අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිල්ලි හෝටලයක බිහිසුණු ගින්නක්: 21ක් මරුට – විදේශිකයන් රැසක් අනතුරේ

by editor
ජූනි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

දකුණු දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි “ෆ්ලරිෂ් ස්ටේ බී ඇන්ඩ් බී” (Flourish Stay B&B) නමැති හෝටලයේ  අද( 03)   උදෑසන ඇති වූ බිහිසුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 40 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව නිලධාරීහු පවසති.

ගින්න පාලනය කිරීම සහ ඇතුළත සිරවී සිටි අය මුදාගැනීම සඳහා ගිනි නිවන රථ අටක් (8) පමණ කඩිනමින් යොදවා තිබූ බව නිල නිවේදනයක දැක්වේ. දිල්ලි ගිනි නිවන සේවයට (DFS) මේ පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ උදෑසන 9.00 ට පමණ වේ. දිල්ලි ගිනි නිවන සේවා නිලධාරියෙකු ප්‍රකාශ කළේ, මූලික ප්‍රතිචාර දැක්වීම් යටතේ ජල ටැංකි රථ දෙකක්, ජල දුනු රථ දෙකක්, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ වාහනයක් සහ වෙනත් ගිනි නිවන ඒකක එම ස්ථානයට යැවූ බවයි. ගිනි අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කඩිනමින් අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

මියගිය අයගෙන් බහුතරයක් මධ්‍යම ආසියානු සහ අප්‍රිකානු රටවලින් පැමිණි විදේශිකයන් බව නිලධාරීන් ප්‍රකාශ කරති. තුවාල ලැබූවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පී.ටී.අයි (PTI) පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මේ වනවිට ගින්න පාලනය කර තිබේ. ගින්න නිවා දැමීමෙන් පසු ලබාගත් දර්ශනවලින් පෙනී යන්නේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පිළිස්සී අළු වී ඇති අතර මහල් කිහිපයකටම දැඩි හානි සිදු වී ඇති බවය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ගින්න නිසා ඇති වූ මාරක තත්ත්වය

උදෑසන ගින්න හටගෙන පැතිරෙද්දී  දුමාරයෙන් පිරී ගිය ගොඩනැගිල්ලෙන් ඉවත් වී  බේරීමට මිනිසුන් දැඩි උත්සාහයක නිරත වීමත් සමඟ එම ස්ථානයේ දැඩි භීෂණකාරී  තත්ත්වයක් හටගත්තේය. මෙම හෝටල් පරිශ්‍රය දිල්ලි රජයේ උදෑසන ආහාය සමග නවාතැන් සපයන (Bed and Breakfast) යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර ලබා තිබූ ස්ථානයකි.

අනතුර සිදුවූ ස්ථානයේ සිට වාර්තා වූ දර්ශනවලට අනුව, ගින්නෙන් සහ අධික දුමෙන් බේරීම සඳහා කාන්තාවන් දෙදෙනෙකු ගොඩනැගිල්ලෙන් පහළට පනින අයුරු දක්නට ලැබුණු අතර ඔවුන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.

ලැබෙන තොරතුරුවලට අනුව, මෙම හෝටලයට “Bed and Breakfast” යෝජනා ක්‍රමය යටතේ කාමර හයක් (6) පමණක් පවත්වාගෙන යාමට අවසර දී තිබුණද, ඔවුන් ආරක්ෂිත ක්‍රමවේද සහ නීති රීති උල්ලංඝනය කරමින් බිම් මහලේ (Basement) කාමර ද ඇතුළුව කාමර 25 ක් පවත්වාගෙන ගොස් ඇත.

ගොඩනැගිල්ලේ බිම් මහලේ සිරවී සිටි තිදෙනෙකු ද මුදාගැනීමට ගිනි නිවන භටයින් සමත්ව තිබේ. හෝටල් හිමිකරුට එරෙහිව මුල් තොරතුරු වාර්තාවක් (FIR) ගොනු කිරීමේ කටයුතු පොලිසිය විසින් ආරම්භ කර ඇත. දිල්ලි පොලිසිය පවසන පරිදි මෙම හෝටලයට ඇතුළු වීමට සහ පිටවීමට තිබී ඇත්තේ එක් දොරටුවක් පමණි.

දිල්ලි ගිනි නිවන සේවා ප්‍රධානියා ද “ආජ් තක්” (Aaj Tak) නාලිකාව සිදුකළ විමර්ශන තහවුරු කරමින් ප්‍රකාශ කළේ, මෙම හෝටලයට ගිනි නිවන අංශයේ “අනුකූලතා සහතිකයක්” (Fire NOC) නොතිබූ බවය. පවතින ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව එම ගොඩනැගිල්ලේ ව්‍යුහය සකසා තිබූ ආකාරය අනුව ඊට කිසිසේත්ම ගිනි නිවන සහතිකයක් ලබාගත නොහැකි මට්ටමක තිබූ බව ද ඔහු අනාවරණය කළේය.

එමෙන්ම, එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන තවත් හෝටල් කිහිපයකටම මෙවැනි ගිනි නිවන සහතික නොමැති බව හෙළි වී ඇති අතර, එය එම ප්‍රදේශයේ ගිනි ආරක්ෂණ නීති බලාත්මක කිරීම පිළිබඳ බරපතළ ගැටලුවක් මතු කරයි.

දේශපාලන ප්‍රතිචාර

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 2 බැගින් ද, තුවාල ලැබූවන්ගේ පවුල් සඳහා රුපියල් 50,000 බැගින් ද සහන   (Ex-gratia) ප්‍රකාශයට පත් කර ඇත.

“දිල්ලියේ මල්වියා නගර්හි සිදුවූ ගිනි අනතුරෙන් ජීවිත අහිමි වීම අතිශය කණගාටුදායකයි. ආදරණීයයන් අහිමි වූ පවුල් වෙත මගේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පීඩාවට පත් වූවන්ට බලධාරීන් අවශ්‍ය සියලු සහය ලබා දෙමින් සිටිනවා,” යැයි අග්‍රාමාත්‍යවරයා ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

දිල්ලි මහ ඇමතිනී රේඛා ගුප්තා ද මෙම ඛේදවාචකය පිළිබඳව සිය කණගාටුව පළ කර ඇති අතර, තම රජය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් පීඩාවට පත් පවුල් වෙත අවශ්‍ය සියලුම වෛද්‍ය ආධාර සහ සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

Next Post

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.