ශ්‍රියානි විජේසිංහ –
විශේෂඥ වෛද්‍යවරුන්ට හිමි සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති ප්රමුඛ සෞඛ්‍ය බලධාරින්ට අද (18) උපදෙස් දී ඇත.
මෙම සේවා ව්‍යවස්ථාව සකස් කර ලබන ජනවාරිය මස වන විට පාර්ලිමේන්තුවට ඉදිිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අද විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවේදී එම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී ම මේ උපදෙස සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලබා දී තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට මූලික හේතුව ඔවුන්ටම ආවේනිකය වූ සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම යැයි මෙම සාකච්ඡාවේදී හෙළිව ඇත.
සේවා ව්‍යවස්ථාව සකස් කිරිම සඳහා සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ද ඇතුළුව විශේෂ කණ්ඩායමක් පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් ලබා දී තිබේ.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර සෞඛ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිිරිසක්ද ඊට එක්වු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර ලබන 24 වෙනිදා සිට 27 වන දින දක්වා විශේෂඥ වෛද්‍යවරුන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් තව දුරටත් විධයාක සභාව රැස්කර අද (18) රාත්රියේදී හෝ හෙට (19) සාකච්ඡා කිරිමට නියමිත බව හෙතෙම පැවසුවේය.







