ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන අද දහවල් (23) අභාවප්‍රාප්ත වූවාය..
මිය යන විට 92වන වියෙහි පසුවූ ඇය දෙදරු මවකි. ජාත්‍යන්තර කීර්තිට පත් ප්‍රවීණ නර්තන ශිල්පී දිවංගත චිත්රසේනයන්ගේ බිරිඳ ද වේ.
නර්තනය පිළිබඳව හසල දැනුමක් ඇති ඇය එම කලාව සිය සැමියා සමග ලොව වටා ගෙන යාමට කටයුතු කළ අතර ඒ නිසාම ඇයගේ උඩරට නර්තනයට ඇති හැකියාවට සහ එය ප්‍රචලිත කිරීමට ගත් කැපවීමසම්මානයෙන් උදෙසා 2020වසරේදී ඉන්දියාවේ පද්මශීු සම්මානයෙන් පුද ලැබුවාය.
උඩරට නර්තනයට මෙන්ම බටහිර බැලේ නර්තන ශිල්පයටද එකසේ හපන්කම් ඇති වජිරා එහි කූඨාප්‍රාප්තියට සමිප වු ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව ලෙස හැඳින්වේ
කලා භූෂණ, දේශබන්දු දේශාභිමානී ආදී මෙරට පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මාන සෑම එකක්ම ඇය හිමිකරගෙන ඇති අතර නර්තනය සම්බන්ධයෙන් චිත්‍රසේන වජිරා යුවල පුරාවෘත්තයක් ලෙස සැලකේ.
කරදිය සහ නලදමයන්ති මුද්‍රා නාට්‍ය ඇයගේ නර්තනයන්ගෙන් ශෝභාමත් වූ අයුරු බොහෝ ප්‍රේක්ෂකයන් ගේමතකයේ පවතී.
ඇය කළුතර බාලිකා විද්‍යාලය සහ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි
දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ලෙක් කනත්ත පොදු සුසාන භූමියේදී හෙට (25) පස්වරු 4.00ට සිදුකෙරේ.







