බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාර්ෂිකව දරුවන් විසි දහසක් පාසල් හැර යනවා… තවත් අසූ දහසක් පාසල් ගමන අඛණ්ඩව සිදුකරන්නේ නෑ…. සමීක්ෂණයකින් හෙළි වෙයි!

by editor
අගෝස්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ දී සිසුන් 20000 ක් පමණ පාසල් ගමන අතරමග නතර කර තිබෙන බවත් තවත් ළමුන් 80000 ක් පමණ පාසල් ගමන අඛන්ඩව සිදුකර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ සංගණනයකදී අනාවරණය වී ඇති ආකාරය අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව මධ්‍යම පළාතේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කර ඒ සඳහා ඔවුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් ඊයේ (31) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවානාගාරයේ දී පැවැති රැස්වීමක දී අගමැතිවරිය මේ බව පැවසුවාය.

එහි දී අගමැති හරිනි අමරසූරිය මෙසේද ප්‍රකාශ කළාය.

“පාසල් අධ්‍යාපනය සැලකීමේ දී ළමුන් ලක්ෂ තුනක් පමණ වාර්ෂිකව පාසැල්වල පළමු ශ්‍රේණියට ඇතුළු වෙනවා. මේ අතරින් වසරකට ළමුන් 20000 ක් පමණ පාසල් ගමන අතරමග නතර කරනවා. මේක ප්‍රතිශතයක් ලෙස ගත්විට 1% ටත් අඩුයි. නමුත් සංඛ්‍යාත්මක බැලුවොත් 20000 ක් කියන්නේ අත්හැරිය යුතු ගණනක් නෙවෙයි.”

“ගුණාත්මක අධ්‍යයනක් මේ සම්බන්ධව කරලා මේ ළමයින්ට මොකද වුණේ, කොහෙද ඉන්නේ කියලා හොයන්න ඕන. මෙය අප කතා කරන සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වන එක තැනක් විය හැකියි. සංඛ්‍යාත්මකව ගත්විට පිරිමි දරුවන් තමයි වැඩිපුර පාසැල් ගමන අතරමග අත් හරින්නේ. මේ සංගණනයේදී ළමුන් 80000 ක් පමණ නියමිත දින ගණන පාසල් නොපැමිණෙන බව අනාවරණය වුණා. මේ අය පාසල් එන්නේ පාසැල් පවත්වන දින ගණනින් 50% ක් විතර බව හෙළි වුණා. ”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“පළමු ශ්‍රේණියට සිසුන් ලක්ෂ තුනක් ඇතුළු වෙනකොට ලක්ෂයකට විතර නියමිත අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. ඒක බරපතළ ප්‍රශ්නයක්. මේ අය අධ්‍යාපනය වෙනත් මාර්ග වලින් ලබා ගන්නවාද නැත්නම් අධ්‍යාපන අත්හැරලද කියන කරුණු අප සොයා බැලිය යුතුයි.”

“රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ට වසරකට සිසුන් 40000 ක් ඇතුළු වෙනවා. වෘත්තිය අධ්‍යාපනයට තවත් 150000 ක් විතර ඇතුළු වෙනවා. උසස් පෙළ අවසන් කළ අය වගේම පාසල් සමයේ එක් එක් අවස්ථාවලදී දරුවන් වෘත්තිය අධ්‍යාපනයට යොමු වෙනවා. ඉතිරි පිරිසට මොකද වෙන්නේ. ඒ අයට මොකක්ද වෙන්නේ කියලා හොඳ තක්සේරුවක් නැහැ.”

“අද ලබන අධ්‍යාපනය පහසුවෙයන් රැකියාවකට ඇතුළු වෙන්න ප්‍රමාණවත් නැහැ. මේක ගැහැණු දරුවන්ට විශේෂයෙන් බලපා තිබෙනවා. විභාග වලින් හොඳ ප්‍රතිපල පෙන්වා තිබුණත් රැකියා වලට ගියාම ගැහැණු දරුවන්ට අවස්ථා අඩුයි. ශ්‍රම බලකාය තුළ පිරිමින්ට වඩා 50 % කින් පමණ කාන්තා දායකත්වය අඩුවී තිබෙන්නේ මේ අවස්ථා නොමැතිවීම නිසයි.”

” මේ අධ්‍යාපන ක්‍රමය තුළත් ප්‍රශ්න තිබෙනවා. නිදහස් අධ්‍යාපනය තුළින් සියලු දරුවන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දුන්නද ඒ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමක් සිදුවන්නේ ද යන්න ප්‍රශ්නයක්. අර්බුද විසඳන්න පුළුවන්, සමාජය එක්ක සාර්ථකව ගනුදෙනු කළ හැකි පුරවැසියෙක් අධ්‍යාපනය තුළින් නිර්මාණය කළ යුතුයි.” අගමැතිවරිය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපද ආනයන තීරු බදු අගය 20% දක්වා අඩු කරයි… ඉන්දියාවට එරෙහි 25%ක බද්ද එසේම තියයි!

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් නැතිලු… ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.