අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඊට අදාළ පියවර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද ( 03) සවස 05 ට කැඳවා ඇත.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බව
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා නිවේදනය කළේය







