බදාදා, ජූනි 10, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

by editor
ජූනි 9, 2026
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

භාණ්ඩ අපනයනකරුවන් සහ වක්‍ර අපනයනකරුවන් (Indirect Exporters) විසින් තමන්ට ලැබෙන අපනයන ආදායම්වලින් අවසර ලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන ශේෂ විදේශ විනිමය මුදල් (Residual Proceeds), උදාවන ඊළඟ මාසයේ 10 වැනිදා හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

“2026 අංක 2 දරන ශ්‍රී ලංකාව තුළට අපනයන ආදායම් නැවත ගෙන්වා ගැනීමේ රීති” (Repatriation of Export Proceeds into Sri Lanka Rules No. 2 of 2026) ලෙස  හඳුන්වා ගැසට් කළ  මෙම නව රෙගුලාසි මාලාව, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබන දිනයේ සිට බලාත්මක වීමට නියමිතය.

මීට පෙර ක්‍රියාත්මක වූ 2024 අංක 1 දරන රීති සහ 2026 ජනවාරි 30 දිනැති අංක 2473/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පනවා තිබූ 2026 අංක 1 දරන රීති තවදුරටත් සංශෝධනය කරමින් මහ බැංකුව මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම නව නීති පැනවිමට පෙර    අපනයනකරුවන්ට මෙම ඉතිරි අපනයන ආදායම් පරිවර්තනය කිරීම සඳහා ලබා දී තිබුණේ ඊළඟ මාසයේ 07 වැනිදා දක්වා වූ කාලසීමාවකි.

නව රෙගුලාසිවලට අනුව, ඕනෑම දින දර්ශන මාසයක් (Calendar Month) තුළ ශ්‍රී ලංකාවට අපනයන ආදායම් ලබන සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම සහ විදේශ විනිමය මඟින් ගෙවීම් ලබන වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම, තමන්ගේ විදේශ විනිමය ආදායම් පහත සඳහන් අවසර ලත් ගෙවීම් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඉන්පසු ඉතිරි වන සියලුම ශේෂ මුදල් ඊළඟ මාසයේ 10 වැනිදා හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතුය.

අපනයනකරුවන්ට විදේශ විනිමයෙන් සිදු කළ හැකි අවසර ලත් ගෙවීම්:

  • අපනයන ව්‍යාපාරයට අදාළ ජංගම ගනුදෙනු: අපනයන ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ ජංගම ගනුදෙනුවලට අදාළ ගෙවීම් (මීට මාසයක කාලසීමාවක් සඳහා වන බැඳීම්/වියදම් ද ඇතුළත් වේ).
  • විදේශ ව්‍යවහාර මුදල් ණය පියවීම්: මහ බැංකු රෙගුලාසිවලට අනුකූලව ලබාගෙන ඇති විදේශ විනිමය ණය සහ පහසුකම් වෙනුවෙන් වන ණය සේවාකරණ වියදම් සහ ණය ප්‍රතිපූරණය කිරීම් (මීට මාසයක ණය බැඳීම් ද ඇතුළත් වේ).
  • ලාභාංශ සහ විදේශිකයන්ගේ වැටුප්: මෙරට රැඳී නොසිටින (Non-resident) ආයෝජකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද ලාභාංශ (Dividends) ගෙවීම් සහ විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අවසර ලබා දී ඇති විදේශීය ජාතිකයන් හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි විදේශගත සේවකයන්ගේ වැටුප් ගෙවීම්.
  • සංචාරක වියදම්: අපනයන ව්‍යාපාරයට අදාළ සංචාරක අරමුණු සඳහා විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු වශයෙන් ලබාගැනීම් හෝ අරමුදල් හුවමාරු කිරීම්.
  • රජයේ ණය සුරැකුම්පත් ආයෝජන: ශ්‍රී ලංකා රජය විසින් විදේශ ව්‍යවහාර මුදලින් නිකුත් කරනු ලබන ණය සුරැකුම්පත්වල (Debt Securities) ආයෝජනය කිරීම් (මෙය තමන්ට ලැබුණු සමස්ත අපනයන ආදායමෙන් 10% ක ප්‍රතිශතයක් දක්වා පමණක් සීමා වේ).
  • වක්‍ර අපනයනකරුවන්ට ගෙවීම්: විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අවසර දී ඇති පරිදි, විදේශ විනිමය බැඳීම් පවතින වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන් වෙත සිදු කරනු ලබන ගෙවීම්.

මෙම නව රීති මඟින් වක්‍ර අපනයනකරුවන් සඳහා ද විශේෂ රෙගුලාසියක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ඉහත සඳහන් පරිදි සෘජු අපනයනකරුවන්ගෙන් විදේශ විනිමය මඟින් ගෙවීම් ලබන සෑම වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම, එම මුදල් ඉහත දැක්වූ (1 සිට 5 දක්වා වන) අවසර ලත් ගෙවීම් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඉන් අනතුරුව ඉතිරි වන සියලුම විදේශ විනිමය ශේෂයන් ද ඊළඟ මාසයේ 10 වැනිදා හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක්

රේගු අධිභාර “තිරිංගයට“ වාහන ආනයනය නොනැවතේ

දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි: හෙට මගී දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි: හෙට මගී දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට…

Next Post

රේගු අධිභාර “තිරිංගයට“ වාහන ආනයනය නොනැවතේ

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක්

ජූනි 10, 2026

රේගු අධිභාර “තිරිංගයට“ වාහන ආනයනය නොනැවතේ

ජූනි 10, 2026

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක්
  • රේගු අධිභාර “තිරිංගයට“ වාහන ආනයනය නොනැවතේ
  • මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.