අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

by editor
ජූනි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට රජය විසින් ගෙන ඇති බව කියන තීන්දුවකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සිය ලිඛිත විරෝධතාවය දක්වා තිබේ.

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බවට මහජන අවකාශයේ පළ වී ඇති වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (ශ්‍රී.ල.නී.ස.) දැඩි අවධානය යොමු කර සිටින බව එම ලිපියේ සඳහන් වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිට පිළිවෙළින් වසර 63 සහ 65 ලෙස පවතින අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව, අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවත්, එවැනි වෙනසක් අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය වී තිබේ. එසේ කිරීම, නීති පද්ධතියේ අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම කෙරෙහි මහජන විශ්වාසය අහිමි වීමට හේතු වන බව පෙන්වා දෙන නීතිඥ සංගමය, මෙම අරමුණ සඳහාම පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව රජයේ අභිප්‍රායන් මහජනතාව විසින් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බව ද පවසයි.

2020 ඔක්තෝබර් මස 29 වන දින සහතික කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව (අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ඇතුළුව) 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව (අගවිනිසුරුවරයාද ඇතුළුව) 11 සිට 17 දක්වාත් වැඩි කර ඇත. එවැනි වැඩි කිරීමක් සිදු කර ඇති පසුබිමක, කාර්යමය වශයෙන් ද සලකන විට, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමේ සැබෑ අවශ්‍යතාවයක් පැවතිය නොහැකි බව නීතිඥ සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දෙයි.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂිත කාර්යයන් සඳහා (ad hoc) සංශෝධනයන්ට භාජනය වී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී බලයේ සිටින රජයේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම සඳහාත්, බොහෝ විට නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයට විරුද්ධව ද එවැනි සංශෝධන සිදු වී ඇත.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

මේ අවස්ථාවේදී මෙම අධිකරණවල දැනට සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් සැලකීමට ඉඩ ඇති බවත්, දිගු කාලීන සැලසුමකින් තොරව එවැනි පියවරක් ඉදිරියට ගෙන යාම එම අධිකරණවල ගරු විනිසුරුවරුන්ගේ ගෞරවයට ද හානි කරනු ඇතැයි විශ්වාස කරන බවත් නීතිඥ සංගමය පවසයි. තවද, වර්තමාන රජය එවැනි පියවරක් ඉදිරියට ගෙන යන්නේ නම් එය, අනාගත රජයන්ට ද අධිකරණමය කාර්යයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිගු කාලීන සැලසුමකින් තොරව සංශෝධන හඳුන්වා දීම පිළිබඳ භයානක පූර්වාදර්ශයක් වනු ඇති බව ද නීතිඥ සංගමය කියයි.

අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජනතාව ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය යනු නීතියේ ආධිපත්‍යයේ සහ   ජන රජයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ අත්‍යවශ්‍ය මූලස්ථම්භ  බව පෙන්වා දෙන නීතිඥ සංගමය  අධිකරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන බව පමණක් නොව, පූර්ණ වශයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ ඉතාම සුළු වශයෙන් හෝ බලපෑම්, අනුග්‍රහයන්, හෝ නුසුදුසුකම් වලින් තොරව මහජනතාවට දැකගත හැකි වීම අතිශයින් වැදගත් වන ආකාරය අවධාරණය කරයි.

එබැවින්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිළිබඳව තම යුතුකම ඉටු කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණයේ හෝ ජනතාවගේ අවශ්‍යතා සඳහා නොවන, එවැනි යෝජිත සංශෝධනයක් සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමු කර සිටින බව ගෞරවාන්විතව ප්‍රකාශ කර සිටී.

මෙම තත්ත්වයන් යටතේ, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම සඳහා යෝජිත කිසිදු ව්‍යවස්ථාමය සංශෝධනයක් සමඟ ඉදිරියට නොයන ලෙස නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන්   ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අධිකරණයේ ස්වාධීනත්වය, අඛණ්ඩතාවය, ගෞරවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා නිසි අවධානය දක්වනු ඇතැයි විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

Next Post

දිල්ලි හෝටලයක බිහිසුණු ගින්නක්: 21ක් මරුට – විදේශිකයන් රැසක් අනතුරේ

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.