බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනාට සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන්ට මරණ දඬුවම…

ඉන්දියාවේ රැකවරණය ලබන හසීනා බංගාලාදේශයට පිටුවල් නොකරනු ඇති... ඉන්දියානු දේශපාලන විශ්ලේෂකයෝ කියති...

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට අද (17) සවස මරණ දඬුවම නියම කළේය.

පසුගිය වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතාවලට ඇගේ රජය ප්‍රචණ්ඩ ලෙස පහර දීම සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇයට එල්ල වූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව එම විනිශ්ඡයාධිකරණය අද තීන්දු කළේය.

ඇයට චෝදනා තුනක් මත මරණ දඬුවම නියම වී තිබිණි..

ඒ විරෝධතාකරුවන්ට එරෙහිව ඩ්‍රෝන යානා, හෙලිකොප්ටර් සහ මාරාන්තික අවි යෙදවීමට නියෝග කිරීම සහ “ඇගේ නියෝගය අනුව” ඩකාහි චන්කර්පුල් සහ සාවාහි අෂුලියාවල විරෝධතාකරුවන් 12 දෙනෙකු ඝාතනය කිරීමය.

අධිකරණය ඇයට  තවත් චෝදනා තුනක් මත මරණය දක්වා වෙනම සිර දඬුවමක් ද නිකුත් කළේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එනම් විරෝධතාකරුවන්ට එරෙහිව පෙළඹවීම, ඔවුන් මරා දැමීමට නියෝගයක් නිකුත් කිරීම සහ අපරාධ වැළැක්වීමට සහ අපරාධකරුවන්ට එරෙහිව දඬුවම් කිරීමට අපොහොසත් වීම ය.

දැනට පලා ගොස් සිටින 78 හැවිරිදි   හසීනා උක්ත නඩු විභාගයට පෙනී නොසිටි අතර ඇය  නොමැතිව නඩු විභාගය පැවැත්විනි.  පසුගිය වසරේ මහජන විරෝධතා  මර්දනය පිටුපස සිටි මහ මොළකරු ලෙස සහ ඛේදවාචාකයේ නිර්මාණ කරු ලෙස හසීනා චෝදනා ලැබ සිටියාය.   මෙම කැරැල්ලේ දී  පුද්ගලයින් 1,400 ක් පමණ මිය ගියේය.

හසීනාට අධිකරණය මරණ දඬුවම නියම කරන විට අධිකරණ ශාලාවේ සිටි අය ඔල්වරසන් දෙමින් අත්පොළසන් දෙන ආකාරය සජීවී දර්ශනවලින් පෙනුණි.

හිටපු ස්වදේශ කටයුතු ඇමතිටත් මරණ දඬුවම

හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන් ඛාන්ට ද මරණ දඬුවම නියම විය.

බංග්ලාදේශයේ විශේෂ විනිශ්චය සභාව හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන් ඛාන් කමල්ට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එම දඬුවම නියම කළේය.

එම විනිශ්ඡයාධිකරණය හිටපු පොලිස් ප්‍රධානී අල්-මාමුන්ට වසර පහක සිර දඬුවමක් නියම කර තිබිණි.

“නිවැරදි තීරණයකට එළඹීම සඳහා විනිශ්චය සභාවට ද්‍රව්‍යමය සාක්ෂි” ඇතුළුව නඩු විභාගයට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන්    චෞද්රි අබ්දුල්ලා අල්-මාමුන්ට සහනයක් ලබා දෙන බව අධිකරණය කීවේය.

හසීනාගේ ප්‍රතිචාරය –

“තත්වය පාලනය කර ගැනීමට අපට නොහැකි විය, නමුත් සිදුවූ දෙය පුරවැසියන්ට එරෙහිව කලින් සැලසුම් කළ ප්‍රහාරයක් ලෙස විස්තර කළ නොහැකියි.” හසීනා පවසන බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණි.

AFP වෙත ඇය කරන  ලද ප්‍රකාශයක තමන්ට එරෙහි  තීන්දු “දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත”  එකක් ලෙස ඇය හැඳින්වූවාය.

“මට එරෙහිව ප්‍රකාශයට පත් කරන ලද තීන්දු ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමක් නොමැති තේරී පත් නොවූ රජයක් විසින් ස්ථාපිත කර සභාපතිත්වය දරන ලද දූෂිත විනිශ්චය සභාවක් විසින් ලබා දී තිබෙනවා.   ඒවා පක්ෂග්‍රාහී සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත යි.” හසීනා  කීවාය.

ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක් විය හැකි ද?

ශෙයික් හසීනා දැනට පලාගොස් සැඟව සිටින්නී ඉන්දියාවේ ය.

ඉන්දියාවේ ජින්ඩාල් ගෝලීය විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයනයන් පිළිබඳ විශේෂඥ මහාචාර්ය ශ්‍රී රාධා දත්තා, අල් ජසීරාට පවසන්නේ හසීනාට එරෙහිව අධිකරණයේ තීන්දුව අපේක්ෂා කළ නමුත් ඉන්දියාවේ රැකවරණය ලබන හිටපු බංග්ලාදේශ අගමැතිනිය පිටුවහල් නොකරන්නේ යැයි තක්සේරු කළ හැකි බවය.

“මේ තියන පසුබිම ඇතුළේ  කිසිම තත්වයක් යටතේ ඉන්දියාව ඇයව පිටුවහල් කිරීමට යන්නේ නැති බව විශ්වාසයි,” ඇය පැවසුවාය.

“රටේ මනෝභාවය දුටුවා. හැමෝම බලාපොරොත්තු වුණේ තරමක් දැඩි නඩු විභාගයක් ඇය වෙත පැමිණෙන බවයි,” ඇය පැවසුවාය. බංග්ලාදේශයේ විනිශ්චය සභාවේ ක්‍රියාමාර්ග රටේ නීති පද්ධතිය අනුගමනය කළ බවට ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂකයින් එකඟ වන බව ද ඇය කීවාය.

“නිරායුධ සිසුන්ට එරෙහිව සිදු කරන ලද අපරාධ පිළිබඳව කිසිවෙකුට කිසිදු සැකයක් නෑ. අගමැති වෙඩි තැබීමට සෘජු නියෝග කළ බවට සාක්ෂි තිබෙනවා,” දත්තා පැවසීය.

“අවාමි ලීගය ප්‍රති-ආඛ්‍යානයක් ගොඩනැගීමට උත්සාහ කරනු ඇති…  නමුත් බොහෝ දුරට, හසීනා විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කරන ලද බව බංග්ලාදේශ ජාතිකයින් විශ්වාස කරනවා.” ඇය කීවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවම අත් හැර නෑ… ඉදිරි කටයුතු අද හවස තීරණය කරනවා… GMOA ජනපති හමුවී ඇවිත් කියයි!

Next Post

ත්‍රී කුණාමලයේ සිද්ධිය – පොලිසියෙන් පැන බලෙන් රැගෙන ප්‍රතිමාවහන්සේ පොලිසිය විසින්ම හේවිසි බෙර ගසමින් යළිත් පන්සලට වැඩම කරවයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.