බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

අවසන් කලු කොටියා හමුවීමි

2020 ජනවාරි 24

by editor
මැයි 30, 2020
in කොලම
Share on FacebookShare on Twitter

පසු ගිය දිනවල කාගෙත් අවදානයට ලක් වුණු, ලංකාවෙන් වඳවී ගියැයි මෙතෙක් කල් විශ්වාස කළ, ශ්‍රී පාදයෙන් හමුවූ දැනට ජීවත් වන එකම කලු කොටියා හමුවීමේ භාග්‍ය මට හිමි විය.

මම : අවුරුදු දහයකට පස්සේ තමයි කොටියෙක් ඉන්ටර්වීව් කරන්න හම්බවුනේ.

මා සතුට ප්‍රකාශ කළේ එලෙසිණි.

කොටියා : මහත්තයාලගෙ වාසනාව තමයි ඉතිං එක කොටියෙක් වත් මෙහේ ඉතිරි වුණු එක.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කොටියා ද සතුටින් කීවේය.

මම : දැන් ලංකාවේ ඉන්න ජනප්‍රියතම කොටියා විදියට, කොටින්ගේ ඉතිහාසය ගැන මොනවද කියන්න පුලුවන්?

කොටියා : කලු කොටි කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම මනුස්ස වර්ගයාට බොහෝම ආදරේ කළ සතෙක්.

මම : මට මතකයි. මට මතකයි. කාලයක් අපි ඒ ආදරේ දරා ගන්න බැරුව හිටියෙ.

කොටියා : මහත්තයා කිප්ලින්ගේ ‘ජන්ගල් බුක්’ කියවලා නැද්ද? ඒකේ ‘බගීරා’ කියන කලු කොටියා තමයි අන්තිමට ‘මෝග්ලි’ කියන මනුස්ස ළමයගේ පණ බේර ගන්නේ.

මම : අම්මපා. අපේ පොත් වල තියෙන්නෙත් ඔහොමමයි.

කොටියා : කොහොමද?

මම : අපි අන්තිමට කොටියගෙන් පණ බේර ගත්තා කියලා.

කොටියා : ‘මාවල් කොමික්’ කියවන්නෙ නැද්ද? අඩු ගානේ ‘බ්ලැක් පැන්තර්’ ෆිල්ම් එකවත් බලලා නැද්ද? කලු කොටියා තමයි දැන් අලුත්ම සුපර් හීරෝ!

මම : කොමික් නෙමෙයි. ඇත්තට කියනවකො කොහෙද සුපර්හීරො උන්දැ දැන් ඉන්නෙ?

කොටියා : ‘වකන්ඩා’ කියන රටේ. මායා ජාලයකුන් ලෝකයෙන් සැඟවී තියෙන නමුත් ලෝකයේ දියුණුම රට තමයි වකන්ඩා.

මම : ජංජාලයයි. මෙහෙ හිටපු උන් ඔක්කොම දැන් එහෙද? එහෙත් ලොක්කා ‘ප්‍රභා’ ද?

කොටියා : වකන්ඩා නායකයා තමයි කලු කොටියා (බ්ලැක් පැන්තර්). එයාට කාටවත් නැති සුපර් පවර්ස් තියෙනවා.

මම : සිරාවටම? කොච්චර විතර සුපර්ද? ඕන වුනොත් එහේ මහ බැංකුවට එයාර්පෝට් එකට ගහන්න වුනත් පුලුවන් තරම් සුපර්ද ?

කොටියා කතාව මදක් නවත්තා මා දෙස කණස්සල්ලෙන් බලා සිටියේය.

කොටියා : මහත්තයට කොටි ගැන තේරෙනවා ටිකක් මදි වගේ නේද?

මම : ඒ කතාව නම් අපේ තාත්තත් නිතර කියනවා.

කොටියත් මමත් සකච්චාව ඉදිරියට ගෙන යා නොහී දෙඅත බලා සිටියෙමු.

මම : හරි දැන් ලංකාවේ අවසාන කලු කොටියා විදියට මොකක්ද ඔහේට ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නෙ?

කොටියා : බලන්නකෝ මහත්තයෝ ලංකාවට පයවත් ගහපු නැති අර පර සිංහයා ඕගොල්ලෝ කොඩියකටත් දාගෙන. ඒකට දාගන්නකෝ ලාංකික කොටියෙක්ගේ ෆොටො එකක්.

මම : ඒක නම් ටිකක් අමාරුයි ලොක්කා. ලංකාවෙ දැන් කොටියෙකුට ඉන්නේ ඔහේ විතරයි. ඒ වුනාට සිංහයො කෝටි දෙකක් ඉන්නවා.

කොටියා : මම දන්නෑනෙ ලංකාවේ එච්චර සත්තු ඉන්නවා කියලා. එහෙනම් මම වෙන මොනව හරි ඉල්ලන්නද?

කොටියා බැගෑපත් විය.

මම : හරි හරි ඕන දෙයක් ඉල්ලනවා, නිජබිම ඇරෙන්න.

කොටියා : උපන් බිමේ අයිතිය ඕනේ නෑ බොස්. පණ බේර ගෙන සාමයෙන් ඉන්න අපිව සංරක්ෂණයට කරන්න කියලා බලධාරීන්ට කියන්නකො.

මම : ආ. සංරක්ෂණය නම් සුලු දෙයක්. ඒත් පොඩී ප්‍රශ්නයක් තියෙනවා.

කොටියා : ඒ මොකක්ද?

මම : අපි සාමාන්‍යයෙන් කොටි සංරක්ෂණය කරන්නේ මරලා.

අසලින්ම ශබ්දයක් ඇසුනෙන් මම හිස ඔසවා බැලීමි. කලු කොටියා පෙනෙන්නට සිටියේ නැත. සතෙක් කැලේ කඩාගෙන දුවන ශබ්දය පමණක් ඈතින් ඇසිණි. එකම කොටියා සමග කළ එකම සංවාදය ද එසේ නිමා විය.

2020.05.30
එසේ දිව යද්දී මිනිසුන් ඇටවූ උගුලකට හසු වී අවසන් කලු කොටියා මිය ගියේය. අපට දැන් ඌ පුළුන් පුරවා සංරක්ෂණය කළ හැකිය.

Share79Tweet43
Previous Post

එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න… ජීවත් වෙන්න හේතු දාහක් තිබේ…

Next Post

ඔයාගේ සමාජ දුරස්ථ භාවය ඔයා තියාගන්න… ජීවන් තොණ්ඩමන් අනිල් ජාසිංහට තර්ජන කරයි…

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.