ශ්රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියට කැඳවා තිබේ.
ඒ ප්රකාශයක් සටහන් කරගැනීම සඳහාය.
ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් සොයුරු වූ නිශාන්ත වික්රමසිංහට එරෙහිව ශ්රී ලංකන් ගුවන් සමාගමේ ඇති ජාතික සම්පත් බරපතල ලෙස අවභාවිතා කිරීම සම්බන්ධව චෝදනා ගොනු වී තිබිණි.







