පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් පත්කර ඇත.
සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා මෙම පත්වීම සිදුකළ පවා එම පක්ෂයේ ප්රකාශකයෙක් පැවසීය.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මදුම බණ්ඩාර විසින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර මැතිවරණ කොමිසක් සභාව විසින් අදාළ නම ගැසට් මගේ ප්රකාශයට පත් කිරීමට නියමිතය.







