගායන ශිල්පියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් අන්තර්ගතයන් මඟින් එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය හෝ උත්කර්ෂයට නැංවූ බවට එල්ල වූ චෝදනා මතය.









