ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් සහ ස්ථාවර බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවන සුළු බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එහි මෙහෙයුම් කළමනාකරණය කිරීමට මෙන්ම එහි දිගුකාලීන උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇතැයි ආයතනය තහවුරු කරන බවය..
2026 දී ඉන්දියාව සමඟ එක්ව ICC පිරිමි T20 ලෝක කුසලානය සම සත්කාරකත්වය සැපයීමට සහ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ 11 ක් පැවැත්වීමට සූදානම් වීමේ කටයුතුවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සහ සාර්ථකව නරතවන බව ද ක්‍රිකට් ආයතනය පවසයි.
එවැනි පුළුල් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම කළ හැක්කේ හොඳ මූල්‍ය සහයෝගයක් ඇත්නම් පමණක් බවත් එම නිවේදනයේ දැක්වේ .
මාධ්‍ය විසින් අනාවරණය කර තිබුණේ මේ වසර තුළ විදේශ සංචාර අඩුවීම, අනවශ්‍ය පත් කිරීම් සහ දුර්වල කළමනාකාරිත්වය හේතුවෙන් ආයතනයට විශාල වැය බරක් දැරීමට සිදුවීම නිසා මුල්‍ය අර්බුදයක් ඇති වී තිබෙන බවත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු තරග දීමනා කළෙකින් ගෙවා නැතිවීම ඊට සාධක සපයන බවත්ය.
ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

මේ ලිපියත් කියවන්න….







