මනම්පිටිය නිමල් ජයරත්න –
-
ජනාධිපති වෙන්න නාමල් තාම ලපටියි…. මගේ පළමු දෙවැනි සහ තුන්වැනි තේරීම රනිල් වික්‍රමසිංහ…
-
අරගලයේ දි අපේ නායකයෝ අපිව දාලා පලා ගියා… අපි බේරගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා…
නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක කම වැනි බැරෑරුම් වගකීමටක තවමත් මුහුකුරා ගොස් නැති බැවින් තමන්ගේ පළමු දෙවැනි සහ තෙවැනි තේරීම ස්වාධින අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කීවේය.
අරගලයක් පවතින මොහොතක තමන්ගේ නායකයන් පලාගිය බවත්, එහිදී තම නිවාස සහ ජීවිත බේරා ගැනීමට සිටි එකම නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ පැවසූ ප්‍රසන්න රණතුංග කිවේ මෙතෙක් රටේ නායකයා ලෙස පත් වූ පුද්ගලයින්ගෙන් නායකත්ව ලක්ෂණ නොමැති බවය. එවැනි නායකත්ව ලක්ෂණ සහිත එකම තැනැත්තා රනිල් වික්‍රමසිංහ බවය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) සවස කදුරුවෙල රාමදා හෝටලයේ දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් ආසනබල මණ්ඩලය අමතමිනි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් කතා කළ ප්‍රසන්න රණතුංග පැවසුවේ මේ මොහොතේ රට ආර්ථික අතින් ගොඩ ගැනීමට නම් පලපුරුදු අත්දැකීම් තිබෙන නායකයෙක් පත්කළ යුතු බවත්, ඒ සඳහා සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බවය,
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක නාමල් රාජපක්ෂ ට ජනාධිපති වරණයට ඉල්ලීම සඳහා තවමත් කල් පවතින ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේය.
පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, පක්ෂය නොව රට වෙනුවෙන් සිතා බලා තමන් ද රනිල් වික්රමසිංහෙට සහාය දැක්වීමට තීරණය කර ඇති බව මෙහිදී කතා කරමින් ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.
ඔහු පැවසුවේ එදා සිට මේ දක්වා අප රටේ පාලනයට පත්වුණු නායකයින්ගේ නායක ලක්ෂණ නොමැති බවය. මේ මොහොතේ රට වැටී තිබෙන තත්ත්වයෙන් බේරා ගැනීමට නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යැයි ප්‍රසන්න රණතුංග පැවසුවේය.
අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන බල මණ්ඩලයේ සහාය මෙවර ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහට ලබාදීමට ඒකමතිකව තීරණය වූයේය.
මෙම ආසන බල මණ්ඩල රැස්වීම සඳහා මින්නේරිය, මැදිරිගිරිය,පොළොන්නරුව,යන ආසන තුනේ පළාත් සභා, ප්‍රාදේශීය සභා හිටපු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.







