බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න… ජීවත් වෙන්න හේතු දාහක් තිබේ…

සිය දිවි නසා ගැනීම ජීවන කුසලතා හීන පුද්ගලයන්ගේ දුර්වලකමේ පිළිබිඹුවකි...

by editor
මැයි 30, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –

සිය දිවි නසා ගැනීම ගැන යළිත් කතා වෙමින් ඇත. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කළ ප්‍රචාරණයන් දරා ගත නොහැකිව උතුරේ තරුණයන් දෙදෙනෙක් සිය දිවි හානි කරගත් බව උත්කර්ෂයට නන්වනු ලැබුවේත් සමාජ මාධ්‍ය විසින්ම ය. සමාජය සුපුරුදු රිද්මයෙන් වෙනස් කර අගුලු දැමූ වටපිටාවක යළිත් සියදිවි නසාගැනීමේ සමාජ ව්‍යසනය පිළිබඳ සංවාදයක් ඇති වීම යපහත්ය.

ජීවිතය මොනතරම් වටිනා දෙයක් ද බව මිනිසුන්ට කියා දුන්නත් මිනිස්සු දිවිනසා ගනිති. සමහරු ජීවිතය හැර යන්නේ තවත් එක් රංගනයක් බවට එය පත් කරමිනි. ඒ රංගනය තවත් බොහෝ දෙනෙකුට සියදිවි හානි කරගැනීමට සිත් පහළ කරවයි. මිනිසුන්ට දිවිනසා ගැනීමට බොහෝ විට මූලික වන්නේ එක් හේතුවකි. එහෙත් තමන්ට  ජීවත් වීමට ඕනෑ කරන හේතු සියගණනක් තම ජීවිතය තුළම පවතින බව සිතන්නට ඔවුහු මැළිවෙති. 

සියදිවි හානි කරගැනීමෙන් සිදුවන විශාලම හානිය නම් එය ප්‍රශ්නයකට ඇති ඉතාම හොඳ විසඳුම ලෙස ජීවත්ව සිටින සමහරුන් වැරදි අවබෝධයක් ඇතිකරගෙන එය අනුකරණය කරන්නට යෑමයි. එහෙත් එය ප්‍රශ්නයකට තිබිය හැකි අතිශය දුර්වල විසඳුමකි. එයට හේතුව සියදිවි නසාගන්නට ගොස් බේරුණු පුද්ගලයන් වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනය මගින් සුවපත් වූ පසු කරන ප්‍රකාශයන්ය.

මනෝවිද්‍යාවට අනුව සියදිවි නසා ගැනීමට විශාදය නම් වූ මානසික රෝගය ප්‍රධාන හේතුවක් වේ. විශාදය ඇතිවීමට බොහෝ මානසික මෙන්ම කායික හේතුන්ද බලපායි. අන්තර් පුද්ගල සබඳතා බිඳවැටීම, දික්කසාදය, අහිමිවීම්, අපේක්ෂා බිඳවැටීම්, අසම්මත සබඳතා, පීඩාකාරී කායික රෝග ආදීය හේතූන් විශාදයට මුල් වේ. විශාද මට්ටම තීව්‍ර වෙද්දී  මොළයේ සිදුවන රසායනික වෙනස්වීම නිසා සිතුවිළි අසාමාන්‍ය වෙයි. මෙම අසාමාන්‍ය සිතුවිලි අතරට දිවිනසා ගැනීමේ සිතුවිළිද එකතු වේ. එයට අමතරව සමහර මානසික රෝග නිසාද සියදිවි හානිකර ගැනීමේ සිතුවිළි ඇතිවේ. ඒ සඳහා නිසි ප්‍රතිකාර සහ උපදේශන ලබා ගැනීම මගින් සාමාන්‍ය තත්වයට පත්වීමට හැකි බව බොහෝ දෙනා නොදනිති. තමාට සියදිවි හානිකර ගැනීමට නිතිර නිතර සිතුවිලි ඇතිවේ නම්, ඒ සඳහා අනුගමනය කළ යුතු උපක්‍රම සොයා බලමින් සිටින්නේ නම් , තමාගේ දෛනික ජීවිතය අකර්මණ්‍ය වී ඇති නම් කළ යුතු හොඳම දෙය වහාම විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙත යෑමයි. 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම ,වැඩිහිටි අවවාද අනුශාසනාවන්ට අකමැතිවීම වැනි දේ නිසා සියදිවි හානිකර ගන්නන් තරුණ පරපුර අතර බහුලය. මව්පියන්ද දරුවන් හැදීමට උත්සහ ගන්නේ ඔවුන් නවයොවුන් වියට එළඹුනු පසුවය. එය සාර්ථක ක්‍රමයක් නොවේ. දරුවන් හැදීම දරුවා ඉපදීමට පෙර සිට කළ යුතුය. මාතෘ සායනයේදී ලැබෙන බොහෝ උපදෙස් දරුවාගේ කායික නිරෝගීතාවයට හේතුවෙයි. එහෙත් පූර්ව ප්‍රසව මනෝ උපදේශනයකට සහභාගි වීමෙන් කායික මානසික වශයෙන් නිරෝගී දරුවකු හදාවඩා ගන්නා ආකාරය දැනගත හැකි වෙයි. 

දිවිනසා ගැනීමට උත්සහ කරන්නන් තුළ ජීවන කුසලතා ඌනය.  නිවැරදි තීරණ ගැනීම, අවස්ථාවට අනුව හොඳම තීරණය තෝරා ගැනීම, අභියෝගයකට සාර්ථකව මුහුණදීම, දරාගැනීම, ඔරොත්තු දීම වැනි කුසලතා අතින් දුර්වලය. එවිට ප්‍රශ්නයක් , අභියෝගයක් ඉදිරියේ ඉතා ඉක්මනින් විශාදයට පත්වීම සිදුවිය හැකිය. පුද්ගලයන්ට මෙසේ වී ඇත්තේ ඇයි?

හේතුව නම් වැඩිහිටියන් දරුවන්ගේ ජීවන කුසලතා වර්ධනයට අවශ්‍ය පරිසරය සකසා නොතිබීමයි. දරුවන්ට වයසට ගැලපෙන ස්වාධීනත්වය ලබා නොදීම සහ තීරණ ගැනීමට අවස්ථාව ලබා නොදීම මින් ප්‍රධානය. සියල්ල තීරණය කර දරුවාට ඒවා  ක්‍රියාත්මක කිරීමට බල කිරීම වැඩිහිටියන් අතින් සිදුවෙයි. 

තමා ඇඳිය යුතු ඇඳුම, දැමිය යුතු පාවහන් පිළිබඳ මව්පියන්ගෙන් විමසන වයස 17– 18 වූ දරුවෝ උපදේශනයේදී  හමුවෙයි. එපමණක් නොව මවට පියාට මැදිව නිදාගන්නා විවාහවන වයස ආසන්නයේ සිටින දරුවෝද උපදේශනයේදී අරුමක් නැත. මෙවන් දරුවන් මවට මහත් සතුටකි. “ මං නැතුව එයාට මුකුත් කරගන්න බෑ. හැම දේටම මාව ඕනේ. තාමත් අපි දෙන්නා මැද නිදියගන්නේ“ යැයි මව උදම් අනයි. සත්‍ය වශයෙන්ම මේ සිටින්නේ ඉතාම අසාර්ථක අම්මා කෙනෙකි. වයස 18 ක තරුණ දරුවකුට ඉතාම සරල තේරීම් කරන්නටත් අම්මාගේ සහය අවශ්‍ය  වේ නම් එබඳු මානසික යැපීමක් ඇතිව දරුවා හදාවඩා ගත් මව දරුවාට කර ඇති හානිය බලවත්ය. මව්පියන් නැති මොහොතක දරුවාට තීරණයක් ගැනීමට සිදුවුවහොත් ඒ දරුවා පත්වන මානසික ව්‍යාකූලත්වය ඉතා විශාලය. ජීවන කුසළතා වල වැදගත්කම මනෝවිද්‍යාවේදී අවධාරණය කරන්නේ එහෙයිනි. ජීවන කුසලතා ලැබෙන්නේ ක්‍රීඩාවෙනි, සෞන්දර්යයෙනි, එදිනෙදා විඳින අත්දැකීම් වලිනි, කුඩා කළ සිටම ලැබෙන අභියෝග වලිනි, එකිනෙකා සමග මුහුණට මුහුණ ලා පවත්වන අන්තර් ක්‍රියා හේතුවෙනි.  මව්පියන් දරුවන් හදාවඩා ගත යුත්තේ ඒ සැමට දරුවා නිරාවරණය වන අයුරිනි.

වර්තමාන මව්පියෝ දරුවන්ට බය වෙති. ගුරුවරු ශිෂ්‍යයන්ට බයවෙති. මක්නිසාද? යත් අඩුපාඩුවක් වරදක් පෙන්වා තරවටුවක් කළහොත් දිවිනසා ගනු ඇතැයි බියට පත්වීමෙනි. ඒ සඳහා කිසිඳු බියක් ඇතිකර ගත යුතු නැත. එහෙත් අවවාද, තරවටු සිදු කරන ක්‍රමයක් ඇත. එනම් දරුවාගේ පැත්තෙන් දරුවාගේ මට්ටමෙන් ප්‍රශ්නය දෙස බලා ප්‍රශ්නය තේරුම් ගෙන. අවමන් අපයෝජන සහ හිංසනවලින් තොරව අවවාද කිරීමය. මව්පියන් දරුවාගේ යහපත සුබසිද්ධිය වෙනුවෙන් සිටින්නන් බව දරුවාට ඒත්තු ගැන්විය යුතුය. දරුවා තුළ මව්පියන් ගැන විශ්වාසය ඇති කළ යුතුය.

ජීවිතය ප්‍රශ්න පත්‍රයකි. හැමෝට එක සමානවූ ප්‍රශ්න එහිදී ලැබෙන්නේ නැත. එම නිසා තමාට අනන්‍ය වූ ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ගැනීම තම වගකීමයි. තමාගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය යුත්තේ තමාමය. එයද ජීවත් වෙමින්ය. අප ලියන නිවැරදි හැම පිළිතුරකින්ම ආලෝකමත් වන්නේ අපේම ජීවිතය බව වටහා ගැනීමට දරුවා හුරුකරවන වගකීම දෙමව්පියන්ට වැඩිහිටියන්ට ඇත. ඒ සඳහා ඔවුන් අනවරතයෙන් උත්සහ කළ යුතුය. අනාගත පරපුර කායික මානසික වශයෙන් ශක්තිමත් පුද්ගලයන් කිරීම එමගින් සිදුවනු ඇත. දිවිනසා ගැනීම් අඩුවීමට එය බලපානු ඇත. දිවිනසාගැනීම කිසිම ප්‍රශ්නයකට පිළීතුරක් නොවන බව තේරුම් ගැනීමටත් එමගින් හැකිවනු ඇත. 

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

 

Share201Tweet43
Previous Post

සුභාවිත ගී කලාව වෙනුවෙන් කැපවුණු ලස්සන දොස්තර නෝනා

Next Post

අවසන් කලු කොටියා හමුවීමි

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.