බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවි දේවතාවුන්ට නම් කෝප වනන්ට  නිමිති තිබුණේ නැත… සමහර විට  මළ පෙරේත කුම්භාණ්ඩයින් බලි බිලි රැගෙන ගියා විය හැකිය….

by editor
දෙසැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ව්‍යසනය සිදු වී දින පහක් ගතවෙමින් ඇත. තවමත් රටේ පුරවැසියන් පහළොස් ලක්ෂ පනස් අට දහස් නවසිය දහ නවයක් ආධාර ලැබිය යුතු මට්ටමකය.

ආපදාවෙන් සුරක්ෂා කිරීම සඳහා පිහිටවූ  මධ්‍යස්ථාන 1,433 ක පුද්ගලයින් දෙලක්ෂ තිස් දෙදහස් හත්සිය පනස් දෙකක් ( 232,752 ) දෙනෙකු අවතැන්ව රැඳී සිටිති.

මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 366 දෙනෙකු තවමත් අතුරුදහන්ය. ප්‍රායෝගික ඇත්ත නම් තවත් මරණ 336ක් සමස්ථ මරණ සංඛ්‍යාවට එක්වීමට නියමිතව ඇත.

සමස්ථ ව්‍යසනයේ ගැඹුරු කම්පනයන් දරා ගත හැකිය. දරාගත නොහැකි වූයේ රටම අමු සොහොනක් වූ විට ඉන් ප්‍රමොදයට පත්ව විකල් අවස්ථා සොයන දේශපාලනය   සොම්බින්ගේ අපුල දනවන කාලකණ්ණිකමය.

කිව යුතුව ඇත්තේ දෙවි දේවාතවුන් කෝප නොවූ බවය. උන්නාසේලාට කෝප පන්නට නිමිත්තක් තිබුණේ නැත.  දළදා වහන්සේත් වැඩ හිඳී දැයි විශ්වාසයක් නැති රටේ දශක ගණනක් ඇස් පනාපිට දුටු  කුප්ප කුපාඩි පාදඩ ජඩකම්වලට හවුල් වෙමින් සිටි මළ පෙරේතයින්, කුම්භාණ්ඩයින්, පිශාචයින් කෝප වී දැයි දන්නේ නැත. එසේ නම් උන් බිලිත් අරන් පිටව ගොස්ය. සුන් බුන් වූ රට ලෝකයේ ආධාරත් සහිතව යළි ගොඩනැගීමේ තවත් අවස්ථාවක් ආණ්ඩුව ඉදිරියේ තිබේ. ව්‍යසනය හරහා මතුවන මේ ස්වර්ණමය අවස්ථාව කළමනාකරනය කරගැනීමේ නිශ්චිත වගකීම ආණ්ඩුවට තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, මහනුවර දිස්ත්‍රික්කය වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේය.  මරණ 118 ක් සහ පුද්ගලයින් 171 දෙනෙකු අතුරුදහන්ය.

ව්‍යසනයෙන් නිවාස 783 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස්ය. නිවාස 31,417 ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.

ජීවිත යළි නගා සිටුවීමේ දුෂ්කර මෙහෙයුම ජාතියකට ඉතිරි කරමින් කැළණි ගඟ ඇතුළු සියලුම ප්‍රධාන ගංගාවල ජල මට්ට්ම සාමාන්‍ය පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර  කීවේය.

රට  යළි එක් මිටකට ගෙන ගොඩ නැගිය යුතුව ඇත. ආපදාවක් වූ විට අපාදවට සහන සැලසීම සඳහා වූ සහනාධාරත් ගසා කෑ ඉතිහාසය පුනරච්ඡාරණය විය යුතු නැත. අප පැමිණියේ සුනාමි ව්‍යසනය වෙනුවෙන් ලැබෙන ආධාර මුදලත් කොල්ල කෑ පාදඩ පාලනයන් පසුකරය.

ව්‍යසනයේ  සැබෑ ගැඹුර අනාවරණය වන්නට පටන් ගෙන ඇත. මාර්ග පද්ධතියට සිදුවූ හානිය පමණක් රුපියල් බිලියන 190කි. තවමත් සන්නිවේදන කුළුණු 1248ක් ඇතුළු සන්නිවේදන පද්ධතියත් විදුලි බල පද්දතියත් ඇතැම් ප්‍රදේශවලට අක්‍රීය ය. ගම් පිටින් නායේ ගොස් වැළලී ඇති අයුරු දුටුවෙමු. ඒ ජීවිත පරිච්ඡේද වශයෙන්ම සැඟවී ඇත. වගාබිම් විනාශය. පහළම ගොවියාටත් පොහොර ටික සැයපුම් ටික ලබා දී ආර්ථිකය ස්ථාවර කළ යුතුව තිබේ. සෞඛ්‍ය පද්ධතියට සිදුවූ ව්‍යසනයද සුළු පටු නොවේ. මහියංගනය වැනි රෝහල් ද අපදාවට පත් විය. බෙහෙත් ගබඩා මෙන්ම සෞඛ්‍ය උපකරණ ද ගංවතුරින් විනාශ වූයේය.  ඉදිරියේ දී රට පුරා පැතිරී යෑමට නියමිත වසංගත ඇතුළු රෝගී තත්ත්ව වෙනුවෙන් සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ දැවැන්ත අභියෝගය ආණ්ඩුව ඉදිරියේය.

ඉතිරිව ඇති එකම සම්පත අයෝමය මානව සම්පතය. පිරුණු හදවත් සහිත මිනිස්සුන්ගේ ජීවිත කැපවීමය.  ලෝක ආධාර ප්‍රවේශයන් වෙත එළඹිය හැකි අවස්ථා  නිර්මාණය වී ඇත.

බිංදුවෙන් පටන් ගැනීම පහසුය. අවස්ථාවන් ඕනෑවටත් වඩා විවෘත වී තිබේ.   තත්ත්වය කළමනාකරණය කරගැනීමේ නිශ්චිත වගකීම ආණ්ඩුවට තිබේ. එම කළමනාකරණ රටාව අප ජාතියක් ලෙස නිසි තැන තබනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ දිස්ත්‍රික්ක 22ක් ජාතික ආපදා ප්‍රදේශ ලෙස නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්!

Next Post

පුරප්පාඩු ධුරයට ස.ජ. බ.මන්ත්‍රීවරයෙක් නම් කරයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.