බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු අපරාධයේ චූදිත SSP කුරුණෑගලට මාරුකළ  විට පැමිණි විරෝධය නිසා කුරුණෑගලට නොදා කන්තලේ කොට්ඨාසය භාරදීලා…

by editor
ජූනි 27, 2025
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැරීම සම්බන්ධව බරපතල චෝදනා ගණනාවකට ලක් වී පාස්කු කොමිෂන් සභාවේ දී අත්තනෝමතික ලෙස සිය රාජකාරි පැහැර හැරීම සම්බන්ධව හෙළිදරවු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර පොලිස් සුබ සාධන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරයේ සිට කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්කිරීමට කළ උත්සාහය ව්‍යර්ථ වීමෙන් අනතුරුව ඔහුව කන්තලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර තිබීම යළිත් පොලිසිය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර යනු  පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජකාරි පැහැර හැරීම සම්බන්ධව දැඩි චෝදනා ලැබ අනතුරුව ජාතික පොලිස් කොමිසම සිදුකරගෙන ගිය විමර්ශනයකට යටත්ව තනතුරින්ද පහත හෙළා සිටි නිලධාරියෙකි.    ඔහුට එරෙහිව    විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාස්කු විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව ද නිර්දේශ කර තිබිය දී ඔහු පොලිස් සුබ සාධන කොට්ඨාසයෙන් ඉවත් කර   කන්තලේ  පොලිස් කොට්ඨාසය භාර දීමට පොලිසියේ ඉහළ පරිපාලනය කටයුතු කර ඇත.

රජය විසින් ලබා දුන් ප්‍රධාන මහජන පොරොන්දුවක් කඩකර කතෝලික ප්‍රජාව ඇතුළු පාස්කු ප්‍රහාරය හේතුවෙන් වින්දිතයන් වූ මේ රටේම ජනතාවගේ අභිලාෂයන් බිඳ දමන බවට මේ පත්වීමත් සමග රජයට යළිත් චෝදනා එල්ල වී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කරමින් එවකට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් යොමු කර තිබු අනතුරු ඇඟවීම ඇතුලු ඊට සම්බන්ධ ලේඛනවලට ප්‍රහාරය වනතුරු අත තබා නොතිබුණ බව පාස්කු විමර්ශන කොමිසමේ දී හෙළිවූ නිලධාරියෙකි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමෙන්ම සිද්ධියේ වගකීමෙන් ගැලවීම සඳහා ඔහු පොලිස් ලොග් සටහන් වෙනස් කිරීමට මැදිහත් වුන ආකාරය ද කොමිසමේ දි අනාවරණය විය.

මේ ගැන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කරද්දී ඔහු කොමිසමට බොරු සාක්ෂි දෙන්නට ගොස් අසුවුනේය. දිවුරුමක් ලබා දී ප්‍රකාශ ලබාදිමේදීත් අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් අධිකරණයට අපහාස කිරිමේ වරද යටතේ දඩුවම් පැනවීමට කටයුතු කරන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිෂන් සභාව තුළ දී ඔහුට අවවාද කළේය.

මෙම නිලධාරියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ස්වකීය ගර්හිත හැසිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූවා පමණක් නොව, සිය තනතුර ද පහළ හෙළා සිටි නිලධාරියෙක් බව පොලිසිය පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසම හමුවට…

Next Post

හිටපු ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.